
(නිමල කොඩිතුවක්කු)
රටේ පාලනය ආණ්ඩුවෙන් ගිලිහී යමින් පවතින බැවින් වහාම මැතිවරණයක් පවත්වා ජනමතය උරගා බලන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බව සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹදී අද (07) පැවසීය.
පළාත් සභා මැතිවරණය හෝ පවත්වා ආණ්ඩුවට ඇති ජන වරම පිලිබඳ විමසා බලන ලෙසත් ඒ සඳහා අවශ්‍ය සංශෝධන වෙනුවෙන් සහයෝගය දීමට සමගි ජනබලවේගය කටයුතු කරන බවත් මහලේකම්වරයා සඳහන් කළේය.
කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසීය.
ජනතාව ආණ්ඩුවක් පත් කරන්නේ රටක් පාලනය කිරීමට වුවත් රටේ බල ශක්තිය ඇමරිකාවත් ඉන්ධන මිල ඉන්දියාවත් ආදී වශයෙන් පාලනය කරමින් ආණ්ඩුවේ පාලනයක් නැති රටක් විදියට රට පතව ඇති බවත් මහලේකම්වරයා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් කෝටි ගණනක් වියදම් කරලා මේ වෙලාවේ මැතිවරණ තියන්න කියලා කියන්න පිස්සුද?
නුඹලාගේ වාසනාව... අපේ අවාසනාව...
ඔයාලා තමයි ඡන්දෙ කල් දැම්මේ... ඇයි ඡන්දයක් එනකම් ඉන්න... ඒකට තව අවුරුදු 3ක් තියෙනවා. ඔච්චර රටට ආදරේ නම් ඔය බොරු වැඩ නවත්තලා ගෙදර ඉන්න.
මැතිවරණ සූදුවක් කියලා හිතන අය...!
‘වාසනාව උරගා බලන්න මැතිවරණයක් පවත්වන්න‘... ඉවසගෙන ඉන්න තව අවුරුදු 02ක් තිබෙනවා. ඔබලව ගෙදර යවන්න.
ආණ්ඩුව ඒකටත් ගේමක් ගහයි.. කොම්පියුටර් ජිල්මාට් කාරයින් ඉන්න නිසා අවුලක් වෙන එකක් නැහැ...
කවුරු ආවත් එච්චරයි... ලංකාව දැන් බංකොළොත් වෙලා ඉවරයි...!!!
මිනිස්සුන්ට පාන් කියාගන්නවත් බැරි වෙලාවේ මේ අය වාසනාව උදුරාගන්න කතා කරනවා.
නොදකින් මේ වගේ කාලකන්නි පාහරයින්... මේ අය තාමත් අපි (සියලුම පුරවැසියන්) වියදම් කරලා අරන් දුන්නු V8 වල තාමත් යහතින් යනවා එනවානේ.. කිසිඳු හිරිකිතයක් නැතිව මේ මලපෙරේතයින් ඡන්දයක් ගැන කතාකරන හැටි.... මෙයාට මේ නම දාලා තියෙන්නේ වැරදිලා...