(විනීතා එම් ගමගේ)
පාසල් නැවත ආරම්භ කිරීමේ දී පාසල තුළ සිසුන් ඒකරාශි වීම හෝ කණ්ඩායම් ගැසීම වැළැක්වීම සඳහා පාසල් විවේකය එකම අවස්ථාවක නොදී වෙන වෙනම දෙන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය පාසල් බලධාරීන් වෙත උපදෙස් දී තිබේ.
පන්ති කාමරය තුළ දුරස්ථභාවය පවත්වා ගත හැකි ප්‍රමාණයටපමණක් සිසුන් යොදන ලෙසත්, පාසල් ආරම්භයේ දී හෝ අවසානයේ දීත් ඒකරාශි වීමට හෝ කණ්ඩායම් ගැසීමට ඉඩ නොතබන ලෙසත් දැනුම් දී තිබේ.
සිසුන් දෙදෙනෙකු අතර පරතරය මීටර් එකක් දුරස්ථ ලෙස තබා ගැනීම සඳහා ඩෙල් පුටු හා පන්ති කාමරය සකස් කර ගන්නැයි ද පන්ති කාමරයේ ප්‍රමාණ්‍ය අනුව යෙදිය හැකි උපරිම සංඛ්‍යාව ඉක්මවා නොයන පරිදි කටයුතු කරන්නැයි ද පාසල් ප්‍රධානීන් වෙත දන්වා ඇත.
පාසල් විද්‍යා පරික්ෂණ සහ දන්ත සායන නැවත දැනුම් දෙන තුරු නොපවත්වන ලෙසත් රැස්වීම් ස්පර්ශගත ක්‍රීඩා අධ්‍යාපන චාරිකා, ස්පර්ශගත විෂ්‍ය භාර ක්‍රියාකාරකම් හෝ සිසුන් කණ්ඩායම් ලෙස ඒකරාශි විය හැකි අවස්ථා වැළැක්වීමටත් කටයුතු කරන ලෙස ද පාසල් ප්‍රධානීන් ට දැනුම් දී තිබේ.
පුද්ගල දුරස්ථ භාවය පවත්වාගෙන යාම සඳහා සිසුන් ගමන් ගතයුතු දිශාව ඊතල මගින් පෙන්වා දීම හා එකිනෙකා ස්පර්ශ වීමට ඇති අවස්ථාවන් අවම කිරීමට ද කටයුතු කරන්නැයි එම උපදෙස්වල සඳහන් ව ඇත.
වැසිකිල කැසිකිලි භාවිතයේ දී මීටර් එකක දුරස්ථභාවය පවත්වාගෙන යා යුතු බැවින් එක් සිසුවකු වැසිකිලි කැසිකිලි භාවිතයෙන් පසු පිටතට පැමිණි පසු තවත් අයෙක් එහි යායුතු බවට සිසුන් දැනුවත් කරන්නැයි ද වැසිකිලි වැඩි සංඛ්‍යාවක් ඇති විට පුද්ගල දුරස්ථභාවය තබා ගැනීමට සිසුන්ට උපදෙස් දෙන්නැයි ද පාසල් බලධාරින්ට උපදෙස් දී තිබේ.
අත්‍යවශ්‍ය අවස්ථාවක දී කාර්ය මණ්ඩලය සඳහා පමණක් රැස්වීම් පැවැත්වීම හා සාකච්ඡා සංවිධානය කිරීම හා එවන් අවස්ථාවල දී දුරස්ථභාවය රැකෙන පරිදි අසුන් පැනවීම සිදුකරන ලෙසත් එම උපදෙස්වල සඳහන් වේ.
මව්පියන් පාසල් ගේට්ටුව අසල රැඳී සිටීමෙන් වළක්වා ගැනීමටසහ වරකට මව්පියන්ගෙන් එක් අයෙක් පමණක් පාසලට එන ලෙස දැන්වීමට ද කටයුතු කරන්නැයි පාසල් බලධාරින්ට උපදෙස් දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පන්ති කාමරයක තියෙන අත්‍යවශ්‍ය දේ සමග මීටරයේ පරතරයට ඩෙස්පුටු තිබ්බොත් ළමයි දාන්න වෙන්නේ බාගයයි.. ඔය එක නීතියක්වත් ප්‍රායෝගික නැහැ. ඔය නීති නිසා නම් කොරෝනා පාලනය වෙන්නේ නැහැ. තව ටික කලක් ගිහින් පාසල් පටන් ගත්තා නම් මොකද වෙන්නේ..?
මේක විකාරයක්. පන්තියක උපරිම සීමාව 35ක් කියලා ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කරලා තිබුණාම එය උල්ලංඝනය කරන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයයි. සාමාන්‍ය ක්‍රමයට අඟලක පරතරය තියා ගන්න බැරිව ඉන්න කොට කොහොමද මීටරයක පරතරය තියාගන්නේ.., අමාත්‍යාංශයෙ උපදෙස් විහිළු සහගතයි. උපදෙස් වල හැටියට එක් පන්තියක ළමුන් දාන්න දැන් තියෙන ආකාරයේ පන්ති 2ක් වත් අවශ්‍යයි. එතකොට සෑම පාසලකටම දැන් තියෙනවා වගේ දෙගුණයක් පන්ති හා අවශ්‍ය උපකරණ ඔනේවෙනවා. හැබැයි අමාත්‍යාංශයට පොඩ්ඩක් ක්‍රියේටිව් විදියට හිතුවා නම් අවම වශයෙන් පාසල කණ්ඩායම් 2කට බෙදා සතියට දින 3ක්, සවස 4 වෙනකන්, සෙනසුරාදා ඇතුලුව පාසැල් පැවැත්විය යුතුයි. එවිට ගුරුවරුන්ට අමතර ගෙවීමක්ට ගෙවන්න වෙයි. ඉගැන්වීමේ ගුණාත්මක බව අමාත්‍යාංශය අධීක්ෂණය කළ යුතුයි. ටියුෂන් ගුරුවරු මේ වැඩපිළිවෙල කොහොම හරි කඩාකප්පල් කරන්න උත්සාහ කරයි. එහෙම කඩාකප්පල් කරන විදියේ වැඩපිළිවෙලක් ආවොත්, පරණ ටියුෂන් ඔස්තාර්ලාත් සපෝට් එකට බලයේ ඉන්නවනේ. හැබැයි අධ්‍යාපනයේ වෙනසකටත් හොඳ අවස්ථාවක් මේක...
ඇත්තටම මේ වගේ ප්‍රායෝගික නැති තීන්දු තීරණ ගන්නේ වැස්සකටවත් ලංකාවේ පාසලකට ගොඩවෙලා නැති අයම වෙන්න ඕනේ...
අදහස නම් අගනේය... නමුත් අපේ පාසැල් වල ඒ සඳහා පහසුකම් තිබේදැයි ඔබලා විමසුවේද..? මීටරයක පරතරකයට සිසුන් ඇතුළත් කරන්නේ නම් පන්ති කාමරයකට ඇතුළත් කල හැකි උපරිම සිසුන් ගණන 10ක් හෝ 12ක් වැනි ගණනකි. සාමාන්‍යයෙන් එක් පන්ති කාමරයක සිසුන් 40ක් 45ක් පමණ සිටිති. එවිට අනිකුත් සිසුන්ට සිදුවන්නේ කුමක්ද? වැසිකිලි සහ කැසිකිලි පහසුකම්ද එසේමය. බොහොමයක් පාසැල්වලට සාමාන්‍ය තත්වයෙදීත් අවශ්‍ය තරමට එම පහසුකම් නැත. (නාගරික සහ ජනප්‍රිය නොවන පාසැල්) වැඩ පිලිවෙල විවේචනය කරනවා නොව ගැටළුකාරී තත්වයන් පෙන්වාදීමට ගත් හුදු උත්සාහයක් පමණි. අපටද අවශ්‍ය වන්නේ හැකි ඉක්මනින් පාසැල් විවෘත කරනවා දැකීමයි.
අදහස හොඳයි. එමනිසා පංති කාමර ඉඩ මදි නිසා සෙනසුරාදා දවසත් පාසල් පවත්වා තතදබදය අඩු කළානම් හොඳයි නේද?
මේවා වෙන්නේ නැති වැඩ... මේ නීති පනවන ආණ්ඩුවත් දන්නවා. ඒවා නොකෙරෙන වැඩ කියලා. අපි උපදෙස් දුන්නා කියන්න තමයි මේ බොරු කියන්නේ. අද මම දැක්කා රාගමදී කොළඹට යන කෝච්චිය හරක් පටවලා වගේ. මොන මීටරේද? එකා පිට එකා... මේ වගේ බොරු කියන බොරුවෙන්ම ජීවත් වන රටක් මම දැකලා නැත.
ඇතැම් පාසල්වල ගිලන් කාමර තබා ළමුන්ට ඉගෙන ගැනීමට හිසට වහලක් සහිත පංති කාමරවත් නැහැ..
මහඅයට කියන්න ලෙහෙසියි. කිසිම පහසුකමක් නැති පාසල් මේ රටේ මොනතරම් තියෙනවද?