(රොමේෂ් මධුෂංඛ)
යාපනය කුසුමන්තුරේයි මුහුදු තීරයේදී කේරළ ගංජා ජාවාරමේ නිරතවූවන් සොයා කළ විශේෂ සෝදිසි මෙහෙයෙමුකදී රුපියල් කෝටි එකහමාරකට අධික කේරල ගංජා කිලෝ 103 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් කුසුමන්තුරෙයි වෙරල ප්‍රදේශයේදී ඊයේ (13) දින සිදුකරන ලද සෝදිසියකදී පුද්ගලයින් පිරිසක් විසින් ඩිංගි යාත්‍රාවක් මගින් කිසියම් ද්‍රව්‍යක් වෙරලට රැගෙනවිත් රැගෙන යන අයුරු නිරීක්ෂණය වීමෙන් පසුව අදාල ස්ථානය වැටලීම සිදු කල අතර එහිදී සැකකරුවන් විසින් පොහොර ගෝනි දමා පැමිණි ඩිංගි යාත්‍රාවෙන් පලා යාමට උථ්සහ දරා ඇත.
අනතුරුව සැකකරුවන් විසින් දමා ගිය ස්ථානයේ පොහොර උරවල පාර්සල් 27 බහාලන ලද කේරලගංජා කිලෝ 57ක් හමු වී ඇත. එම අවස්ථාවේම ක්‍රියාත්මක වූ නාවික හමුදාව විසින් පලාගිය සැකකරුවන්ගේ ඩිංගි යාත්‍රාවන් ලුහුබැඳ සැකකරුවන් දෙදෙනෙකු සමගින් අදාල ඩිංගි යාත්‍රාව අත්අඩංගුවට ගැනීමට හැකිවිය.
එහිදී පලා ගිය සැකකරුවන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් වලදී කැලෑබඳ ප්‍රදේශයන්හි සඟවා තිබූ තවත් පාර්සල් 13 ක සඟවා තිබූ කේරල ගංජා කිලෝ 46 ක් සොයාගැනීමට නාවික හමුදාව සමත් විය.
ඒ අනුව අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා සහා කේරල ගංජා කිලෝ 103 වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා යාපනය ඉලවාලෙයි පොලීසිය වෙතට භාර දීමට නාවික හමුදාව විසින් පියවර ගනු ලැබීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ නිෂ්පාදන තිබේ නම් රටේ සල්ලි පිට රට යන්නේ නැත.
නාවික හමුදාවට, අදාළ වැටලීම කළ නිලධාරීන්ට රට ජාතියේ ප්‍රණාමය... ! ලංකාදීප ඔන්ලයින් තීරය ඔස්සේ අපද කිහිපවිටක රටේ වෙරළ තීරයේ සිදුවෙන මෙවැනි දේ ගැන රට දැනුවත් කළා. රට වටා ඇති මුළු වෙරළ තීරය පුරා ආරක්ෂාව යොදවන්න. මේ මත්ද්‍රව්‍ය හරහා පිටරටවලින් කොරෝනා වයිරසය පැමිණෙන්නට පුළුවන්... එබැවින් රට හා රටේ ජනතාවගේ ආරක්ෂාව ඔබ අතේ ...