(අංජුල මහික වීරරත්න)
වැල්ලත් ඔට්ටුයි,මහ පාරත් ඔට්ටුයි ඡන්දයකට එන්නැයි අගමැතිවරයා අනුරාධපුර ජන රැලියේදී කළ අභියෝගය සතුටින් භාර ගන්නා බව සමගි ජන ජනබලවේගයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා පැවසීය.
කල් දමා ඇති පළාත් පාලන මැතිවරණය කඩිනමින් තබා ජනමතය උරගා බලන්නැයි අගමැතිවරයාට අභියෝග කරන බවද මරික්කාර් මහතා කීය.
පොදුජන පෙරමුණ ජන රැලිය පැවැත් වූ අනුරාධපුර සල්ගාදු පිටියේම ලබන මාසයේදී සමගි ජන බලවේගය ද රැළියක් පවත්වා ජනමතය පෙන්වා දෙන බවද මරික්කාර් මහතා වැඩිදුරටත් කීය.
කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස් .එම් මරික්කාර් මහතා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව්. දැන් අපේ රටට එච්චරයි අඩු. ඡන්දයක් තියලා තවත් කෝටි ගාණක් වැය කරලා වෙනත් හොරු රංචුවක් අර ජලාශය මැද තියෙන හොර ගුහාවට යවන්න ඕනෑ...
ඈ.. රටේ භූමිය නේ ඔට්ටු අල්ලලා තියෙන්නේ. විකුණලා විකුණලා ඒක විතරද ඉතුරුවෙලා තියෙන්නේ? පුළුවන් නම් කාල්ටන් එක ඔට්ටු අල්ලන්න කියන්න...
තමුන්ලා දෙගොල්ලන්ටම පිස්සු වුණාට මහ මුදල් නාස්තියක් වෙන මැතිවරණ නාඩගමක් මේ වෙලාවේ ජනතාවට අවශ්‍ය නෑ...
මොකක් හරි ප්‍රකාශයක් කරලා ෆෝම් කර්න්න අභියෝග කලහම චූන් වෙලා කෑගහන කෙනෙක් ඕනම පක්ෂය ක ඉන්නවා.
තිරිසන් සතුන්ට කොහෙත් එකනෙ , මහපාරද ,ගෙදර ඉදිරිපිටද කැතකරන්න ඕන උනාම කැත කරන බව නේ මේ ඌරා කියන්නේ . කථාව ඇත්ත.
මෙයාල හිතං ඇති ඡන්දෙ ආවොත් කල්ල මරේ කියල . ඒ වැරැදි ලා. ඔයාල ඕනවට වඩා පිම්බෙන්න එපා. ආණ්ඩුව ට විරුද්ධව ඡන්දෙ ගන්න තවම හරි විපක්ෂයක් ලංකාවෙ නැහැ. ජවිපෙ ඔයාල ට වැඩිය ඡන්දෙ ගන්නවා .
ඇත්තටම කිව්වොත් මහත්තයෝ සාමාන්‍ය ජනතාව වන අපිත් බලාගෙන ඉන්නේ මැතිවරණයක් පවත්වනකල් තමයි. ඔය කාගෙ කාගෙත් හැටි හොඳටම දන්නා නිසා අපි එදාට ඒවාට සලකන්නම්...
අනේ යන්න...!
චා චා මොකටද වැල්ලෙයි, පාරෙයි ඔට්ටු සෙල්ලම් කරන්නේ..? ගෙදරටම එන්නම්කෝ.... සිංහල අපිට අප රටේ කොහෙත් එකයි.