
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහාන්දානන්ද අලුත්ගමගේ සහ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් සහභාගී වන ආන්දෝලනාත්මක දේශපාලන සංවාදය ස්වර්ණවාහිනි නාලිකාව ඔස්සේ අද රාත්‍රී 10.00 සිට විකාශනය කෙරේ.
පාස්කු දා ප්‍රහාරය පිළිබඳ ඇත්ත කතාව රටට හෙළි කරන්නැයි බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ආණ්ඩුවට කළ අභියෝගය බර ගනිමින් ස්වර්ණවාහිනි නාලිකාව ඔස්සේ එම විවාදය පැවැත්වීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විපක්ෂයේ ද එකඟතාව මත තීරණය කර ඇත.
රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර සහ විපක්ෂය නියෝජනය කරන මනුෂ නානායක්කර මහත්වරුද මෙම විවාදයට සහභාගී වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරුත් ගහමරා ගන්න ඕනෑ නෑ. මේ දෙන්නා නියම දෙපත් නයි. හොඳට ස්ක්‍රිප්ට් එක ලියාගෙන ඇති රඟපාන්න.. හැබැයි බිරිඳට 50 දුන්නේ නොරෙච්චොලෙන් ගහපු 125න්ද කියලා අහන්න කියමු...
"ඔය ඔක්කොම යාලුවෝ මල්ලී. ඔතන ගහබැන ගත්තට එළියට ඇවිත් දෙකක් දාගන්න ක්ලබ් එකට යන්නේ එක කාර් එකේ මල්ලී..."
ලංකා ඉතිහාසයේ මුලු රටේම ගොවිතැනට සහ සමස්ත ගොවි ප්‍රජාවම මළගම් යවපු මේ තක්කඩි හොරුන් ඵක්ක මොන විවාදද හරීන් මහත්තයෝ..? බොරුවෙන්ම කටගහලා හත්පොලේම ගා ගනීවි...
රංජාගේ ගැම්ම ඔයාටත් කරකවන්නයි හදන්නේ. බොහොම පරිස්සමෙන් මහත්තයෝ...!
මෙවැනි විවාද හරියට කුකුල් පොර වගේ.... නිකම් ජනතාවගේ ද්වේශය අවුස්සන එක විතරයි. වෙන කිසිම ඵල ප්‍රයෝජනයක් නෑ. මෙවැනි අනවශ්‍ය වැඩ නොකර ජනතාවගේ සිත් සැනසෙන වැඩක් කරලා රූපවාහිනී නාලිකා තම කාලය අර්ථවත් කරගත්ත නම් රටටම සෙතක්...!!!
කවුරු ආවත් එකයි... දෙගොල්ලන්ම හොරු.. මහින්දානන්දගේ රෙදි ගැලවෙයි වගේ තමයි තියෙන්නේ...
ඔව්වා බොරු වැඩ. පුළුවන් නම් කාදිනල් එතුමායි, ගෝඨාභයයි, සිරිසේනයි, අනුර කුමාරයි, හතර දෙනා එක වේදිකාවක මේ සම්බන්ධව විවාදයක් තියන්න කියලා මම යෝජනා කරනවා. ගෝඨාභයට කොළයක් බලා ගන්නේ නැතුව හරි, ටෙලිප්රොමීටරය නැතුව හරි, මරණාධාර සමිතියක කතාවක්වත් කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයිනේ, ඒ හින්දා ඉතින් මේවා මේ කපේදී වෙන දේවල් නෙමෙයි නේද?
පණ පිහිටුවලා බොරු කියන කබරයින් එක්ක මොන සංවාදද?
මෙවැනි ගොන් විවාද වෙනුවට දැනට රටත්, ජනතාවත් වැටී සිටින අගාධයෙන් ගොඩගැනීමේ මාර්ගය විද්වත් මණ්ඩලයක් ඉදිරියේ (වියත් මග නොවේ) සාකච්ඡා කර ජනතාවට ප්‍රශ්න ඇසීමේ අවස්ථාව ලබා දුන්නා නම්...