ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර දේවස්ථානයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් අද (12) සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
සිකුරාදා දේව මෙහෙය පැවැත්වෙන අතරවාරයේදී මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.
කාබුල් නුවර ෂෙර් ෂාහ් සූරි දේවස්ථානයට ප්‍රහාරය එල්ල වී තිබෙන අතර එම අවස්ථාවේදී එහි දේව මෙහෙය පැවැත්වූ ආගමික නායකයා සහ යාඥාවලට සහභාගී වී සිටි තිදෙනකු මියගිය බව ඇෆ්ගන් බලධාරීහු කීහ. තවත් පිරිසක් මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූහ.
කිසිවකුත් ප්‍රහාරය වගකීම බාරගෙන නොතිබූ අතර කෙසේ නමුත් මෙම ප්‍රහාරය හෙළාදකිමින් තලේබාන් සංවිධානය නිවේදනයක් නිකුත් කර තිබිණි.
ඒ.එෆ්.පී.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන දෙයියන් යදින දේවස්ථානයකද?
ඔවුන් අයි.එස්.අයි.එල් තුරන් කර ඇති බවට රජයෙන් මෙම ප්‍රවෘත්ති සහ පුවත්පත් සාකච්ඡාවක් තිබියදීත්, ඔවුන් එවැනි නවීන මෙහෙයුම් සිදු කරන්නේ කෙසේද?
වර්තමානයේ මිනිසා තමන් දියුණු යැයි පාරම් බාමින් සිටියත්, ඔහු ලැබූ හා ලබාඇති දියුණුව කුමක්ද..? වර්ග වාදය, ආගම් වාදය, කුලමල භේදය, දුගී හා ධනවත් භේදය ආදී වශයෙන් මිනිස් සමාජය භේද භින්න වී පවතී. මෙය ලොවපුරා අඩුවැඩි තරමින් පවතිනු පෙනේ. නවීන දියුණුවත් සමග බෝම්බ හා නවීන අවිආයුධ යොදාගෙන මිනිසා තමන්වම විනාශ කරගන්නා ආකාරය ඉතාමත් ශෝකජනකය. කොරෝනා වලට බෙහෙත් සෙව්වත්, මිනිසාගේ මේ නොමිනිස් ගතිවලට ඔසු නැත. මිනිසාගේ විනය හික්මීම වැනි දේ ඔහුට ලැබෙනුයේ සියලු අංශවල උසස් කලාවෙනි. මේවාට ඕනෑතරම් උදාහරණ ඇත. ආයුධවලින් විරුද්ධ කරුවන් මෙල්ල කිරීම තාවකාලික පිළියමකි. එහෙත්, මිනිසා සංවේදී අයෙකු, අනුන්ගේ දුක හඳුනන අයෙකු බවට පත්කිරීමට වෙර වැඩීම ප්‍රශ්නයට සදාකාලික විසඳුම වන්නේය. එය එසේ නොවේ යයි කෙස් පැලෙන තර්ක දෙන ඊනියා උගතුන් තරම් ලොවට හානි කරන්නන් තවත් නැත...
අනිත් ආගමිකයන්ට කරපු ඒවගෙ ප්‍රතිඵල ලැබෙනවා වාගේ.
ඉස්සර දියුණු ශිෂ්ඨාචාරයකට උරුමකම් කියපු රටක්... අරාබියෙන් ආපු කහල ගොඩවල්වලට කරගහන්න ගිහින් තමයි නැති නාස්ති වුනේ.