පිළිස්සී මියගිය දැරියගේ පවුලේ අයගෙන් පැය 10ක ප්‍රකාශ ගනී හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු සහ මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සුම් තුවාල ලබා මියගිය 16 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනවලට අදාලව ඇගේ මව පියා, සොහොයුරා ඇතුලු සිව්දෙනකුගෙන් අද (21) පැය 10 ට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 21 July 2021
වාහන ආනයනයේදී රජයට කෝටි 300 ක පාඩුවක් ස්මාර්ට් කැබ් රථ 3000ක් ආනයනයේදී රජයට රුපියල් කෝටි තුන්සියයකට වැඩි පාඩුවක් සිදුවී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා කමිටුව) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවක සඳහන්වේ. 21 July 2021
පුත්තලමේ පොළ කොරෝනා රැල්ලකට අතවනයි පුත්තලම නගරයේ පැවැති හජ්ජී පොළ සදහා කොරෝනා නීති පසෙක තබමින් විශාල පිරිසක් සහභාගී වී ඇතැයි වාර්තා වෙයි. 21 July 2021
අද කොවිඩ් ආසාදිතයන් 1,566ක් කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 386 දෙනකු අද (21) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 21 July 2021
“මුදල් ඇමතිගේ පළමු පනත කළු සල්ලි සුදු කරන එකක්’’ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ගෙන එන පළමු පනත කළු සල්ලි සුදු කරන පනතක් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. 21 July 2021
ආරුගම්බේ සංචාරක කලාපයට සංචාරකයින්ගෙ වැඩි ආකර්ෂණයක් දිය මත ලිස්සා යාමේ වැඩසටහන (surfing) ජාත්‍යන්තර වශයෙන් ප්‍රවර්ධනය කිරීම තුළින් අරුගම්බේ නව සංචාරක කලාපය කෙරෙහි ලොව පුරා සංචාරකයින්ගේ ආකර්ශණය සහ අවධානය දිනාගැනීමේ වැඩසටහනක් ආරම්භ කළ බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (21) පැවසීය. 21 July 2021
“විදේශගතවන සිසුන් පිළිගත් වෛද්‍ය විද්‍යාලයක් තෝරා ගන්න’’ වෛද්‍ය අධ්‍යාපනය සඳහා විදේශගත වීමට අපේක්ෂිත ශ්‍රී ලාංකික සිසුන් විදේශ වෛද්‍ය විද්‍යාලයක් තෝරා ගැනීමේදී කරුණු ගණනාවක් කෙරෙහි අවධානය යොමු කළ යුතු යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය. 21 July 2021
ප්‍රධාන මාර්ගයට නව දුම්රිය ගමන්වාර දෙකක් ප්‍රධාන මාර්ගය සඳහා නව දුම්රිය ගමන් වාර දෙකක් අද (21) සිට ධාවනයට එක් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 21 July 2021
පේරාදෙණියේ සිව් දරු මවකට මොඩර්නා එන්නත් දෙකම එකට දීලා පේරාදෙණිය ඔගස්ටාවත්තේ සිව්දරු මවකට උඩපේරාදෙණිය යොවුන් සේනාංක මධ්‍යස්ථානයේ දී කොරෝනා නසන මොඩර්නා එන්නත එකම දින දෙවතාවක් ලබාදීම හේතුවෙන් රෝගී වී පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රථිකාර ඵ්කකයට ඇතුළත් කළ බව පේරාදෙණිය රෝහල් ආරංචි මාර්ග කියයි. 21 July 2021
පෙරහර තහනම් කළාට විහාරාධිපති හිමියෝ විරෝධය පාති පයාගල ඈතගම, ශ්‍රී විජයරාමය විහාරස්ථානයේ වාර්ෂික ඇසළ පෙරහර පැවැත්වීමට අවසර දිය නොහැකි බව සෞඛ්‍ය අංශ දැනුම් දීම නිසා විහාරාධිපති මස්තැන්නේ ගුණාලංකාර හිමියෝ පාර මැද වාඩි වී උපවාසයක නිතර වූහ. 21 July 2021
මාර්ග හැදීම අලුත් කොන්ත්‍රාත්කරුවන්ට මාර්ග සංවර්ධන කටයුතු කඩිනම් කිරීම සඳහා එම කටයුතු නව කොන්ත්‍රාත්කරුවන්ට ලබා දෙන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය. 21 July 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 1,180ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1,180 දෙනෙක් අද (21) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 21 July 2021
කොවිඩ් මරණ 47ක් කොවිඩ් ආසාදිතවූ තවත් 47 දෙනකු ඊයේ (20) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (21) තහවුරු කළේය. ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 3,917 ක් දක්වා ඉහළ ගොස් ඇත. 21 July 2021
අපරාධ සහ ළමා අපයෝජන ගැන පැය 24ම අවධානයෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය සහ පොලිස් මාධ්‍ය කොට්ඨාසය අන්තර්ජාලය හා සම්බන්ධව සිදුවන අපරාධ හා ළමා අපයෝජන සම්බන්ධයෙන් දවසේ පැය විසි හතර පුරාවටම අධික්ෂණය කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය. 21 July 2021
“සියයට 14ක අර්ථසාධක බද්ධ බොරුවක්’’ මුදල් අමාත්‍යවරයා ලෙස තමන් පත්වීමෙන් පසුව සේවක අර්ථසාධක අරමුදලෙන් සියයට 14 ක බද්ධක් අය කරන බවට ප්‍රචාරය සම්පූර්ණ අසත්‍යයක් යැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. 21 July 2021
සති අන්තයේ සංචරණ සීමා පැනවීමේ අදහසක් නෑ සති අන්තයේ දිගු නිවාඩුවක් යෙදී තිබුණත් සංචරණ සීමා පැනවීමට තීරණයක් ගෙන නැතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. 21 July 2021
කටාරයේ සිටින ලාංකිකයින්ගෙන් ඔක්සිජන් සිලින්ඩර් 85ක් රජයේ රෝහල් වෙත බෙදා හැරීම සදහා කටාරයේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව හා කටාරයේ හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙරටට වෛද්‍ය ඔක්සිජන් සිලින්ඩර 85ක් පරිත්‍යාග කළ බව එම තානාපති කාර්යාලය කියා සිටී. 21 July 2021
’’සයිනොපාම්’’ ලක්ෂ 20ක තොගයක් හෙට දිවයිනට චීනයේ නිෂ්පාදිත සයිනොපාම් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 20ක තොගයක් දිවයිනට හෙට (22) ලැබෙන බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය . 21 July 2021
මානව හිමිකම් කඩකිරීම් විමර්ශනයට පත්කළ කොමිසමේ අතුරු වාර්තාව ජනපතිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතුය යන මතවාදයට එකඟ නොවන බවත් එය සංශෝධනය කිරීම සුදුසු බවත් මානව හිමිකම් කඩවීම් සිදුව ඇත්දැයි සොයාබැලීම සඳහා පත්කෙරුණු ‘මානව හිමිකම් පිළිබඳ පූර්ව කොමිසම් සහ කමිටුවල තීරණ ඇගයීම සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම’ ජනාධිපතිවරයාට භාරදුන් සිය අතුරු වාර්තාවේ සඳහන් කර ඇත. 21 July 2021
වැඩිමිලට හාල් අලෙවි කළොත් 100,000ක දඩයක් රජයේ සහතික මිලට වඩා වැඩි මිලට සහල් අළෙවි කරන වෙළෙඳසැල් හිමියන් පනවන රුපියල් 2500 ක දඩය රුපියල් 100,000 දක්වා වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇතැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 21 July 2021
කෝප් කමිටුව චිත්‍රපට සංස්ථාවේ මගඩි අවුස්සයි ජාතික චිත්‍රපට සංස්ථාව චිත්‍රපට නිෂ්පාදනය සඳහා ලබාදී ලබා දී ඇති රුපියල් දාහතර කෝටි දොළොස් ලක්ෂයකට වැඩි මුදලක් අයකර ගෙන නැතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු හෙළිවී ඇත. 21 July 2021
“ගුරුසංගම් මස් රාත්තලම ඉල්ලනවා’’ ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කළ යුත්තේ වසර කිහිපයක් තුළ පියවරෙන් පියවරට යැයිද ඇතැම් ගුරුසංගම් මස් රාත්තලම ඉල්ලන බවද ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ මහත්මිය පැවසුවාය. 21 July 2021
ආයතන 12ක් අත්‍යවශ්‍ය සේවා යටතට සෞඛ්‍ය සේවා,වරාය,ඛනිජ තෙල්, රේගුව ඇතුළු ආයතන හා ක්ෂේත්‍ර 12ක සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් පත් කිරීම තවදුරටත් දීර්ඝ කරමින් ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය . 21 July 2021
තඹාලේ ගව ඝාතකාරයක් වටලා 7ක් අත්අඩංගුවට හජ් උත්සවය වෙනුවෙන් සත්ව ඝාතන තහනම් කර තිබියදි පොලොන්නරුව තඹාල ප්‍රදේශයේ නීති නිරෝධී ගව ඝාතනාගාරයක් තුළ ගවමස් කිලෝ 1000 ට ආසන්න ප්‍රමාණයක් සමග ඝාතනය කිරීමට නියමිතව සිටි විවිධ වර්ගයේ ගවයින් 68 ක් බේරාගත් බව අරලගංවිල විශේෂ කාර්ය බලකාය කියයි. 21 July 2021
දරුවන් වෙනුවෙන් අධිකරණ 18 ක් ළමයින් වෙනුවෙන් ළමා අධිකරණ 18ක් පිහිටුවීම සඳහා කටයුතු සූදානම් කර ඇතැයි ජාතික ළමාරක්ෂක අධිකාරියේ නියෝජ්‍ය සභාපතිනී නීතීඥ සුජාතා අලහප්පෙරුම මහත්මිය පැවසුවාය. 21 July 2021
යළ වී අස්වැන්න සහතික මිලට පමණයි යළ කන්නයේ වී අස්වැන්න රජයේ සහතික මිලට පමණක් මිලදී ගැනීමට සහල් මෝල් හිමියන් එකඟ වූ බව වෙළෙඳ අමාත්‍යංශය පවසයි. 21 July 2021
ශ්‍රිලනිප මුලස්ථානයේ වායු සමීකරණයක කම්බි කැපු අයෙක් මාට්ටු මරදාන ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ සවිකර ඇති වායු සමීකරණ යන්ත්‍රයක රුපියල් ලක්ෂ 4 ට ආසන්න වටිනා කම්බි කපා සොරාකම් කිරීම සම්බන්ධයෙන් 23 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය කියයි. 21 July 2021
හම්බන්තොට වරායේ තොග හැසිරවීමේ ඵලදායිතාව ඉහළට හම්බන්තොට ජාත්‍යන්තර වරායේ තොග හැසිරවීමේ ඵලදායිතාව සියයට 100 කින් ඉහළ නැංවීමට සමත් වූයේ යැයි ඉන්සි සිමෙන්ති සමාගමේ ප්‍රසම්පාදන සහ සැපයුම් අධ්යක්ෂ තුසිත් ගුණවර්ණසූරිය මහතා පවසයි. 21 July 2021
කොතලාවල සරසවි පනත ලබන 6 වැනිදා විවාදයට ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන අගෝස්තු මස 6 වැනිදා පෙරවරු11.00සිට පස්වරු 4:30 දක්වා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය. 21 July 2021
තියුණු ආයුද ප්‍රහාරයකින් අඹුසැමි යුවළ රෝහලට යාපනය කෝපායි පොලිස් වසමේ කොණ්ඩාවිල්, ඉනුවිල් ප්‍රදේශයේ නිවසකට තියුණු ආයුධ ආ තරුණයන් එල්ල කළ තියුණු ආයුද ප්‍රහාරයකින් අඹුසැමි යුවළක් බරපතල කැපුම් තුවාල ලබා රෝහලගත කළ පොලීසිය පවසයි. 21 July 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026