( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
දුප්පතුන්ට ආධාර පිණිස යැයි සදහන් කරමින් නැගෙනහිර පළාත් ගුරුවරුන්ගේ ගුරු වැටුපෙන් කොටසක් අඩු කිරීම සඳහා නිකුත් කර ඇති චක්‍රලේඛය මඟින් තම සංගමයේ සාමාජිකයන්න්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි සඳහන් කරමින් , එම චක්‍රලේඛය අවලංගු කරන ලෙසත් , රුපියල් ලක්ෂ පහක වන්දි මුදලක් ලබා දෙන ලෙසද ඉල්ලා ලංකා ගුරු සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද(12) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී.
ලංකා ගුරු සංගමය, එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු, එහි ලේකම් ජෝසෆ් ස්ටාලින්, ගුරු වැටුප් කප්පාදුවට ලක්වූ නැගෙනහිර පලාත් ගුරුවරයෙකු වන පොන්නදුරෙයි උදයරූබන් යන මහත්වරුන් විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නැගෙනහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක කේ.එම් මන්සූර්, නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් ටී.පී.වනිගසිංහ, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් ,සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.
නීතීඥ ජගත් නානායක්කාර මහතා මාර්ගයෙන් ගොනු කළ පෙත්සමේ මෙසේද සදහන් වේ.
ඉකුත් මාර්තු 31 වැනිදා නැගෙනහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා. විසින් නැගෙනහිර පලාතේ දුප්පතුන්ට ආධාර කිරීම යනුවෙන් සදහන් චක්‍රලේඛයක් පලාතේ ගුරුවන්ට නිකුත් කරනු ලැබ ඇත.ඒ යටතේ අප්‍රේල් මාසය සදහා දිනක වැටුපක් කපා හැර ඇත.
ඒ යටතේ 4 වැනි පෙත්සම්කාර පොන්නතුරෙයි උදයරූබන් නැමැත්තාගේ මාසික වැටුපෙන් රුපියල් 1174.82 ක මුදලක් නොදන්වා කපා හැර ඇති බව දැන ගන්නට ලැබිණි.මීට අමතරව තවත් ගුරුවරු පිරිසක් ද මේ සිද්ධිය සම්බන්ධයෙන් පෙත්සම්කාර සංගමයට පැමිණිලි කර ඇත.
මෙසේ ගුරු වැටුපෙන් මුදල් කපා හැරීම මූලික අයිතිවාසිකම් කඩ වීමකි.
එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසද , නැගෙනහිර පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් නිකුත් කල ගුරු වැටුප් කප්පාදු කරන චක්‍රලේඛය ක්‍රියාත්මක වීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද , රුපියල් ලක්ෂ පහක වන්දි මුදලක් ලබා දෙන ලෙසද පෙත්සම්කාර සංගමය අධිකරණයෙන් ඉල්ලා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා නම් හිඟන වැඩ... රටක් පාලනය කරන්න මුදල් මෙහෙම හොයන්න පුළුවන්ද? ලොක්කෝ ලොකු මුදලක් තමන්ගේ වගේ ගිහිල්ලා දෙන්න අහිංසක මිනිස්සුන්ගේ වැටුපෙන් කපාගන්නා එක සාධාරණද?