IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


රූපවාහිනී වැඩසටහන නතර කළාට 80,000 ක් බැගින් වන්දි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මගින් විකාශය කළ "ඉරා අඳුරු පට" නැමැති වැඩසටහන හදිසියේ අතරමග නතර කිරීම තුළින් එම ආයතනය එම වැඩසටහනේ ප්‍රේක්ෂකයින් වූ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු කැඳවුම්කරු උවිදු කුරුකුලසූරිය ඇතුළු දෙදෙනෙකු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්  සිදුකර ඇතැයි තීන්දු කළ  ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම්කරුවන් දෙදෙනාට රුපියල් 30, 000/- බැගින් වන්දි මුදල් ගෙවන්නැයි  රජයට  නියෝග කරන ලදී.

තවද  පෙත්සම්කරුවන් දෙදෙනාගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන්  රුපියල් 50,000 බැගින් වන්දි ගෙවන්නැයි අදාළ පෙත්සම් වල දෙවැනි වගඋත්තරකරු ලෙස නම් කර සිටි ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ආරියරත්න ඇතුගල මහතාටද අධිකරණය නියෝගය කළේය.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු කැඳවුම්කරු යූ.එන්.එස්.පී. කුරුකුලසූරිය සහ ජේ.කේ.ඩබ්ලිව් .ජයසේකර යන මහත්වරුන් දෙදෙනා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක විභාගය අවසන් කරමින් ප්‍රියන්ත ජයවර්ධන සහ එල්.ටී.බී.දෙහිදෙණිය යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුන්ගේ එකඟත්වයෙන්  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අළුවිහාරේ මහතා  මෙම  තීන්දුව ලබා දෙන ලදී.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන්  ලෙස ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව , එවකට එහි සභාපති ධූරයේ කටයුතු කළ ආචාර්ය ආරියරත්න ඇතුගල , එවකට සිටි ජනමාධ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා , හිටපු ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර , ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල , නීතිපති ඇතුළු 7 දෙනෙකු නම් කරනු ලැබ තිබිණි.

පෙත්සම්කරුවන් සිය පෙත්සම් වලින් සඳහන් කර සිටින්නේ  2008 වසරේ නොවැම්බර් මස 4 වන දා විකාශය කෙරුණු "ඉරා අඳුරු පට" නැමැති වැඩසටහන අතරමග හදිසියේ නතර කර දැමීමට එවකට රූපවාහිනි බලධාරීන් පියවර ගත් බවයි.

මේ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට තිබෙන මූලික මිනිස් අයිතිය රූපවාහිනී බලධාරීන් විසින් උල්ලංඝනය කර තිබෙන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් පෙත්සම්කරුවන් සිය පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

දීර්ඝ නඩු විභාගයකින් පසුව ප්‍රියන්ත ජයවර්ධන, එල්. ටී. බී. දෙහිදෙණිය යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා විසින් තීන්දු කළේ මෙම ක්‍රියාව තුළින් රූපවාහිනී බලධාරීන් පෙත්සම්කරුවන්ගේ  මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවයි.

ඒ අනුව පෙත්සම්කරුවන් දෙදෙනාගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් අදාළ වන්දි මුදල් ගෙවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය වගඋත්තරකාර පාර්ශව වලට නියම කෙරිණි.

 



අදහස් (1)

රූපවාහිනී වැඩසටහන නතර කළාට 80,000 ක් බැගින් වන්දි

Sunil Milano Thursday, 18 February 2021 08:34 AM

මේ මහත්වරුන් තවමත් ජීවතුන් අතරද?

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 276 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 87 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 780 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site