(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව ආසන්නයේ සිදු අනතුරක් හේතුවෙන් ගාල්ලේ සිට කොළඹ දෙසට දිවන තීරුවේ දැඩි වාහන තදබදයක් ඇතැයි අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය පවසයි.

ආපදාවක් හේතුවෙන් නවතා තිබූ කන්ටේනර් රථයක් පසු කර යෑමට  වේගය පාලනය කළ බස් රථයක පිටුපසින් පැමිණි මෝටර් රථයක් ගැටී ඇති අතර ඒ අවස්ථාවේ එම බසය නවතා තිබූ කන්ටේනරයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි ද පොලිසිය පවසිය.  

අනතුරින් මෝටර් රථයේ පැමිණි දෙදෙනකු තුවාල ලබා ඇත

මේ හේතුවෙන් අධික රථ වාහන තදබදයක් පවතින අතර එම දෙසට ගමන් ගන්නා වාහන කහතුඩුව පිවිසුමෙන් පිටවන ලෙස පොලිසිය ඉල්ලා සිටි.

කොට්ටාව අධිවේගී පිවිසුමේ සිට ගාල්ල දෙසට  කිලෝමීටර දෙකේ කණුව අසළ දී අද  (07)  දා රාත්‍රි මෙම අනතුර සිදුව තිබේ .

මේ හේතුවෙන් කිලෝ මීටර් පහක් පමණ දුරට වාහන තදබදයක් ඇතැයි ද පොලිසිය පවසයි.