
(යොහාන් භාසුර)
ව්‍යාපාරික ප්‍රජාව නිර්මාණය කර තිබෙන සිමෙන්ති ‘මාෆියාව’ නිසා රට තුළ පවතින දැඩි සිමෙන්ති හිඟය හේතුවෙන් පාලම් 9800 ක ඉදිකිරීම් ප්‍රමාද වී ඇතැයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා පැවසීය.
රජය ක්‍රියාත්මක කරන දුෂ්කර ප්‍රදේශ මාර්ගවල ප්‍රවේශ සඳහා පාලම් 10000 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරෙමින් පවතින පාලම්වලින් පාලම් 200 ක් පමණක් පසුගිය වසර අවසන් වන විට ඉදිකර අවසන් කිරීමට හැකිවූ බව කී සුසන්ත ලියනාරච්චි මහතා වැඩි මිලට සිමෙන්ති මිලදී ගෙන එම ඉදිරිකිරීම් කළ නොහැකි බව ද සඳහන් කළේය.
ආනයනික සිමෙන්තිවල මිල ලෙස රුපියල් 1575 ක් සටහන්කර තිබුණ ද එම මිලට සිමෙන්ති මිලදී ගැනීමට නොමැති බවත් මෙම තත්වය පාලනයට බලධාරීන් වහාම මැදිහත්විය යුතු බවත් සුසන්ත ලියනාරච්චි මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි අමාරුවෙන් හදාගන්න අපේ ගෙවල් තියෙන්නෙත් කොට උඩ තමයි... දැන් සිමෙන්ති නැති නිසා... මේ පක්කලි ආණ්ඩුව ගෙනාපු අයට ජය වේවා...!
සර් ප්රමුඛ ආණ්ඩුව ෆේල්. සිමෙන්ති තබා හාල් ටිකට සාමාන්‍ය මිලට ගන්නත් බැහැ. සිමෙන්ති, ගල්, වැලි, පස් සහ සීනි යන සියල්ල පාලනය කරන්නේ පොහොට්ටුවට සම්බන්ධ මාෆියා කාරයෝ... බව සියලු දෙනාම දන්නා ප්‍රසිද්ධ රහසකි.
දැන් ලංකාවේ ආණ්ඩුවක් නැහැ.. පාණ්ඩුවක් තමයි තියෙන්නේ... සර් ෆේල්...