(මොහොමඩ් ආසික්)
විදෙස් රටවල විවිධ රැකියාවන් ගොස් කොවිඩ් 19 වසංගතය නිසා පීඩාවට පත්ව තම මව් රටට පැමිණිමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 40000න් 20000 කගේ වගකීම භාර ගැනීමට තමන් සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සහ ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායම් නායක කේ.ඩී.ලාල්කාන්ත මහතා කීය.
මහනුවරදී අද 12 පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ලාල්කාන්ත මහතා එසේ කීය.
මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ ලාල්කාන්ත මහතා මෙසේද කීය.
‘‘කොවිඩ් 19 ගැන සැලකීමේදී දැන් අප හමුවේ තියෙන ප්‍රබලතම ප්‍රශ්නය තමයි විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ප්‍රශ්නය. වග කිය යුතු පක්ෂයක් ජනතාවක් හැටියට විදෙස් රටවලට ගොස් රැකියාවක් කර දහ දුක් විදිමින් රටට වැඩිම විදේශ විනමයක් ගෙනත් දෙන මේ පිරිස අමතක කරල ඉන්න පුළුවන් කමක් නෑ. සමහර අය ඉන්නවා කොවිඩ් හැදුන අය මේ රටට ගෙන්වා ගන්න ඕන නෑ කියන පදනමෙන්.
නමුත් ඒක වැරදියි. මේවන විට ගුවන් තොටුපළ යම් කළමණාකරණයකට ලක් කර ගෙන තියෙන වෙලාවේ වහාම රජය මැදිහත් වෙලා මේ විදේශ රටවල්වල ඉන්න ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් රටට ගෙන්වා ගන්න ඕන. මේ රටේ ජනතාවත් රජයත් අතුළු සියලු දෙනා කැපවීම් කරලා මේවන විට ලෙඩේ යම් පාලනයකට ලක් කර ගෙන තියෙනවා. ඒ වගේම මේකටම සම්බන්ධ මේ විදේශගත ශ්‍රමිකයින් ගෙන්නා ගන්න අප වහාම මැදිහත් වෙන්න ඕන. බොහෝ දෙනා ඒ රටවල්වල අපා දුක් විඳිනවා.
හැබැයි ඒක අපිට තනියම කරන්න බෑ. අපි ලෑස්තියි ස්ථාන වෙන් කර ගන්න . ඒකට ආධාර උපකාර සොයා ගන්න මුල්‍ය පහසුකම් සොයා ගන්න. නමුත් සෞඛ්‍ය බලධාරීන් සම්බන්ධ කර නොගෙන ඒක කරන්න බෑ. ඒ සියලු සෞඛ්‍ය අංශ සම්බන්ධ කර ගෙන අපට පුළුවන් මේ අය බලාගන්න.
ඒ නිසා අප රජයට කියල තියෙනවා’ අපි ලෑස්තියි 20,000 ක් භාර ගන්න හැබැයි අපට ගුවන් තොටුපලෙන් සෞඛ්‍ය සම්බන්ධයෙන් කරන කටයුතු කරලා ගෙනවිත් දෙන්න එතැනින් පසුව විධිමත් ක්‍රමයකට අපට භාර දීලා රජයත් උදව් කරන්න. මේ වගේ බෑ කිව්ව දේවල් අපි මිට ඉස්සර කරල තියෙනවා.
සුනාමිය ආව වෙලාවේ මුහුදුබඩ දුම්රිය මාර්ගය ඇ.ඹරිලා කැඩිල ගිය වෙලාවේ ආණ්ඩුව කිව්වා මේක හදන්න අවුරුද්දක් යනවා කියලා.
ඉන්දියාවට දෙන්න සූදානම් වුණා අවුරුද්දකට මේක හදන්න. ඒ වෙලාවේ අපි මැදිහත් වෙලා ඒක භාර ගත්තා ඒ වෙලාවේ හිටපු ෆිලික්ස් පෙරේරා ඇමතිතුමා උදව් කළා.
අපේ වෘත්තිය සමිති අපි සම්බන්ධ වෙලා ප්‍රදේශයේ ජනතාවගේත් සහායෙන් අවුරුද්දක් ඕන කිව්ව දුම්රිය මාර්ගය දින 56 න් හැදුවා.පිටරටින් ඉංජිනේරුවරුන් ගෙනාවෙ නෑ. ඒ වෙනුවෙන් ඉන්දියාවට ගෙවන්න තිබුණ මුළු මුදලම අපි මේ රටට ඉතිරි කරල දුන්නා.‘‘ යැයිද කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව්... අපිට මතකයි සුනාමි ආපු වෙලාවේ කරපු ඉතා හොඳ වැඩ කොටස... ඇත්තටම දක්ෂ, වැඩ කරන්න පුලුවන් කට්ටියක් ඉන්නවා තමයි. අවස්ථාව ලැබුණොත් වැඩක් කරන්න පුලුවන් කණ්ඩායමක් ඔබට ඉන්නවා.
විශිෂ්ඨයි.. නමුත් ඇයි ඔබ ඡන්දෙ දවස කියනකම්ම හිටියේ ඕක කියන්න...
වසන්ත සමරසිංහ, සමන්ත විද්‍යාරත්න, සුනිල් හඳුන්නෙත්ති, බිමල් රත්නායක යන චරිතවලට මා වඩාත් ප්‍රියකරනවා. ඒත්, ජේ.වී.පී ප්‍රතිපත්ති හා අතීත ක්‍රියාකාරකම් වලට මා ආසා නැහැ. ලාල්කාන්තගේ අවේගශීලි වාග් විලාශය මාහට ජේවීපී අතීත ක්‍රියාකාරකම් මතකයට නංවනවා...
ඉතාමත් හොඳ දෙයක්... ආණ්ඩුව කොරෝනා විකුණාගෙන කන්න හදන්නේ නැත්නම් ආණ්ඩුවට පුලුවන් නියාමනයක් ඇතුව ඒ ඉල්ලීමට ඇහුම්කන් දීලා ඔවුන්ගේ සහාය ලබා ගන්න. හැබැයි ඔයදේ ඉටු නොවෙන බවට සහතිකයි. මොකද ආණ්ඩුව හිතන්නේ ඔවුන්ට ඡන්ද 20000 අහිමි වෙනවා කියලයි. ඕක තමයි තිත්ත වුණත් ඇත්ත...
වැඩේ නම් බොහොම හොඳයි... ඒත් ඇයි මහත්තයෝ ඡන්දෙට දින නියම කරන කල්ම හිටියේ ඔය තීරණය ගන්න.
කාලෙකට පස්සේ හොඳ ප්‍රවණතාවක්... මේක තමයි වෙන්න ඕනේ... විවේචනය කරකර ඉන්නවාට වඩා තමන්ගේ වැඩ කොටස ඉටු කරන්න ඉදිරිපත් වීම අගය කරනවා. ඒත් එකපාර 40000 කට නවාතැන් සැපයීම ප්‍රශ්නයක් නේද? ඇත්තටම මේ වෙලාවේ අසරණ වෙලා ඉන්න විදේශ ශ්‍රමිකයන් ඒ රටවල්වල ඉන්න පදිංචි වෙලා ඉන්න අපේම අය හරහා රැකබලා ගන්න උදව් කරන්න පුළුවන්. රජයටත් පුළුවන් ඒකට උදව් කරන්න...
3%ක් බැහැලා වැලේ වැල් නැතුව ඉන්න වෙලාවේ කීයක් හරි හොයාගන්න ක්‍රමයක් කල්පනා කරපු එක හොඳයි. මොවුන් හිතාගෙන ඉන්නේ 20,000 බාරගෙන මොනවා කරන්නද? රස්සාවල් දෙන්නද? නිරෝධායනය කරන එක රජය කොහොමත් කරයි. මැරෙන එකා කොහොමත් මැරෙයි. වෙන කරන්න දෙයක් නැහැ. රජයට පුළුවන් විදියට ඉන්න මිනිස්සු ගෙන්වා ගනියි. ඡන්දෙ ළඟ නිසා හොඳ හොඳ දේවල් මොවුන්ගේ ඔලුවට එන්නේ.
උදාහරණයක් ලෙස දේශපාලකයින්...
මාර වැඩ කාරයෙක්නේ... කඩෙන් බඩු ගෙනැල්ලා කෑම උයලා පිඟානකට බෙදලා බෙදලා අනලා ගුලිකරලා කටේ තිබ්බොත් හපලා දෙන්න බාරගන්නවා කියනවනේ...
වැඩේ හොඳයි. මාත් ඒකට කැමතියි. අපේ අයියෙකුත් ඉන්නවා කටාර්, ඌටත් එන්න පුළුවන්නේ. හැබැයි ඔය ගොල්ලොමයි කෑගැහුවේ එයාපෝර්ට් වැහුවේ නැහැ කියලා. අනික 20000ක් නිරෝධායනය කරන්න භාරගත්තට එයින් 5000ක් කොරෝනා පොසිටිව් වුනොත් මොකද්ද කරන්නේ? දොස්තරලා කියනවා එයාලට රෝහල්වලට දරාගන්න පුළුවන් 2000ක් උපරිම කියලා. ඒ මිනිස්සු කචල් දාන්න ගත්තොත් ඔක්කොම ඉවරයි.
ලොකු වගකීමක් ගන්නේ... නමුත් ආණ්ඩුව වැඩේට කැමැති නැහැ.. මොකද ඔය 20000 ඡන්දෙ දෙන්නේ ජවිපයට... ආණ්ඩුවට නම් ඔය 20000 පිටරට මළත් කමක් නැහැ... ලංකාවට ඇවිල්ලා ඡන්දෙ දෙනවට වඩා...
ජෙවිපෙ ගොන්කම හා අවස්ථාවාදීකම පමණමයි මෙම ප්‍රකාශයෙන් පෙනෙන්නෙම. පහුගිය කාලෙම කියෙව්වේ ගුවන්තොටුපල වැහුවේ නෑ කියලා. දැන් කියන්නේ ඇයි ගුවන්තොටුපල වහගෙන ඉන්නේ කියලා. හැමදාම වගේ ඔවුන් කියු දේ ඔවුන් දන්නේත් නෑ. ICU ඇඳන් 500 තිබෙන රටක අවධානම් සහගත ලෙස ඔවුන් රැගෙන ඒම හරහා සමස්ථ රටම අනතුරට හෙලීමක් සිදුවන්නේ...
මං හිතන්නේ මේක ආණ්ඩුවට කරන අභියෝගයක් කියලයි. ආණ්ඩුව අභියෝගය පිළිගන්නවා. මැතිවරණයට කලින් 40000ම ගෙන්වනවා ඔට්ටුයි.
අනිවාර්යයෙන්ම මේක කරන්න පුළුවන්.
ඒතා ඉතා හොඳයි.. රජය මීට උදව් කළ යුතුය.
අන්දරේගේ කතාවක් මතක් වුණා. ගල උස්සලා කරේ තිබ්බොත් ගෙනිහිල්ලා දෙන්නම් කිව්වලු..
මෙයාගෙ කතා අහන අය බුද්ධියෙන් කල්පනා කරලා බලන්න. මෙයාගේ කතාවත් අර අන්දරේ කිව්ව කතාව වගේ... කට්ටිය එකතුවෙලා ගල උස්සලා මගේ කරෙන් තියපං මං ගෙනිහින් ඈතට විසිකරන්නං කියලා. 20000ක් ගේන්න ගුවන් වාර කීයක් අවශ්‍යද? 20000ක් නිරෝධායනයට, කෙතරම් සේවක මණ්ඩලයක් උපකරණ, ආරක්ෂක ඇඳුම් කට්ටල ආදිය අවශ්‍යදැයි ගණන් හදාගෙන, බලන්න. මෙයා හිතාගෙන ඉන්නේ 3% ගෙවල්වල එක්කෙනා දෙන්න තියාගෙන නිරෝධායනය කරන්න දෙන්න එපා. මේ සෙට් එක ඡන්ද හිඟාකන්න පොර ටෝක් දෙනවා. මොලෙන් හිතාබලා මෙවැනි අය මාගේ මව්බිමින් සදාකාලයටම අතුගා දමන මෙන් බුද්ධිමත් ජනතාවගෙන් ඉල්ලා සිටිමි.
3% ට තව 40,000 ක් එකතු කර ගන්න අසරණ වුණු මිනිසුන් වහල් වෙන්දේසියේ විකුණන්න හදන්න එපා...
අන්දරෙත් කිව්වලු ගල උස්සලා කරෙන් තිබ්බොත් අරගෙන් යන්නම් කියලා...... මේ කථාවේ අරමුණු දෙකයි...... 1. ඡන්දෙ ලං වෙලා වැලේ වැල් නැතුව ඉන්න වෙලාවේ ලකුණු දමා ගැනීම,..... 2.ආණ්ඩුව ඔය කියන ගුලිය කාලා එකපාර දහස් ගණන් ගේන්න අරගෙන රෝහල් පද්ධතියට දරා ගත නොහැකි පරිදි රෝගීන් වැඩි වූ විගස, "ආණ්ඩුව අනාගත්තා" යැයි කීම.. එක රෝගියෙක්ගේ වගකීම හරි භාර දුන්නොත් අනිවා ඕන ඔට්ටුවක් දාන්නම්, කොරෝනා දෙවැනි රැල්ල පටන් ගන්නවා!..
උදෙන්ම ෂොට් එකක් දාගෙන වගේ.
කයිවාරු. ගුවන් තොටුපළ වැහුවේ නෑ කියලා මර ලතෝනි දුන්නා. වසංගතය පාලනය කළාට පස්සේ වැලේ වැල් නැතිවෙලා පස්සේ මරු කියවනවා. ඔය උන්නැහේලා ගැන මේ රටේ මිනිස්සු හොඳට දන්නවා. 3% තවත් අඩු වෙනවා මේ වතාවේ...
අන්දරෙත් ඔහොම කිව්වලු... වැඩේ උස්සලා දුන්නොත් අරගෙන යනවා කියලා..
යුද්දෙ කරනකොට යුද්දෙ නවත්තපල්ලා කියනවා. යුද්දෙ නැති කාලෙ යුද්ද කර පල්ලා කියනවා. ඒක තමයි ජේ.වී.පී න්‍යය. ඹ්වා පිලිගන්න මෝඩයින් දැන් මේ රටේ බොහොම අඩුයි.
මෙවගේ අවස්ථා වාදී දේශපාලනය කරන අය කොහෙවත් නැතිව ඇති මේ සැරේ %3ටත් කෙලවෙනවා...
ගොන්නු රැවටෙයි ඔය කතාවට. ගේන්නනේ වියදම් යන්නෙ ගොඩක්. ගෙනාවාම නිරෝධායනයට ලක්කරන්න ජ.වි.පෙ. මොකටද? වීරකම ඒ අයව ගේන එකයි.
Icu ඇඳන් 500ක් තියෙනවා කියන එක නියතයක් ද? ඒක වැඩි කරන්න බෑ ද?. වංචාව දූෂණය නැත්නම් මේ රටේ මොනවද කරන්න බැරි?
ජනතාව ගැන හිතන රට ගැන කතා කරන සත්‍ය මිනිසුන්
ජේවීපී ත්‍රස්තවාදය තිබුණු කාලේ මිනිස්සු දහස් ගානක් මැරෙද්දි ට්‍රාන්සෆෝමර් ගිනි තියමින් රටෙහි දේපළ ඉවක් බවක් නැතිව විනාශ කරපු උදවියට දැන් අතීතය අමතක වෙලා. මේ වතාවේවත් ඇප මුදල බේරාගන්න බලන්න. දැන් ජනතාව ඉතා බුද්ධිමත් බැවින් ඔය බේගල් ඇද බාලා වැඩක් වෙන්නේ නැහැ.
මේ කට්ටිය විශ්වාස කරන්න පුළුවන්ද? දහස් ගාණක් සිංහලයින් ඝාතනය වුණා නේද?
හලෝ ලාල් උන්නැහේ... ලංකා රජයටත් කොරෝනා ලෙඩ්ඩු දාන්න ඇඳන් 800 ලු තිබෙන්නේ... ඉන් හයසිය ගණනක් දැනටමත් පිරිලාලු. දැන් ඔබලාට 20000 නිරෝධායනය කරන්න ඇඳන් කොපමණ තිබෙනවාද? දොස්තරලා කීදෙනෙක් ඉන්නවාද? ඉස්පිරිතාල හෝ නිරෝධායන කරන්න පහසුකම් ඇති ගොඩනැගිලි කොපමණ තිබෙනවද? සෞඛ්‍ය සේවයේ පුහුණු කාර්යමණ්ඩලය කොපමණ ඉන්න වාද? මම දන්නා විදිහට එක දොස්තරයෙක් ඉන්නවා මිනිහත් ඩෙනිමක් ගහගෙන මඩ ගෑවෙයි කියලා බූට්ස් දාගෙන ෂෝ එකට කුඹුරක් හානවා. සෙල්ලම් බත් උයලා රටටම කන්න දෙන්නයි ලැහැස්තිය..