‘ආණ්ඩුව බාල්දුවන වේගයටම රුපියලත් බාල්දු කරනවා‘ වත්මන් ආණ්ඩුව සාර්ථකව කරන එකම ක්‍රියාව ආණ්ඩුව බාල්දු වන වේගයටම ලංකා රුපියලත් බාල්දු කිරීම බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 21 July 2021
ජනපති සහ ශ්‍රි.ල.නි.ප අතර සාකච්ඡා කල් යයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අද (21) පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව ලබන 27 වැනිදාට කල්දමා ඇත. 21 July 2021
බදියුදින්ගේ නිවසේ මෙහෙකාර දැරියගේ මරණය ගැන විධිමත් පරීක්ෂණයක් ඉල්ලයි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කල බාලවයස්කාර දැරියක් පිළිස්සී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. 21 July 2021
දුමින්දට ජනපති සමාව දුන්නාට හිරුණිකාගෙන් පෙත්සමක් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධි සම්බන්ධයෙන් මරණ දඩුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ජනාධිපති සමාව ලබා දී නිදහස් කිරීමට ජනාධිපතිවරයා ගත් ක්‍රියාව ව්‍යවස්ථා විරෝධී බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළාය. 21 July 2021
ලොකු ආයතන රැසක් ආදායම් කන්තෝරුවට පොලු තියලා මෙරට විගණන කටයුතු ඉතා හොඳින් පවත්වාගෙන යන බලවත් ආයතන රැසක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වසර හයකින් බදු ගෙවා නොමැති හෙයින් රජයට විශාල බදු මුදලක් අහිමිවී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා පැවසීය. 21 July 2021
සජබ උද්ඝෝෂණයක් දිවුලපිටිය නගරයේ විපක්ෂ නායක සහ ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වීමට නියමිත දිවුලපිටිය නගරයේ පැවැත්වෙන විරෝධතා උද්ඝෝෂණය මේ වන විට ආරම්භ වී තිබේ. 21 July 2021
ඩ්‍රෝන කුරුල්ලා කංසා හේන් 8 ක් අල්ලයි කොස්ලන්ද උමාඔය ජලාශයට යාබද කඳු පන්තියේ මහා පරිමාණයෙන් වගා කර තිබූ කංසා හේන් 8ක් විශේෂ කාර්ය බලකාය ද්‍රෝණ මෙහෙයුමකින් වටලා විනාශ කළ බව විශේෂ කාර්ය බළකාය කියයි. 21 July 2021
‘ලංකාවේ ආණ්ඩුව තියෙන ආහාර ටිකත් නැති කරගන්න හදනවා‘ ජනගහනයට සරිලන ලෙස ආහාර නිෂ්පාදනය කරන්නේ කෙසේදැයි ලෝක ආහාර සංවිධානය සැලසුම් සැළසුම් හදන විට ලංකාවේ ආණ්ඩුව තිබෙන ආහාර ටිකත් නැතිකර ගැනීමට සැලසුම් හදන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 21 July 2021
බදියුදීන්ගේ නිවසේදී මිය ගිය දැරියගේ පාසලේ විදුහල්පතිගෙන් ප්‍රකාශයක් හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සිටියදී පිලිස්සුම් තුවාල ලබා මියගිය දැරිය පාසල් ගිය බව කියන අවිස්සාවේල්ල පුවක්පිටිය කිරිවන්දල ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයාගෙන් සහ උප විදුහල්පතිවරයාගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇතයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 21 July 2021
පරිසරයට මහා සම්පතක් අනාගත පරපුර වෙනුවෙන් පරිසරය ආරක්ෂා කිරීම රජය වගකීමක් කොට සළකන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසයි. 21 July 2021
ඉදිරි 24 පැයේ කාලගුණය සබරගමුව සහ මධ්‍යම පළාත්වල අද (20) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 21 July 2021
නිරෝධායන නීති කැඩූ 207ක් පොලිස් දැලේ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 207 දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 21 July 2021
දුම්රියේ වයර් කැපූවකු මාට්ටු දෙමටගොඩ දුම්රිය අංගනයට අනවසරයෙන් ඇතුළු වී එහි නවතා ඇති දුම්රිය මැදිරි වල වයර් සහ තඹ කම්බි කැපීමේ නිරතව සිටී 62 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලීසිය පවසයි. 21 July 2021
‘‘දුව මෙහෙකාරකමට යැව්වේ ණය ගෙවාගන්න බැරි නිසායි‘‘ රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයට තම 15 හැවිරිදි දියණිය යැවීමට සිදුවූයේ තමා ලබාගෙන තිබූ ණය ගෙවාගැනීමට වෙනත් ක්‍රමයක් නොතිබූ නිසා බව එම නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සී මිය ගිය ජේ. ඉෂාලිනී නැමති දැරියගේ මව වන රාජමානික්කම් රංජනී මහත්මිය පැවසුවාය. 21 July 2021
රිෂාඩ්ගේ නිවසේ දි මියගිය දැරියට සාධාරණයක් ඉල්ලති හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්ඩින් මහතාගේ කොළඹ බොරැල්ල පිහිටි නිවසක මෙහෙකාර සේවයේ නිරතව සිටියදි සිරුරට ගිනි ඇවිලිමෙන් මියගිය අවු 16 හැවිරිදි බාල වයස්කාර දැරිය සම්බන්ධයෙන් පොලිසිය විසින් පවත්වන පරික්ෂණ විධිමත් කරන ලෙසට බලකරමින් හැටන් ඩයගම ප්‍රදේශයේ වතු කිහිපයක වතු කම්කරුවන් සහ වෘත්තිය සමිති ගණනාවක නියෝජිතයෝ අද (20) දින දැරිය පදිංචිව සිටි ඩයගම ප්‍රදේශයේ උද්ඝෝෂණයක නිරත වූහ. 20 July 2021
කොතලාවල පනතට කොටුවේ විරෝධතාවක් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ කොටුව දුම්රියපල ඉදිරිපිට දී අද (20) පැවැත්විණි. 20 July 2021
රත්ගම අයකුට දෙවන වරටත් වෙඩි තබයි රත්ගම මොන්රියාවත්ත ප්‍රදේශයේ අද පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් අයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව රත්ගම පොලීසිය කියයි. 20 July 2021
චන්දිමාල්ට දොර වසා නෑ දිනේෂ් චන්දිමාල්ට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දොර වසා නැතැයි ජාතික තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පවසයි. 20 July 2021
කැස්බෑවේ ඇඟලුම් හලකින් ඩෙල්ටා රෝගීහු පහක් කැස්බෑව ජබුරලිය ලූල්වල පාර පෞද්ගලික ඇඟලුම් ආයතනයක සේවකයන් වෙනුවෙන් සිදුකළ පි.සි.ආර්. පරීක්ෂණවලින් ඩෙල්ටා වයිරසය ආසාදිත රෝගීන් 5 කු ඇතුළු ආසාදිතයන් 120 දෙනකු හඳුනාගත් බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය. 20 July 2021
කොරෝනා මරණ 43ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 43 දෙනකු ඊයේ (19) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද තහවුරු කළේය. 20 July 2021
අවමඟුලට ගිය 48කට කොරෝනා බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශයේ පයාගල හෙරගස්කැලේ ප්‍රදේශයේ අවමංගල්‍ය කටයුත්තක් සඳහා සහභාගී වූ 48දෙනකුට කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. 20 July 2021
ගම්මන්පිලට ගෙනා විශ්වාසභංගය තුනෙන් දෙකකින් පරාදයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (20) පස්වරුවේ තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් පරාජයට පත්විය. 20 July 2021
ගෑස් මිල ගැන ඇමතිගෙන් සහතිකයක් ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල වැඩිවුවත් මෙරට ගෑස් මිල වැඩි නොකරන්නේ යැයි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. 20 July 2021
ගහෙන් වැටෙන කොළ බෙදාගන්න ගිහින් අයෙක් මරුට ගසකින් වැටෙන කොළ සම්බන්ධයෙන් බේරුවල,බණ්ඩාරවත්තේ නිවෙස් දෙකක දෙපිරිසක් අතර කලක පටන් පැවැති ආරවුලක් අතර තුර බිම ඇදඳවැටී බරපතල තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කළ දෙදරු පියකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 20 July 2021
ලංකාව ඇතුළු රටවල් 16 ක සංචාරකයින්ට එක්සත් අරාබියෙන් තහනමක් පැතිරෙමින් යන නව කොවිඩ් ප්රභේදයන් හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 16ක සංචාරකයින්ට නැවත දැනුම් දෙන තුරු එරටට ඇතුළු වීම අත්හිටුවීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය රජය තීරණය කර ඇත. 20 July 2021
ලාෆ් ගෑස් නැවැත්වුවහොත් සම්පූර්ණ ගෑස් නිෂ්පාදනය ලිට්රෝ ගෑස් සමාගමට ලාෆ් ගෑස් සමාගම ගෘහස්ථ ගෑස් සැපයුම අත්හිටුව හොත් ලංකා ඛනිජ සංස්ථාවේ සම්පූර්ණ ගෑස් නිෂ්පාදනය ලිට්රෝ ගෑස් සමාගමට ලබාදෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥා සුමිත් විජේසිංහ මහතා පවැසීය. 20 July 2021
කුඩා දරුවන් දෙදෙනකුට කැත වැඩක් කළ නව දරුපියා රිමාන්ඩ් වයස අවුරුදු නවයක සහ දහයක පාසල් දරුවන් දෙදෙනකුට බීමවලට මුසුකර මත්වතුර පෙවූ බව කියන දරුවන් නව දෙනකුගේ පියකු ලබන 22 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි මහියංගනය මහේස්ත්‍රාත් ඒ.ඒ. ප්‍රියංකර ලක්ෂ්මන් මහතා නියෝග කළේය. 20 July 2021
දුම්රියේ ගැටුනු ටිපර් රිය ත්‍රීරෝද රථ 4ක් කුඩු කරයි ගණේමුල්ල දුම්රිය හරස් මාර්ගයේදී ටිපර් රථයක් , දුම්රියක ගැටීමෙන් අසල නවතා තිබූ ත්‍රීරෝද රථ හතරකට සහ යතුරු පැදියකට දැඩි ලෙස හානි සිදුව ඇතැයි ගණේමුල්ල පොලිස් රථවාහන අංශය පවසයි. 20 July 2021
‘‘රිෂාඩ්ගේ ගෙදර මෙහෙකාර දැරිය මිය යෑම ගැන කඩිනමින් පියවර ගන්නවා‘‘ රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාගේ නිවසේ සිටි 16 හැවිරිදි දැරිය පිළිස්සී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉතාම ඉක්මනින් පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය. 20 July 2021
83 කළු ජූලිය සමරන්න විරෝධතාවක් 83 කළු ජූලියට වසර 38 ක් සපිරීම නිමත්තෙන් එම සිද්ධියට විරෝධය පා ක්‍රිස්තියානි සහයෝගිතා ව්‍යාපාරය සවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද කොළඹ ලිප්ටන් වටරවුම අසලදී පැවැත්විණි. 20 July 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026