IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


පානීය ජලය ලීටරයක් රුපියල් 20 කින් ඉහළට

(යොහාන් භාසුර)

බෝතල් කළ පානීය ජලය මිලිලීටර 500 ක මිල රුපියල් 15 කින් සහ ජලය ලීටරයක් රුපියල් 20 කින් ද, ඉහළ දැමීමට බෝතල් කළ පානීය ජල ව්‍යාපාරියෝ පියවර ගෙන තිබේ.

එම මිල ඉහළ දැමීමත් සමඟ මිලිලීටර 500 ක ජල බෝතලයක් රුපියල් 50 ක් සහ ලීටරයේ ජල බෝතලයක් රුපියල් 70 ක් දක්වා ඉහළ දමා තිබේ.

ලීටර එකහමාරක බෝතලයක් රුපියල් 90 ක්, ලීටර 5 ක බෝතලයක් රුපියල් 200 ක් සහ ලීටර 7 ක බෝතලයක් රුපියල් 240 ක් දක්වා ඉහළ දමා තිබේ.

2018 වසරේ පනවා තිබූ උපරිම සිල්ල මිල අනුව මිලිලීටර 350 ක ජලය බෝතලයක් රුපියල් 26 ක්, මිලිලීටර 500 ක බෝතලයක් රුපියල් 35 ක්, මිලිලීටර 750 ක බෝතලයක් රුපියල් 40 ක් සහ ලීටරයේ බෝතලයක් රුපියල් 50 ක් ලෙස පැවැති අතර ලීටර එකහමාරක බෝතලයක් රුපියල් 70 ක්, ලීටර 5 ක සහ ලීටර 7 ක පානීය ජල බෝතලයක් පිළිවෙළින් රුපියල් 150 ක් සහ 170 ක් විය.

එම පාලන මිල වසර හතරකට පසුව පසුගිය 29 වැනිදා ඉවත් කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගත්තේය.

 



අදහස් (1)

පානීය ජලය ලීටරයක් රුපියල් 20 කින් ඉහළට

asanka Monday, 07 February 2022 10:30 PM

වතුර පිටරටින්නේ ගේන්නේ ඒ හින්දා කමක් නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 878 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site