
(යොහාන් භාසුර)
විදෙස් හෙද සහ සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ රැකියා අවස්ථා වෙනුවෙන් හෙද සහ සෞඛ්‍ය සත්කාර සේවා පුහුණුව සඳහා මාලබේ ප්‍රදේශයේ නව හෙද පුහුණු අධ්‍යාපන ආයතනයක් පිහිටුවීමට පියවර ගෙන තිබේ.
ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ අධික්ෂණය යටතේ ක්‍රියාත්මක එම ආයතනයේ පාලක මණ්ඩලක සහ උපදේශක මණ්ඩලයට පත්වීම් ලිපි භාරදීම රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
විදෙස් රටවල පවතින හෙද සේවයේ ඉල්ලුමට සරිලන යාවත්කාලීන වූ පාඨමාලා ආරම්භ කරමින් විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන නිපුණ ශ්‍රමිකයින් විදේස් ගතකිරිමට අවස්ථා මෙමගින් හිමිවන අතර අන්තර්ජාතික පිළිගැනිමක් ඇති හෙද සේවයේ උසස් ඩිප්ලෝමා සහතිකය මෙම ආයතනය හරහා ප්‍රදානය කිරිමට නියමිතය.
මෙරට පවතින පුද්ගලික අංශයේ රෝහල් සමග එක් වෙමින් පාඨමාලා අවසානයේදී රැකියාගත පුහුණු අවස්ථාද ලබාදීමට සැලසුම් කර තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙද සේවයට උපාධිය දෙන්න යනකොට දොස්තරලා නේද විරුද්ධ වුණේ..? ඒ දවස්වල ඒක කෙරෙන්න ඇරියා නම් හෙද සේවයේ අයට ඒ අදාළ රටේ විභාගය ගන්න විතරයි තියෙන්නේ. එදා තමුන්නාන්සේලා විරුද්ධ නොවුණා නම් අද වෙනකොට අපේ රටට කෝටි ගාණක් මුදල් ලැබෙනවා. දැන් ඕක හදලා හෙදසේවයේ අය පිටරට යවනකොට තව අවුරුදු 5ක් යාවි.
කොයිතරම් උසස් වුණත්, ඒක ඩිප්ලෝමාවක් වුණොත් එතෙර හෙද රැකියාවකට තියෙන අවස්ථා සීමිතයි. බොහෝ රටවල් දැන් උපාධිය ඉල්ලන්නේ. ඒ නිසා හෙද උපාධිය දෙන ආයතන ස්ථාපිත කරන්න....
ඉතාම කනගාටුවෙන් වුණත් කිය යුතු දෙයක් වන්නේ, සිංහලයන් හරිම කුහක ජාතියක්. එක කොට්ඨාශයක් අනිත් කොට්ඨාශයේ දියුණුවට තදින්ම ඉරිසියා කරනවා. අපි විශ්වවිද්‍යාල තුළ දී මේක හොඳින්ම දැකලා තියනවා. බොහෝ රටවල් හෙද සේවය ා පරිපූරක වෛද්‍ය සේවය උපාධිධාරීන්ගෙන් සමන්විතයි. දියුණු රටවල් ඉල්ලන්නේ උපාධි මට්ටමේ ොොසෞඛ්‍ය සේවකයන්. ඔය ආධුනිකත්ව මණ්ඩලයේ සහතිකය එම රටවල් පිළිගන්නේ නෑ. කුහක දොස්තරලා අනෙක් අයව රවට්ටන්න ඇතුව ඉන්න (සීතා අරඹේපොල ඇතුළුව). ශ්‍රී ලංකාවේ පරිහානියට වගකිව යුත්තේ දේශපාලකයන් හා උගතුන් යැයි කියාගන්නා රජයේ ඉහළ නිලධාරීන් දොස්තරලත් ඇතුළුව.
විදෙස් රටවල සේවා අත්දැකීම් ඇති හෙද ගුරුවරුන් පත් කරන්න. ඉග්‍රීසි බසින් රැකියාව කලයුතු බැවින් ඉග්‍රීසි බස ප්‍රගුණ කරවීම ප්‍රධාන ඉලකයක් කර ගන්න.