IMG-LOGO

ගුවන්තොටුපළ අගෝ. 1 ට පෙර විවෘත කරන්න රජයේ අවධානය

( තිළිණි ද සිල්වා )

කටුනායක ගුවන්තොටුපල ලබන අගෝස්තු 01 වෙනිදාට පෙර විවෘත කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප‍්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා අද (14) පැවසීය.

එසේම කටුනායක ගුවන්තොටුපල සංචාරකයන්ට විවෘත කිරීමට පෙර ,  යළි මෙරටට පැමිණිමේ අපේක්ෂාවෙන් සිටින සියලූ දෙනා ගෙන්වා ගන්නා බවද අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේ අගෝස්තු 01 වෙනිදාට පෙර විදේශගත ලාංකිකයන් මෙරටට ගෙන්වීම අවසන් කල හැකි වනු ඇති බවය.

දැනටමත් 10,000ක් විදෙස්ගත ලාංකිකයින් මෙරටට ඇවිත් නිරෝධායනය වන බවත්, තවත් 20,000 ආසන්න පිරිසක් ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටියද , මෙරට නිරෝධායන මධ්‍යස්ථාන තුල පවතින ඉඩකඩ අනුව ගෙන්වා ගැනීම සිදුවන බවද ඇමතිවරයා කීවේය.

සංචාරකයන් සඳහා ගුවන්තොටුපල විවෘත කිරීමෙන් පසු මෙරට කණ්ඩායම් ලෙස සංචාරකයන් ගෙන්වීමට අවධානය යොමුකර ඇති බවත් ,එලෙස පැමිණෙන සියලූම සංචාරකයන් අනිවාර්යෙන්ම පී.සී.ආර් පරීක්ෂාවකට ලක්විය යුතු බවද කීවේය.

එම පරීක්ෂණයේ ප‍්‍රතිඵලය අනුව ඔවුන්ට රට තුළ සංචාරයට සඳහා ඉඩලබා දීම තීරණට වන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

මෙම සංචාරකයින් නිරන්තරයෙන් සෞඛය අංශ පරීක්ෂාවට ලක් කිරීමේ ක‍්‍රමවේදයක් සංචාරක සංවර්ධන අධිකාරිය හරහා සිදු කෙරෙන බව කී සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ සංචාරකයින්ට හිතුමතේ රට තුළ සංචාරය කළ නොහැකි බවය.



අදහස් (3)

ගුවන්තොටුපළ අගෝ. 1 ට පෙර විවෘත කරන්න රජයේ අවධානය

mihira Sunday, 14 June 2020 12:37 PM

ඔව් ඡන්දේ දාන්න 14ක නිරෝධායනයකටත් එන්න ඕනෑ නේද?

:       0       0

SAMANSunday, 14 June 2020 10:49 PM

ගුවන්තොටුපළ අගෝ. 1ට පෙර විවෘත කරන්න, පැමිණෙන මගින් PCR පරීක්ෂණ සඳහා යොමු කරන්න... ලෝකයේ සෑම රටකම කරනු ලබන පරීක්ෂණවල ප්‍රතිඵල නිවැරදි නැත..

:       5       0

මල්ලිකා සුමුදු Sunday, 14 June 2020 07:03 PM

අනේ එපා. මේක දිවයිනක්, ආරක්ෂා කර ගනිමු. අපිට කොරෝනා බෝකරන්න එපා...

:       101       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 608 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 337 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site