(නිමන්ති රණසිංහ සහ කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර)
පාස්කු ඉරුදින තස්ත්‍ර ප්‍රහාරය වැළැක්වීමට අවස්ථාව තිබියදී අපරාධ පරික්ෂණ දෙපාර්ත්මේන්තුවේ උසස් නිලධාරීන් කණ්ඩායමක් ඒ පිළිබදව නිසි පරිදි විමර්ශනය නොකිරීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි එම දෙපාර්තමේන්තුව කුලියාපිටිය මහේස්ත්‍රාත් ජනනි ශෂිකලා විජේතුංග මහත්මිය ඉදිරියේ අද (10) කරුණු වාර්තා කළේය.
මෙම සිද්ධීන් සම්බන්ධයෙන් මරාගෙන මැරෙන බෝම්බකරුවකු වූ මොහොමඩ් සහ්රාන් යන අයගේ බිරිද වන මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ රදවා තබා සිටි අබ්දුල් කාදර් ෆාතිමා හාදියා යන අයගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත යුතුව ඇති බැවින් ඒ සදහා අවසර ලබා දෙන ලෙසට වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් නිකුත් කරන්නැයි ද මෙහිදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
ඒ අනුව, ලබන 12 වැනිදා සිට 25 වැනිදා දක්වා අතර කාලයේදී වැලිකඩ බන්ධනාගාරයට ගොස් එම ප්‍රකාශය සටහන් කර ගැනීමට අපරාධ දෙපාර්තමේන්තුවට අවසර ලබා දෙන ලෙසට මහේස්ත්‍රාත්වරිය වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට නියෝගයක් නිකුත් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධව සහරාන් ගේ බිරිඳ ගෙන් ගතයුතු ප්‍රකශ සියල්ල රෝහලේදීද, රහස් පොලිසියෙන් ද, ජනාධිපති කොමිසම මගින් ද ගෙන අවසන් ව ඇති අවස්ථාවක එම තොරතුරු සඟවා නැවත වටයකින් මේ සැරසෙන්නේ කාඩිනල් සහ කතෝලික පල්ලිය ජාත්‍යන්තර පරීක් ෂනයකට යාමට පෙරය. එහෙත් දැනටමත් ජාත්‍යන්තර පරීක්‍ෂණ ආයතන සතු ස්වාධීන තොරතුරු ඇති අතර ඉදිරි ක්‍රියා මාර්ග ගනු ඇත්තේ ඒ මත පදනම් වය. හේග් හි ජාත්‍යන්තර අපරාධ අධිකරනයේ ඒ අනුව නඩු පැවරෙනු ඇත.තවත් බොහෝ ප්‍රශ්ණ වලට පිලිතුරු දීමට සිදුවනු ඇත. අනුරාධපුර යේ ව්‍යාජ රැස්විම් මගින් ඒවා යටපත් කල නොහැකි වනු ඇත.
මහමොලකරුවන් ඇහැට පෙනි පෙනී ඉන්දැද්දී පොලිසිය අවුරුදු ගාණකට පස්සේ මේ මනුස්සයගෙන් කට උත්තර ගන්න හදනවා. නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් සමග තව ටිකක් හොයනවා වගේ ජෝක්...!
අනේ අවුරුදු කීයක් ගියාද මේ වැඩේට. පකිස්තානයෙ ලංකාවෙ ඉංජිනේරුව මැරුව මිනිසුන් හිරේදාලත් ඉවරයි. මෙික වෙනස් වෙන්න ඔන. රටක අදිකරනය තියෙන්න ඔන රටෙ මිනිසුන්ට හිතකර විදියට.