IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


‘’කොරෝනා මර්දනයට ලැබුණු විදේශ මුදල් ගැන නිවැරදි තොරතුරු වහාම රටට හෙළි කරන්න’’

(නිමල කොඩිතුවක්කු)

කොරෝනා මර්දනයට ලැබුණු විදේශ අරමුදල් පිළිබඳ නිවැරදි තොරතුරු වහාම රටට හෙළිකරන්නේ රජයෙන් ඉල්ලා සිටින බව බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
 
පාර්ලිමේන්තුව අක්‍රියව පවතින මොහොතක රටේ මූල්‍ය ගනුදෙනු පිළිබඳ පාරදෘශ්‍ය භාවය ආරක්ෂා කිරීම රජයේ වගකීමක් බවද බවද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී  අද(14) මාධ්‍ය වෙත  විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව පැවසීය.
කොරෝනා වසංගතය ගෝලීය වසංගත තත්ත්වයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශ පත් කිරීම හේතුවෙන් ලොව පුරා රටවල්, සංවිධාන සහ ආයතන කොරෝනා මර්දනය සඳහා හදිසි අරමුදල් ප්‍රදානයන් රැසක් මෙරටට සිදුකළ බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පෙන්වා දුන්නේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ඍජුවම මෙරටට ලබා දී ඇති ආධාර මුදල අමෙරිකානු ඩොලර් මිලියන 1.9ක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය සහ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිවේදනය කරනු ලැබූව ද ගැටලුව වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබාදුන් නිර්දේශ මත වෙනත් රටවල් , සංවිධාන සහ ආයතන මගින් ලැබුණු ආධාර මුදල් පිළිබඳ රජය නිවැරදි පැහැදිලි කිරීමක් නොකිරීම බව ඒ මහතා සදහන් කළේය.
 
පාර්ලිමේන්තුව ද අක්‍රීයව පවතින මොහොතක, රටේ මූල්‍ය කටයුතු පිළිබඳ පාරදෘශ්‍ය භාවයකින් යුක්තව කටයුතු කිරීම රජය ට පැවරී ඇති පැහැර හැරිය නොහැකි වගකීමක් බව ද රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

2017 වසරේ දී චීනයේ ව්‍යාප්ත වූ සාර්ස් වසංගතයත් සමඟ ගෝලීය වසංගත තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ලෝක බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 500 ක විශේෂ අරමුදලක් පිහිටු වන ලද බවත් මෙරට රජය විසින් එම අරමුදලින් ද කොරෝනා වසංගතයට මුහුණ දීම ආධාර ඉල්ලා ඇති බවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වවික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
 
මීට අමතර ව  ලෝක බැංකු ආධාර යටතේ යටතේ ම ක්‍රියාත්මක “COVID-19 Emergency Response and Health System Preparedness Project” ( COVID-19 හදිසි ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති සැකසීමේ ව්‍යාපෘතියෙන්) මේ වන විටත් ශ්‍රී ලංකාවට මූල්‍ය පරිත්‍යාගයක් හිමි වී ඇති බවද ඔහු සදහන් කළේය.
 
දැනට පවතින තත්වය අනුව ශ්‍රී ලංකාවේ ජනතාවගේ ආදායම් මට්ටම් බිඳවැටීම සහ අපේක්ෂිත ආර්ථික වර්ධන වේගයන් කරා ළඟා වීමට අපොහොසත් වීම යන කරුණු මත බොහෝ රටවල්, සංවිධාන සහ ආයතන මෙරටට ආධාර කිරීම සඳහා ඉදිරිපත්ව ඇති බව ද  වික්‍රමසිංහ මහතා පැවසීය.
 
ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලද අමෙරිකානු ඩොලර් මිලියන 1.9 ක පරිත්‍යාගය ට අමතරව  ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව මෙන්ම යුරෝපා සංගමය සහ එහි සාමාජික රටවල් ද ඇතුළුව විදේශ රටවලින් සහ සංවිධානවලින් සෘජු මූල්‍ය දායකත්වයන් රැසක්ද මෙරටට හිමිව ඇති බවත් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොරෝනා වෛරසය ගෝලීය වසංගතයක් බවට ප්‍රකාශයට පත්කිරීමෙන් පසු එම නිර්දේශ පදනම් මෙරටට හිමි වූ  මූල්‍ය පරිත්‍යාගයන් පිළිබඳ පැහැදිලි විස්තරයක් රටට ඉදිරිපත් කිරීමට ආණ්ඩුවක් පියවර ගත යුතු බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

 

 



අදහස් (16)

‘’කොරෝනා මර්දනයට ලැබුණු විදේශ මුදල් ගැන නිවැරදි තොරතුරු වහාම රටට හෙළි කරන්න’’

maheel Sunday, 14 June 2020 10:18 AM

මට නම් මතකයි මීට සති කීපයකට කලින් කිව්ව ස්කල්සල්ලි වෙන්වුණාට මුදලක් තාම ලැබිලා නෑ.. මුදල් වශයෙන් කියලා. ඒවා ලැබෙන්නෙත් මාස ගාණක් ගිහින් කියලත් කිව්වා...

:       25       197

rama Sunday, 14 June 2020 10:46 AM

ඉස්සෙල්ලා කියන්නකෝ මහ බැංකුවෙන් ගත්ත සල්ලි වියදම් කළ විදිහ.. ඊට පස්සේ මේක කියන්නම් මේ සල්ලි හමුවුණේ කොරෝනා වසංගතයට.. මහ බැංකුවෙන් සල්ලි ගත්තේ හේතුවක් නැතිව..

:       356       577

vishakaSunday, 14 June 2020 11:14 AM

මහ බැංකුව ගැන කියවනවා. ඔයගොල්ලන්ගේ ආණ්ඩුවක්නේ තියෙන්නේ. හොයලා හිරේ දාන්නකෝ.

:       343       1275

p.d goonawardena Sunday, 14 June 2020 11:15 AM

ඉස්සෙල්ලා කියන්නකෝ මහ බැංකුවෙන් ගත්ත සල්ලි වියදම් කළ විදිහ.. ඊට පස්සේ මේක කියන්නම්...

:       18       266

VINIVIDA Sunday, 14 June 2020 02:48 PM

කොරෝනා මර්ධනයට ලැබුණු විදේශ මුදල්වලට සිදුවූයේ සුනාමි මුදලට සිදුවූ දෙයමද? ජනතාවගේ මෙම සැකය එක්සත් ජාතික පක්ෂයේ නායකවරයා ජනතාව වෙනුවෙන් රජයෙන් විමසා ඇත. එයට පිළිතුරු ලබාදීම රජයේ වගකීමකි. කෝවිඩ්-19 මර්දනයට ලෝක සෞඛ්‍ය සංවිධානය, ලොව පුරා රටවල්, සංවිධාන සහ ආයතන කොරෝනා මර්දනය සඳහා හදිසි අරමුදල් ප්‍රධානයන් රැසක් මෙරටට ලැබිණි. සුනාමියේදී ලැබුණු මුදල් තැන්පත් කෙරුනේ කොහෙද? එම මුදල් වියදම් කලේ 2005 මැතිවරණයට පමණක් නොව "LTTE " සංවිධානයට මුදල් ලබාදී උතුරු, නැගෙනහිර ඡන්ද වැළැක්වීම සඳහාත් කටයුතු කළබව දන්නෝ දනිති. මහබැංකු බැඳුම්කරයේ මුදල් සියල්ල රුපියල් කොටි 12ක් මේවනවිටත් මහබැංකුවේ ඇත. මෙම මහබැංකු බැඳුම්කර කතාවට අවසානයක් ලබාදීමට මහබැංකුවට හැකියාව පවතී. එනම් මෙම කෝටි 12ක් මුදල මහබැංකුවේ සුරක්ෂිතව තිබෙන බව වර්තමාන මහා බැංකු අධිපති හෝ මහබැංකුව මගින් රටේ ජනතාවට විද්‍යුත් මාධ්‍ය මගින් සහ පුවත්පත් දැන්වීමක් මගින් වගකීමෙන් ප්‍රකාශය ලබාදිය යුතුවේ. එක්සත් ජාතික පක්ෂයට මේ චෝදනා එල්ල වන නිසා එම පක්ෂය නිවැරදි බව සනාථ කිරීමට මහා බැංකුව මගින් මේ පිළිබඳ ප්‍රකාශය රටට ලබාදීම පියවර ගත යුතුවේ.

:       131       1871

lankaSunday, 14 June 2020 03:41 PM

දන්නෝ දනිති. නමුත් නොදන්නෝ නොදනිති. ඒ නිසා සාක්කි ඇතිව කතා කරන්න.

:       0       0

maheelSunday, 14 June 2020 04:34 PM

මහින්ද කොටින්ට සල්ලි දීලා උතුරේ ඡන්දෙ නතර කළාද? අපරාදේ මගේ පළවෙනි ඡන්දෙ මෛත්‍රී රනිල් ඩබලට යහපාලනෙට දුන්නේ. බැරිවෙලාවත් 2005 රනිල් ජනාධිපති වුණා නම් ප්‍රභාකරන් තාම සුවිසයිඩ් බෝම්බ එවනවා. මහින්ද මේ වගේ මොලෙන් ගේම් දෙන සුපර් වැඩ්ඩෙක් කියලා මං හිතුවේ නැහැනේ...

:       0       9

Prabha Sunday, 14 June 2020 12:06 PM

විපක්ෂයේ ඉන්නකොට කවුරු කවුරුත් රටට හරි ආදරෙයි.

:       60       452

rocky Sunday, 14 June 2020 12:12 PM

ඊටත් ඉස්සෙල්ලා කියන්නකෝ ‘සේවිං හම්බන්තොට‘ සුනාමි සල්ලි වලට වෙච්චි දේ.

:       24       1176

isurandi Sunday, 14 June 2020 01:32 PM

මේ ඔක්කොම හොරු... එහෙන් මෙහෙට බෝලෙ දානවා... මෙහෙන් එහෙට බෝලෙ දානවා... අපි අපි මරාගන්නවා පාට කණ්ණාඩි දාගෙන...

:       10       42

ISURU Sunday, 14 June 2020 01:33 PM

සුනාමියට ලැබුණු සල්ලිවලට වුණු දේමයි වෙලා තියෙන්නේ...

:       7       1055

ගැමුණු Sunday, 14 June 2020 04:30 PM

පළමුව මැතිවරණ ජයග්‍රහණය... දෙවනුව නව අමාත්‍ය මණ්ඩලය සහ පාර්ලිමේන්තුව රැස්වීම... ඉන්පසුව, අදාල විවාදයේදී විෂය භාර ඇමතිවරයා විසින් ඔබගේ ප්‍රශ්නයට පිළිතුරු දෙනු ඇත. එතෙක් ඉවසන්න...

:       0       2

විකුම් Sunday, 14 June 2020 04:50 PM

එකල හොරු අල්ලනවා යයි කියමින් සිටි යහපාලනය නම් වූ රජයක් විය. ඔවුන්ගේ ධුර කාලය තුළ ඇල්ලු හොරෙක් නැත. නමුත්, 'හොරු' යන වචනය ඉතා හොඳින් ජනගත කෙරිණි.. එක්කෝ හොරු නොසිටියහ. නමුත් අප රටේ ලේඛනගත විශාලම හොරකම වන්නේ මහබැංකු මංකොල්ලයයි. මොන තර්ක ඉදිරිපත් කළත් ඒ අවමානයෙන් කිසිදා මිදිය නොහැකිය..

:       0       3

chandima Sunday, 14 June 2020 10:03 PM

අර මහ බැන්කුවෙන් විදපු සල්ලි වලට කරපු දේත් අමතක කරන්න එපා.

:       0       13

mp Monday, 15 June 2020 01:10 AM

මහ බැංකුව කොල්ල කෑ ඔහෙලා දැන් මේ කතා කරන්නේ මොන කටෙන්ද? විලිලැජ්ජා නැතුව කතා කරනවා.

:       8       26

kamalMonday, 15 June 2020 12:36 PM

කෝ මෙයාලත් ඇවිල්ලා මහබැංකු හොරු ටික ඇල්ලුවද? ඒකට හේතුව 2011 සිට මෙය සිදුවී ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31698 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14162 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11124 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 200 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1126 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 312 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site