
(ඩයනා උදයංගනී)
සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ හෙද, අතුරුවෙද්‍ය සහ පරිපූරක සේවාවන්හි වැටුප් හා දීමනා විෂමතා ඉවත්කිරීම ඇතුළු ගැටලුවලට විසඳුම් ලබාදෙන තුරු වැඩවර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
හෙද, අතුරුවෙද්‍ය සහ පරිපූරක සේවාවන්හි වෘත්තීය සමිති 18ක් එක්ව අද (7) උදෑසන සිට රට පුරා රෝහල්වල අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී හෙට (8) දහවල් දැවැන්ත විරෝධතාවයක් ද පවත්වන බවත් ඔහු සඳහන් කළේය.
ළමා රෝහල්, මාතෘ රෝහල්, වකුගඩු සහ පිළිකා රෝහල් මෙන්ම මධ්‍යම ලේ බැංකුව තුළ දැනට මෙම වර්ජනය ක්‍රියාත්මක කර නැතත්, තමන්ට කඩිනම් විසඳුමක් නොලැබුණහොත් එම ස්ථානයන් හිද වැඩවර්ජනය ආරම්භ කරන්නට වනු ඇතැයි රත්නප්‍රිය මහතා කීවේය.
ඔහු මේ බව පැවසුවේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
සෞඛ්‍ය ඇමතිවරයා හා බලධාරීන් ගැටලුවලට විසඳුම් නොදී සිටීම හේතුවෙන් වැඩවර්ජනයක් දක්වායාමට සිදුවූ බව ද ඔහු පැවසීය.
මීට දින තුනකට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්, අධ්‍යක්‍ෂ ජනරාල් ඇතුළු නිලධාරීන් සමඟ ධනාත්මක සාකච්ඡාවක් පැවැත්වූ නමුත් එයින් විසඳුමක් නොලැබුණු බව කී රත්නප්‍රිය මහතා විසඳුමක් ලැබෙන තුරු වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා හැර වෙන විකල්පයක් නැතැයි ද කීවේය.
මෙම ගැටලු විසඳීමට සෞඛ්‍ය ඇමතිවරයා හෝ අමාත්‍යාංශය සූදානම් බවක් පේනෙන්නේ නැතැයි කී රත්නප්‍රිය මහතා ඒ වෙනුවට වෙනත් ගැටලු නිර්මාණය කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගවලට බාධා කරන්නට උත්සාහ ගන්නා බව ද සඳහන් කළේය.
මෙම අවස්ථාවේ වර්ජන නොකළ යුතු බවත්, ඉල්ලීම් 7න් 4ක් ලැබී ඇති බවත් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කරන ප්‍රකාශයන්හි කිසිඳු සත්‍යතාවයක් නැතැයි ද හෙතෙම පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු සමිති හදන් තමන්ට වාසි ගන්නවා. සහගහනවා, හෙණ ගහනවා මේ කරන වැඩවලට...
එදා දවස් කීයද පාර්ලිමේන්තු ගියේ...? පර්මිට් එක ගත්තා.. අවස්ථාවාදීන් ඉන්නකම් රටට හරියයිද? ඒ අයව එළව එළවා ගහන්න ඕනෑ ... එතකොට ඕවා ඉබේ නවතියි...!
මකබෑ වෙයල්ලා. කාලකණ්ණි...!
මෙයාගේ මුහුණෙන්ම ඉතාමත්ම හොඳින් පැහැදිලි වෙනවනේ කුමක්ද යටි අරමුණ කියලා... මේ වගේ අඹුදරුවන්වත් මේ කරන්නේ මහා අපරාධයක් ලෙස මේ කාලකන්නින්ට පහදා නොදෙන්නේ මන්ද..?
අපි ඔයටික වෙනබව දැනගෙන හිටියා.. ගුරාලාට දුන්නොත් මේ ගොයියොත් හිඟාකන්න පටන් ගන්න බව කලින්ම කිව්වා. ජෙප්පන්ට රට ගියොත් ඕවා හම්බ වෙයිද? මේ ගොයියාගේ ගෙදරට තුණ්ඩු කෑල්ල ඒවි... මිනිය දණිස්සෙන් ඉහළට උස්සන්න එපා කියලා.
ජනතාව තලාපෙලා අසරණ කර ඉල්ලීම් ඉල්ලා සිටින්නේ නම් එවැනි ඉල්ලීම් සඳහා කිසිවකු විසඳුම් ලබා නොදෙනු ඇත. ඉවසීමේ සීමාව ඉක්මවා ගිය අවස්ථාවකදී ඔබලාගේ ඉල්ලීම්වලට පිළිතුරු ජනතාව ලබාදෙනු ඇත.
මූණ දැක්කාම කැඳත් නෑ...
තවත් කාලකන්නි වර්ජනයක්. මානව හිමිකම් පැත්තකින් තියලා සුදුවෑන් එවන්න බැරිද?
දෙයියනේ මේ වගේ කාලකණ්ණි එළියට දාන්න මේ ගොන් ආණ්ඩුවට කොන්දක් නැති හැටි.. එක සෙට් එකක් දුවන කෝච්චිය පාර මැද නවත්තලා යනවා. අනිත් සෙට් එක වසංගතයක් අස්සේ තමන්ගේ මඩිය තර කරගන්න ඉල්ලනවා. ඇයි මේ ආණ්ඩුවට බැරි පනතක් ගෙනත් මේ වගේ අයව හිරේ දාන්න බැරි?
මුගෙ මුහුණ දකිනකොට සුද්ද සිංහල මතක් වෙන්නේ මට විතරයිද?
ඔයාට නම් අවුලක් වෙන්න විදිහක් නෑ... පර්මිට් එක හම්බ වුණානේ..!
මේ අයගේ මූණත් තහඩුව අතගානවා කවුරුවත් නැහැනේ.. උදේකට දැක්කොත් කැඳත් නැහැ.
උදේ ඉදල රෑ වෙනකන් ඉල්ලනවා මිසක් කරපු දෙයක් නැ . වැඩකරන මිනිස්සුයි දේසපලුවොයි හරියට වැඩ කලානම් මේ ආයතන දිවුනුයි . නිකම්ම වැඩි පඩි හම්බ වෙනවා . මොන ආණ්ඩුවක් තිබුනත් මේකෙ හැමදාම උත්ගෝසන
මොවුන්ට දුටුතැන පහර දෙන්න ඕනේ.රටයි ජනතාවයි විනාශ කරනවාට
මේ මිනිහගෙ පාසැල් කාලයත් හරිම කඩාකප්පල්කාරී කාලයක්. අනුන්ව ඉස්සරහටදාල මිනිහ බඩපුරව ගන්නව. හරිම ආත්මාර්ථකාමියා.
නියමයි. දේශපාලුවන් රටේ සම්පත් විකුණමින් කෝටි ගණන් හොරකම් කරන්න හොඳ නම් මේ මිනිස්සුන්ට වැටුප් වැඩි කරන්න බැරි මොකද? අර ආනන්දයා මේකට නැහැලු නේද? දැන් ඉතින් කුලපති කම හරි නිසා උද්ඝෝෂණ ඕන නෑ එයාට.
පර්මිට් හොරා
වැඩ කරනතුරු පඩි දෙන්නෙ නෑ. කාලයක් වැඩ නොකර හිටි පසු සේවය අතහැර ගියා සේ සැළකීම කළහොත් මේ අසත්පුරුෂයින් ගෙ ක්‍රියාකලාපයට හොඳ පිළිතුරක් වෙයි.
කාලකණ්නි හැත්ත මකබෑවිලා පලනවා