
(සුමිත් පොතුපිටිය)
තැඹිලි වල්ලක් කපමින් සිටියදී පාදයට පිහිපහරක් වැදී අධික රුධිර වහනය වී ගස උඩ සිහිමුර්ජාවී සිටි තරුණයකු කළුතර නගර සභාවේ ගිනිනිවන ඒකකය සහ පොලිසිය එක්ව බේරාගැනීමට හැකිවූ බව දොඩම්ගොඩ පොලිසිය කියයි.
මෙසේ තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ දොඩංගොඩ ප්‍රදේශයේ 26 හැවිරිදි තරුණයෙකි.
දොඩංගොඩ සුදර්ශනාරාම විහාරස්ථානයේ තැඹිලි වල්ලක් කැපීම සඳහා ඔහු ගසට නැග ඇති අතර, එහිදී තැඹිලි වල්ලට එල්ල කළ මන්නා පහරක් වම් පාදයකට වැදී ඇතිවූ අධික රුධිර වහනය සමගින් ඔහු සිහි මුර්ජා වී ගස උඩ සිරවී ඇත.
කළුතර නගර සභාවට සිද්ධිය සැලවීමත් සමගින් නගරාධිපති අමීර් නසීර් මහතා ගේ උපදෙස් පරිදි , ස්ථාන භාර ගිනි නිළධාරී ටී.ඒ.යූ.එස්. කුරේ ඇතුළු සිව්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ගිනි රථයක් සමග ස්ථානයට පිටත්කර යවා දැඩි පරිශ්‍රමයක් දරා තුවාල කරු බිමට ගෙන රෝහල් ගත කර ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළුතර නගරාධිපති, ගිනි නිවන ඒකකයේ ප්‍රධානියාගේ කඩිනම් අවධානය සහ නිවැරදි ක්‍රියාමාර්ග