ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ලොවට මුලින්ම අනතුරු ඇඟවූ චීන වෛද්‍යවරයා වන ලී වෙන්ලියෑන්ගේ බිරිඳ පුතකුට උපත ලබා දී ඇත.
නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් වෛද්‍ය ලී වෙන්ලියෑන්ග් අනතුරු ඇඟවූ අවස්ථාවේ දී ඔහු පොලිස් අත්අඩංගුවට ද පත්විය. වෛද්‍ය ලී ‘‘අසත්‍ය තොරතුරු’’ පතුරුවා හරින්නේ යැයි පොලිසිය මෙන්ම ඇතැම් බලධාරීහු ද චෝදනා එල්ල කළහ. වෛද්‍ය ලී ගේ බිරිඳි වන ෆු ෂූජී ‘‘වීචැට්’’ ඔස්සේ අලුත උපන් බිළිඳුන්ගේ ඡායාරූපයක් ප්‍රසිද්ධියට පත් කර තිබූ අතර ‘‘පුතු’’ තමන්ට වෛද්‍ය ලීගෙන් ලැබුණු අවසන් තෑග්ග යැයි ද සඳහන් කර තිබිණි.
වෛද්‍ය ලී ට ද, පසුව කොරෝනා වයිරසය ආසාදනය වූ අතර ඒ නිසා ඇති වූ සංකූලති හේතුවෙන් ඔහු මරණයට පත්විය.
අලුත් පුතුත් සමඟ වෛද්‍ය ලීගේ බිරිඳට දැන් පුතුන් දෙදෙනකි.
‘‘ස්වර්ගයේ සිටින ඔබට මෙය පේනවද ? ඔබ මට ඔබේ අවසන් තෑග්ගත් දුන්නා. මම ඔවුන් දෙදෙනාම ආරක්ෂා කරනවා. අපේ දරුවෝ දෙන්නටම මං ආදරෙයි’’ යැයි වෛද්‍ය ලීගේ බිරිඳ දැමූ සටහනේ දැක්විණි.
වෛද්‍ය ලීගේ මරණයත් සමඟ මහජනතාවගෙන් බලධාරීන්ට දැඩි විරෝධයක් එල්ල විය. එම විරෝධය හේතුවෙන් වෛද්‍ය ලී ගේ මරණයෙන් පසු ඔහුට ගෞරව ආචාර පිරිනැමීමට පියවර ගත් ආණ්ඩුව ඔහු ‘වීරයකු’ ලෙස නම් කළේය.
‘‘ලී කියන්නේ ඉතාම හොඳ වෛද්‍යවරයෙක්. ඒ වගේම ඉතාම හොඳ ස්වාමිපුරුෂයෙක්. ඔහු පවුලේ හැමෝටම ආදරෙයි. හොඳ තාත්තෙක්. අපේ පළවෙනි පුතාට ලී ගේ මරණය සඟවන්න වුණා. අපි පුතාට කිව්වේ, තාත්තා රට ගියා කියලා’’ යැයි වෛද්‍ය ලීගේ බිරිඳ ප්‍රාදේශීය පුවත් සේවයක් වන ‘ලිචි’ පුවත් සේවයට කීවාය.
වෛද්‍ය ලී ගේ මරණයෙන් පසු ඔහුගේ බිරිඳ විවිධ සෞඛ්‍ය ප්‍රශ්නවලට මුහුණ දී තිබෙන අතර නූපන් දරුවා ආරක්ෂා කරගැනීම සඳහා අවස්ථා කිහිපයකදීම රෝහල්ගතව ප්‍රතිකාර ලබාගෙන ඇත.
බී.බී.සී.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලී වෛද්‍ය තුමනි, මිහිබට දෙවියෙකු වන් ඔබ ඔබගේ දරුවන් බිරිඳට මෙන් ලොවටද හදවතින්ම ආදරය කළේය. එය ලොව ඇතැම් රටවල වරප්‍රසාද දිනා ගැනීමට වැඩ වරනා කොන්දොස්තර වරුන් වන් දොස්තරලාට හොඳ ආදර්ශයකි. ඔබ තනි පුද්ගලයෙකු වුවද, සැබැවින්ම ඔබ මහා වීරයෙකි. ඒ මන්දයත්, ඔබ මහා බලවත් රාජ්‍යයක අසාධාරණ පිළිවෙතට ලොව අපගේ යහපත පිණිස නොබියව වෙර දැරීය. එය ඔබගේ යහපතට හේතුවිය. ඒත්, ඔබ මනුෂ්‍ය සංහතිය වෙනුවෙන් අධිරාජ්‍යයක් තුට්ටුවකට මායිම් කළේ නැත. ඒ යුතුකම ඔබට ජීවිත තර්ජණයක්ද විය. ඔබගේ දිවි කවරෙකු හෝ උදුරා ගත්තා විය හැකිය. එය දැනදැනත් ඔබ අප වෙනුවෙන් යුතුකම ඉටුකලේය. ඔබ පරලොව සුවසේ වෙසෙනු ඇත. ඔබගේ වීර බිරිඳ හා දරුවන් දෙදෙනාද ලොවට වැඩ ඇති අයම බව අපි දන්නෙමු. ඔවුන්ට හා ඔබගේ නව බිලිඳාටත්,යහපතක්ම වේවා !!!
එතුමාගේ අලුත උපන් බිලිඳා කවදා හරි දවසක තම පියාණන් ගැන මහත් සේ ආඩම්බර වෙනු ඇත... අපගෙනුත් උණුසුම් සුබපැතුම් !!!
ප්‍රශස්ති කියන්න හොඳටම ගැලපෙනවා.. කඩේයන එක කොහොමත් පුරුදු කෙනෙක්...