
(ඉන්දිකා රාමනායක සහ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කලක් තිස්සේ සෙම රෝගී තත්ත්වයකින් පෙලුනු දස හැවිරිදි දරුවකුට නිසි ප්රතිකාර ලබා නොදී යාඥා කරමින් සිටියදී නිවසේදී මරණයට පත්වීමේ සිද්ධියක් පිළිබදව සැකපිට එම දරුවාගේ මව පියා හා මිත්තනිය අත්අඩංගුවට ගත් බව බඩල්ගම පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ කටාන ආඩිමුල්ල ලිපිනයේ පදිංචිව සිටි කච්චි ආරච්ච්ගේ දොන් මලීෂ දුලක්ෂණ නැමැති පිරිමි දරුවෙකි.
කලක් තිස්සේ රෝගී තත්ත්වයේ පෙලුනු දරුවාට ළමා රෝහලේදීද ප්රතිකාර ලබාදී ඇති බවත් මාස පහක පමණ කාලයක සිට දරුවාගේ මාපියන් වෙන්නප්පුව ප්රදේශයේ පිරිිසක් හා එක්ව ආගමික කටයුතුවල යෙදෙමින් දරුවාගේ රෝගය සදහා යාඥා කිරීම කර ඇති බවත් හෙලිවී ඇත.
මෙම දරුවා ඉකුත් .07 වන දින අලුයම 0420ට පමණ මියගොස් ඇති අතර මිය යන විට දරුවාට උණ, කැස්ස, සෙම්ප්රතිශ්යාව වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබී ඇතැයි පොලිසිය හෙලිකරගෙන ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වගේ දේවල් ප්රවර්ධනය කරන පුජකවරුන්ට දැඩි දඬුවම් දිය යුතුයි .ඔය මහා මෝඩයින් තුන්දෙනාට ගල් ගහන්න ඕනේ.පවු අහිංසක දරුවා
මේ ආගම මොකද්ද කියලා දන්නා කෙනෙක් කියන්න පුලුවන්ද ?
කන් පැලෙන්න උදේ සවස ලවුඩ්ස්පීකර් වලින් පාරිසරික ශබ්ද දූෂණය කරලා කොරෝනා මඬින්න හදපු රටක් නේද මේක ?
නෙදකින් මුන් ඇත්තටම දෙමව්පියෝද?පත්තර වල කොච්චර පල වෙනවද මේ වගේ සිද්ධි.එත් මුන් තවම ගල් යුගයේ ඉන්නේ
අනේ මෙහෙමත් දෙමව්පියෝ
හලේලුයා
රටේ නායකයොත් මිත්යාවල් පස්සේ දුවනකොට රටේ මෝඩ මිනිස්සු ගැන මොන කතාද
කෝ අගරදගුරු තුමා මේ ගැන ප්රකාශයක් කරන්නෙ නැද්ද? පොඩි වුන්ට මෙහෙම කරන එක පව් නැද්ද අගරදගුරුතුමනි?