(මනෝප‍්‍රිය ගුණසේකර සහ හර්ෂණ තුෂාර සිල්වා)
කොරෝනා වසංගත සමයේ ලීසීං ණය වාරික ගෙවීමට රජය ලබාදුන් සහන නොසලකා හරිමින් වාහන අත්පත් කරගත් ලීසිං සහ වෙනත් මුල්‍ය සමාගම් වලට එරෙහිව වාහන සොරකම් කිරීම හෝ කොල්ලකෑම යටතේ නෛතික පියවර ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයා සියලුම පොලිස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබාදී ඇත.
රජය ලබාදුන් සහන කාලසීමාව තුලදී ලීසීං ණය වාරික ගෙවීම් පැහැර හැරි බව පවසමින් වාහන අත්පත් කරගෙන ලීසිං සහ වෙනත් මුල්‍ය සමාගම් විසින් පැමිණිලි කිරීමට පොලිස්ථාන වලට පැමිණියහොත් අපරාධ නීතීය යටතේ කටයුතු කරන ලෙසද වැඩ බලන පොලිස්පතිවරයා සියලුම පොලිස්ථානාධිපතිවරුන්ට වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇත.
ලීසීං ණය වාරික ගෙවීම් පැහැර හැරි බව පවසමින් වාහන අත්පත් කරගැනීම සදහා ලීසිං සහ වෙනත් මුල්‍ය සමාගම් විසින් ඉදිරිපත් කරන පැමිණිලි බාර නොගන්නා ලෙසටද වැඩ බලන පොලිස්පතිවරයා සියලුම පොලිස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබාදී ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක සදහන් වේ.
‘කොවිඞ් 19’ හෙවත් කොරෝනා වසංගතය ලංකාවේ ව්‍යාප්ත වීමත් සමඟ රටපුරා ඇදිරි නීතීය ක‍්‍රියාත්මක වු බවද ඒ සමඟ ජනතාවට වු අපහසුතා මඟහැරවීම සදහා රජය විවිධ සහන ලබාදුන් බවත් පුද්ගලික ණය වාරික ගෙවීමට සහන ලබාදෙමින් මාර්තු 23 දිනැතිව ජනාධිපති ලේකම්වරයා විසින් චක‍්‍රලේඛනයක් නිකුත් කර ඇති බවද අවධාරණය කරන වැඩ බලන පොලිස්පතිවරයා කෙසේ වෙතත් රජය ලබාදුන් සහන නොසලකා හරිමින් ණය වාරික ගෙවීම පැහැර ඇති බව සදහන් කරමින් වාහන අත්පත් කරගැනීමට ඇතැම් ලීසිං සහ මුල්‍ය ආයතන කටයුතු කරන බවට පැමිණිලි ලැබී ඇති බවද සදහන් කර ඇත.
ලීසීං ණය වාරික ගෙවීම් පැහැර හැරි බව පවසමින් වාහන අත්පත් කරගැනීම සදහා ලීසිං සහ වෙනත් මුල්‍ය සමාගම් විසින් ඉදිරිපත් කරන පැමිණිලි සටහන් කරගැනීමට පෙර ඒ සම්බන්ධයෙන් පරික්‍ෂා කර බලා රජය විසින් ලබාදුන් කාලසීමාවට අයත් පැමිණිලි බාරනොගන්නා ලෙස උපදෙස් ලබාදී ඇති වැඩ බලන පොලිස්පතිවරයා ලීසීං ණය වාරික ගෙවීම් පැහැර හැරි බව සදහන් කරමින් වාහන අත්පත් කරගත් ලීසිං සහ වෙනත් මුල්‍ය සමාගම් වලට එරෙහිව වාහන සොරකම් කිරීම හෝ කොල්ලකෑම යටතේ නෛතික පියවර ගන්නා ලෙසද වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් ඡන්ද ගුණ්ඩුවක්ද?
මේ ක්‍රියාවලියට පොලිසිය රින්ගුවාම සම්බන්ධයි. සීසර්ලාගෙන් කන බොන වාහන සේල් කාරයන්ගෙන් කන බොන පොලිස් නිලධාරින්ටත් නීතිය ක්‍රියාත්මක කරන්න.
අශ්වයා ගියාමවත් ඉස්ථාලය වැහුවාට සර්ලාට පින්...
කොල්ලකෑමේ නීතියයි, මිනිමැරුම් නීතියයි තමයි රටේ හැමතැනම හොඳටම පෙනෙන්න තියෙන්නේ..
කලින්ම දැනුවත් කරන්නයි තිබුණේ... පව්, අහිංසක ජීවිතයක් නැතිකළා.
ඉතාමත් අගනා තීරණයක්. !!! ඒත්, නිද්‍රාශීලීව සිටි නීතියේ දෙව්දුවනි, ඔබ නින්දෙන් අවදිවී දුර දක්නා නුවණින් ක්‍රියා කළේ නම්, මොන තරම් අගනේද ? මින්පසු ඔබගේ යුතුකම් නොපිරිහෙළා ඉටුකරනු මැනවි !!!
නිකන් කතා විතරයි.. බන්දුල කිව්වේ මුදල් මණ්ඩලයෙන් තමයි මේ ආයතන වලට දැනුම් දෙන්න ඕන කියලනේ. ආණ්ඩුවට මුකුත් කරන්න බෑ කියලනේ.. එතකොට මේ කියන ඒවා කොච්චර දුරට නීත්‍යානුකූලද? අන්තිමට ආයෙත් හිරවෙන්නේ අසරණ වෙන මිනිස්සු... නිකන් බොරු තාවකාලික කතා නැතුව ප්‍රායෝගික නීති හදන්න. නැත්තම් ඉතින් හරියට හාල් මාෆියාව ඉස්සරහ ජෝකර්ලා වුනා වගේ දෙයක් මේකෙත් වෙන්නේ..
නියමයි.. නමුත් මේ වගේ තීරණයක් ගන්න ජීවිතයක් බිලිගන්න තුරුම ඉන්න වීමයි කණගාටුව. කොරෝනා තත්වය යටතේ නොව කිසිම තත්වයක් යටතේ මූල්‍ය සමාගම් වලට සීසර්වරුන්ගේ සහාය ලබා නොගෙන රටේ පවතින නීතිය යටතේ කටයුතු කිරීමට අණ කරන්න. මොන කාලයක ආවත් සීසර්ලා හැමදාමත් කලේ මිනිස්සුන්ට වද හිංසා දීලා වාහන පැහැරගත්ත එකයි. මෙය අනියම් ක්‍රමයකින් මැරයින්ට බලපත් දීමක් ලෙසයි මම නම් දකින්නේ. රටේ පවතින නීති පද්ධතිය තුළ මේ සඳහා නීති නොමැති නම් නවනීති පනවා හෝ රටේ පොදු නීතිය යටතට මේවා ගෙනඑන්න.
මෙවැනි තත්වයක් අැතිවීමට හේතුව තමයි අධිකරණ ක්‍රියාමාර්ග මගින් මෙවැනි ගැටලු විසඳා ගැනීමට ගතවන අධික කාලය හා වියදම... ඉතින් උසාවි ගිහින් නීතිඥයින්ට මුදල් ගෙවමින් කල්මරනවාට වඩා පහසුයි එම මුදල මැර කල්ලියකට ගෙවලා තමන්ගේ අවශ්‍යතාව වහාම ඉටු කරගැනීම... මගේ පියා ඉඩමකට බෙදුම් නඩුවක් දැම්මා. ඒකේ තීන්දුව ලබාගන්න අවුරුදු 30ක් ගතවුණා. නඩුවට සම්බන්ධ වැඩිහිටි පිරිස් සියලු දෙනාම දැන් මියගිහින්... පැරදුණු පාර්ශවය අභියාචනා කරලා එම අභියාචනා නඩුවට දැන් අවුරුදු 10ක් පමණ ගත වෙලා. නඩු භාණ්ඩ වශයෙන් උසාවිවල අවුරුදු ගණන් ගොඩ ගසා තිබෙන වාහන, දැව ආදිය දිරාපත් වෙන හැටි උසාවියකට යන ඕනෑම කෙනෙක්ට දැකගන්න පුළුවන්...
අශ්වයා ගියපසු ස්ථාලය වසාදැමීම....
ගැසට් නිවේදනයක් නම් පිළිගන්න තිබුණා. පොලිසි වලින් ඇහුවම කියයි අපිට එහෙම උපදෙස් ලැබිලා නැහැ කියලා...
දැන් තමයි...
ඕකත් නිකන් අඩුවට හාල්, සැමන් දෙන්න කිව්වා වගේ තමා.. ඕකෙන් උස්සන එක නවතින්නේ නෑනේ. මේ කියලා තියෙන එකෙන් වෙන්නේ නොකියාම උස්සන් යන එක. අන්තිමට තව අසරණ වෙන්නේ ඇරියස් තියෙන මිනිස්සුන්මයි...
ඔය ඔක්කොම බොරු සෝබන.. යථාර්ථය හුගක් වෙනස්...
අයියෝ සිරිසේන... නැහැ නන්දසේන..
කවුරු මොනවා කිව්වත් කල්බදු ගිවිසුමක් ඇත්නම් වාරික නොගෙවන වාහන නීතියට අනුව අත්පත්කරගත හැකියි. රජය ප්‍රකාශ කළ සහන කාලය තුළ කල්බදුවලට වාරික නොගෙවීම මත අත්පත් කරගැනීම නොකළයුතු නම් ඒ බවත් නීත්‍යානුකූල ප්‍රකාශයක් මගින් සිදුවියයුතු බව මගේ අදහසයි. පුවත්පත් ප්‍රකාශ නීත්‍යානුකූල ප්‍රකාශ ලෙස පිළිගත හැකිද? මහ බැංකු චක්‍රලේඛනය නීත්‍යානුකූල ලියවිල්ලක් ලෙස නීතිය පිළිගන්නවාද? නීති අංශමගින් පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙමි...