ලීටර් 18 ගෑස් සිලින්ඩරයට කැබිනට් අනුමැතිය ගෑස් සමාගම් විසින් වෙළඳ පොළට අලුතින් හඳුන්වා දෙන ලද ලීටර් 18 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1150 දක්වා අඩු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. 19 July 2021
නැවේ ගින්නෙන් මියගිය සතුන් ගැන පරීක්ෂණවලට විදෙස් සහය ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ ගින්නෙන් පසුව වාර්තා වූ කැස්බෑවන්, තල්මසුන්, ඩොල්ෆින් වැනි සත්වයින් මියයාම සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම සඳහා ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව රජය පවසයි. 19 July 2021
පොලිසියේ හැසිරීම ගැන ඇමැති - මැති මත ගැටුමක බත්තරමුල්ලේ ඉකුත්දා පැවැති ගුරු උද්ඝෝෂණයට සහභාගී වූ ගුරු සංගම් නියෝජිතයන් පොලිසිය මැදිහත්ව නිරෝධනයට යොමුකිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ රැස්වීමේදී මහජන ආරක්ෂක ඇමති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ඒ ඩි.ජගත් කුමාර මහතා අතර මත ගැටුමක් ඇති වූ බව වාර්තා වේ . 19 July 2021
අද ආසාදිතයන් 1,464ක් කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 484 දෙනකු අද (19) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 19 July 2021
“සරසවි හා උසස් අධ්‍යාපනයට අත තියන්න එපා’’ රටේ විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන කටයුතුවලට අත්තනෝමතික ලෙස මැදිහත්වීමෙන් වළකින්නැයි රජයෙන් ඉල්ලා සිටින බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සඳහන් කරයි. 19 July 2021
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට අයත් මැණික් ගල් තුනක් ලංකා බැංකුවේ තැන්පත් කරයි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පිහිටි කොල්ලුපිටියේ ගොඩනැඟිල්ලේ සියළු කටයුතු තාවකාලිකව නාරාහේන්පිට පිහිටි මැණික් හා ස්වර්ණාභරණ ආශ්රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශ භූමියට රැගෙන යාමට කටයුතු කළේය. 19 July 2021
කොවිඩ් මරණ 48ක් කොවිඩ් ආසාදිතවූ තවත් 48 දෙනකු ඊයේ (18) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (19) තහවුරු කළේය. 19 July 2021
විශ්වාසභංගයට විරුද්ධව සමගි බලවේගයේ දෙන්නකු ඡන්දෙ දෙනවා ඇමති උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් එක් කෙනෙකු හෝ දෙදෙනෙකු යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවැසීය . 19 July 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 980ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 980 දෙනෙක් අද (19) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 19 July 2021
කටානේ පොල්තෙල් මෝලෙන් ඩෙල්ටා ආසාදිතයෙක් කටාන ප්‍රදේශයේ පොල් තෙල් මෝලක සේවකයින් අතරින් කොරෝනා ආසාදිත වූ 18 දෙනෙකු ගේ ජෛව සාම්පල සම්බන්ධයෙන් ජයවර්ධනපුර රෝහලේ සිදුකළ වැඩිදුර පරීක්ෂණයකදී එක් අයෙකු ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයකු බව හෙළිවී ඇතැයි කටාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ ඒ යූ ටී කුලතිලක මහතා අද (19) පැවසීය. 19 July 2021
රිෂාඩ්ගේ ගෙදරදී මියගිය මෙහෙකාර දැරියට දිගින් දිගටම ලිංගික අතවර හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගේ නිවෙසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී සිරුරට ගිනි ඇවිලී මියගිය බාලවයස්කාර දැරිය කාලාන්තරයක් තිස්සේ ලිංගික අතවරයට ලක්ව සිටි බවට අධිකරණ වෛද්‍ය වාර්තාවේ සඳහන්ව ඇතැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවේ බොරැල්ල පොලීසිය ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවේ සඳහන්ව ඇත. 19 July 2021
දකුණේ දුම්රියවල මකුණු කරදරයට තිත සමුද්‍ර දේවි,සාගරිකා සහ රුහුණු කුමාරි දුම්රිය මැදිරිවල පැවැති මකුණු වදයට දිගුකාලීන විසඳුම් ලබාදීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක බව දුම්රිය ධාවන බලවේග උප දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු (ධාවන බල) කේ.ජී.එස් බණ්ඩාර මහතා පවසයි. 19 July 2021
‘‘ජනපතිගේ ප්‍රකාශය බරපතලයි‘‘ විශ්වවිද්‍යාල පනත සංශෝධනය කරන බවට ජනාධිපතිවරයා බෞද්ධ කටයුතු උපදේශන සභාව හමුවේ කළ ප්‍රකාශය බරපතළ සහ භයානක යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් පුබුදු ජාගොඩ මහතා පැවසීය. 19 July 2021
‘‘මහා භාණ්ඩාගාරයෙන් අමතර මුදල් ඉල්ලන්න එපා‘‘ මහා භාණ්ඩාගාරයෙන් අමතර මුදල් ප්‍රතිපාදන ඉල්ලිමෙන් වළකින්නැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමතිවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත . 19 July 2021
ජේලර්ගේ යතුරු පැදියේ කුඩු ත්‍රිකුණාමල බන්ධනාගාර ජේලර්වරයකු සිය යතුරු පැදියේ සඟවා මත්කුඩු රැගෙන රාජකාරියට යමින් සිටියදි අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව ත්‍රිකුණාමල මුලස්ථාන පොලිසිය කියයි. 19 July 2021
සිව්ල් ආරක්ෂකයා නීති විරෝධි වැඩක් කරලා මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවක් සන්තකයේ තබාගෙන සිටි ගල්කුලම සිවිල් ආරක්ෂක බළකා කදවුරට අනුයුක්තව 5 කණුව උප කදවුරේ රාජකාරි කළ සිවිල් ආරක්ෂක භටයකු අත්අඩංගුවට ගත් බව ශ්‍රිපුර පොලිසිය කියයි. 19 July 2021
’’ජනතාව ගැන සිතා තෙල් මිල අඩු කරන්න’’ ජනතාව ගැන සිතා තෙල් මිල අඩු කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවත් ඉන්ධන සම්බන්ධයෙන් මිල සූත්‍රයක් හඳුන්වා දුන් අවස්ථාවේදී මේ අය එදා හිනා වුණු බවත් සමගි ජන බලවේගයේ පත් කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේ දී අද (19) පැවසීය. 19 July 2021
කොතලාවල පනත 3වැනිදා පාර්ලිමේන්තුවට කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත ලබන මස තුන් වැනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත . 19 July 2021
කතරගම ජනතාවගෙන් අඳෝනාවක් ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යයට උරුමයක් ඇති කතරගම ප්‍රදේශවාසී ජනතාවට පෙරහර නැරඹීම තහනම් කොට කොළඹ ඇතුළු දුරබැහැර ප්‍රදේශයන්හි ජනතාවට පෙරහර නැරඹීමට ඉඩ ලබාදීම පිළිබඳව පිළිකුල් සහගතව හෙලා දකින බව ප්‍රදේශවාසීහු පවසති. 19 July 2021
පො.එ.පෙ ප්‍රධාන ලේකම් කපන්න බැරි අත සිප ගනී බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට ඉල්ලා අස්විය යුතු බව කීවත් විපක්ෂයට අවශ්‍ය පරිදි අස්කිරීමට ඉඩ දෙන්නේ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතීඥ සාගර කාරියවසම් මහතා පැවසීය. 19 July 2021
දුමින්ද නාගමුවගේ පෙත්සම ඉල්ලා අස්කරගනී පල්ලෙකැලේ ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා සිටි සිය සැමියා වහා අධිකරණය හමුවට ඉදිරිපත් කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ගේ බිරිය විසින්ගොනු කර තිබූ හබයාස්කෝපුස් පෙත්සම අභියාචනාධිකරණයේදී අද ( 19)ඉල්ලා අස් කර ගන්නා ලදී. 19 July 2021
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයට නව ආඥාපතිවරයෙක් යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ නව ආඥාපතිවරයා වශයෙන් මේජර් ජනරාල් ටී ජේ කොඩිතුවක්කු මහතා අද (19) සුභ මොහොතින් වැඩ බාරගත්තේය. 19 July 2021
‘දරුවන්ගේ අධ්‍යාපනය අඩාල කරන්න එපා‘ රටේ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල කර ඔවුන් පීඩනයකට ලක්කිරීම සාධාරණ නැති නිසා මාර්ගගත අධ්‍යාපන කටයුතු යළි ආරම්භ කරන්නැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා රටේ සියලුම ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කළේය. 19 July 2021
කොළඹ ආසාදිතයන්ගෙන් සියයට 30කටම ඩෙල්ටා කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන කොවිඩ් ආසාදිතයින්ගෙන් සියයට 20ත් 30ත් අතර ප්‍රතිශතයක් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනයවූවන් විය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය . 19 July 2021
කොතලාවල පීඨයේ ස.කළමනාකාරවරිය හයවන මහලින් වැටී මරුට රත්මලාන කොතලාවල ආරක්ෂක පීඨ ගොඩනැගිල්ලක පාමුල තිබී එහි වෛද්‍ය පීඨයේ සහකාර කළමනාකාරවරියකගේ සිරුර සොයාගත් බව ගල්කිස්ස පොලිසිය පවසයි. 19 July 2021
මෘදුකාංග ඉංජිනේරුවාගේ සිරුර නිවාස සංකීර්ණය පාමුල තලාහේන හල්බරාව ඕකිඩ් උද්‍යානය සුපිරි නිවාස සංකීර්ණයක පදිංචිව සිටි මෘදුකාංග ඉංජිනේරුවරයකුගේ සිරුර එම නිවාස සංකීර්ණය පාමුල වැටී තිබියදී හමුවූ බව මුල්ලේරියාව පොලිසිය කියයි. 19 July 2021
අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් ගුරු හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත්කරන ලෙස බලකරමින් ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති 17ක් ඒකාබද්ධව බත්තරමුල්ල ඉසුරුපායහි පිහිටි අධ්‍යපන අමාත්‍යාංශය ඉදිරිපිට අද (19) පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත වූහ. 19 July 2021
ඊළඟ පාරත් මා එනවා:ජනපති රහසක් හෙළි කරයි ජනාධිපතිවරණයට නැවතත් ඉදිරිපත් වීමට තමා බලාපොරොන්තුව වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ පැවැසීය. 19 July 2021
‘‘විශ්වාසභංගය කැබිනට් මණ්ඩලයටම ගෙන ආ යුතුයි‘‘ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව මුළු කැබිනට් ඇමැතිවරුන්ටම එරෙහිව ඉදිරිපත් කරන යෝජනාවක් ලෙස සංශෝධනයක් ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය. 19 July 2021
‘එතිහාඩ්‘ ගුවන් සේවය ලංකාව ඇතුළු රටවල් 5ක මගීන් රැගෙන යාම නවත්වයි නව කොවිඩ් ප්රභේදයන් පැතීරීයාම හේතුයෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් පහක ගුවන් මගීන් රැගෙනයාම තාවකාලිකව අත්හිටුවීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එතිහාඩ් ගුවන් සේවය තීරණය කර ඇත. 19 July 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026