
(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
කෙලවරපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමට පැවරීමට ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම ලබන 10, 15, 20 සහ 21 යන දිනවලට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (07) නියෝග කළේය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ටී. බී. දෙහිදෙනිය, බුවනෙක අළුවිහාරේ සහ විජිත් මලල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගය අද (07) යළි කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් විණි.
ලංකා විදුලිබල විදුලි බල මණ්ඩලය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සඳහන් කර සිටියේ මෙම ව්‍යාපෘතිය මගින් රජයට කිසිදු මුදලක් අමතරව දැරීමට සිදු නොවන බවත් සුළු කොටස් ප්‍රමාණයකින් ඩොලර් මිලියන 2500 කට වඩා විදේශ විනිමයක් රටට ලැබෙන බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව්, කල් දමදමා ඉන්න.. විභාගයට ගත්තොත් ලොක්කන්ට කෙළ වෙනවනේ. අර චම්පිකගේ නඩුව ඉක්මණට අහලා ඒ මනුස්සයාව කුදලලා ලොකප් කරලා දාන්න. ඒක ගොඩක් හදිස්සියි. අනුරටත් පුළුවන් නම් කූඹියෙක් පෑගුවා කියලා හරි නඩුවක් අටවන්න ඉක්මණට. දෙන්නම ලොකු තර්ජනයක් පවුලේ පැවැත්මට...