(යොහාන් භාසුර)

සෞඛ්‍ය වෘත්තිය සමිති ක්‍රියාත්මක කරන වැඩවර්ජන ජාතික අපරාධයකටත් එහා ගිය එකක් බවත් රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකීම සඳහා සංවිධානාත්මක කටයුතු කළ යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා අද (7) පැවසීය.

මෙම වැඩවර්ජන ජාතික අපරාධයක් ලෙස අර්ථකතනය කිරීම සැහැල්ලු වැඩි මෙන්ම රාජ්‍ය සේවය පුද්ගලීකරණය කිරීමට කාලය පැමිණ ඇති බව කී වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා ගෑස් ප්‍රශ්නය, විදුලිබල ප්‍රශ්නය සහ බඩුමිල ඉහළ යෑම ආදි ප්‍රශ්න වැලකින් දුක්විදින ශ්‍රී ලංකාවේ ජනතාව සෞඛ්‍ය වර්ජන හේතුවෙන්  තව දුරටත් දුකට පත්කිරීම හෙළාදකින බව ද සඳහන් කළේය.

සෞඛ්‍ය සේවකයන් ගිය මස වැඩවර්ජනයක් කර මේ මාසයේ ද වැඩවරිජනය කිරීම කාල කාදැමීමක් මෙන්ම වැඩ වර්ජන විලාසිතාවක් බවට පත්කරගනෙ ඇති බවත් මහජනතාව බිල්ලට දී වැඩවර්ජන කිරීම විද්වතුන්ගේ වෘත්තිය සමිතිය සමිතිවලින් බලාපොරොත්තු විය නොහැකි බවත් වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා කීය.

කම්කරු සහ විද්වතුන්ගේ වෘත්තිය සමිති අතර පැහැදිළිවම වෙනසක් තිබිය යුතු බව කී වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ල මහතා සඳහන් කළේ සෞඛ්‍ය සේවයේ වෘත්තිය සමිති නායකයන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යෑමේ බලාපොරොත්තුවෙන් ජනතාව අපහසුතාවට පත්කරන බවත්ය.

රජය සහ විපක්‍ෂය යන දෙපාර්ශවයම එකතුව දේශපාලනය ඉවත දමා සර්වපාක්‍ෂික සමුළුවක් කැදවලා සෞඛ්‍ය වැඩවර්ජන හේතුවෙන් ජනතාව අපහසුතාවට පත්වීම පිළිබඳව තීරණයක් ගතයුතු බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා වැඩි දුරටත් කීය.

සෞඛ්‍ය වෘත්තිය සමිති කීපයක් එකතුව අද (7) ආරම්භ කළ වැඩවර්ජනයට විරෝධය දැක්වීම සඳහා ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා එසේ පැවසීය.