ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර දේවස්ථානයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් අද (12) සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
සිකුරාදා දේව මෙහෙය පැවැත්වෙන අතරවාරයේදී මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.
කාබුල් නුවර ෂෙර් ෂාහ් සූරි දේවස්ථානයට ප්‍රහාරය එල්ල වී තිබෙන අතර එම අවස්ථාවේදී එහි දේව මෙහෙය පැවැත්වූ ආගමික නායකයා සහ යාඥාවලට සහභාගී වී සිටි තිදෙනකු මියගිය බව ඇෆ්ගන් බලධාරීහු කීහ. තවත් පිරිසක් මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූහ.
කිසිවකුත් ප්‍රහාරය වගකීම බාරගෙන නොතිබූ අතර කෙසේ නමුත් මෙම ප්‍රහාරය හෙළාදකිමින් තලේබාන් සංවිධානය නිවේදනයක් නිකුත් කර තිබිණි.
ඒ.එෆ්.පී.
055
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
කාබුල් නුවර දේවස්ථානයකට බෝම්බ ප්‍රහාරයක්
Gamini Friday, 12 June 2020 07:45 PM
මොන දෙයියන් යදින දේවස්ථානයකද?
Saman NYC Friday, 12 June 2020 08:32 PM
ඔවුන් අයි.එස්.අයි.එල් තුරන් කර ඇති බවට රජයෙන් මෙම ප්‍රවෘත්ති සහ පුවත්පත් සාකච්ඡාවක් තිබියදීත්, ඔවුන් එවැනි නවීන මෙහෙයුම් සිදු කරන්නේ කෙසේද?
සමිත සේනක අලුත්ගමගේ. Saturday, 13 June 2020 02:22 AM
වර්තමානයේ මිනිසා තමන් දියුණු යැයි පාරම් බාමින් සිටියත්, ඔහු ලැබූ හා ලබාඇති දියුණුව කුමක්ද..? වර්ග වාදය, ආගම් වාදය, කුලමල භේදය, දුගී හා ධනවත් භේදය ආදී වශයෙන් මිනිස් සමාජය භේද භින්න වී පවතී. මෙය ලොවපුරා අඩුවැඩි තරමින් පවතිනු පෙනේ. නවීන දියුණුවත් සමග බෝම්බ හා නවීන අවිආයුධ යොදාගෙන මිනිසා තමන්වම විනාශ කරගන්නා ආකාරය ඉතාමත් ශෝකජනකය. කොරෝනා වලට බෙහෙත් සෙව්වත්, මිනිසාගේ මේ නොමිනිස් ගතිවලට ඔසු නැත. මිනිසාගේ විනය හික්මීම වැනි දේ ඔහුට ලැබෙනුයේ සියලු අංශවල උසස් කලාවෙනි. මේවාට ඕනෑතරම් උදාහරණ ඇත. ආයුධවලින් විරුද්ධ කරුවන් මෙල්ල කිරීම තාවකාලික පිළියමකි. එහෙත්, මිනිසා සංවේදී අයෙකු, අනුන්ගේ දුක හඳුනන අයෙකු බවට පත්කිරීමට වෙර වැඩීම ප්‍රශ්නයට සදාකාලික විසඳුම වන්නේය. එය එසේ නොවේ යයි කෙස් පැලෙන තර්ක දෙන ඊනියා උගතුන් තරම් ලොවට හානි කරන්නන් තවත් නැත...
සමිත සේනක අලුත්ගමගේ Saturday, 13 June 2020 07:48 AM
අනිත් ආගමිකයන්ට කරපු ඒවගෙ ප්‍රතිඵල ලැබෙනවා වාගේ.
IrfanSaturday, 13 June 2020 04:25 PM
ඔයා අදහන ආගම මොකක් වුණත් ඔයාගේ මනුස්සකම මොන වගේද කියලා නම් කමෙන්ට් එකෙන් පේනවා මහත්මයා...
saman Sunday, 14 June 2020 08:17 AM
ඉස්සර දියුණු ශිෂ්ඨාචාරයකට උරුමකම් කියපු රටක්... අරාබියෙන් ආපු කහල ගොඩවල්වලට කරගහන්න ගිහින් තමයි නැති නාස්ති වුනේ.