(යොහාන් භාසුර)
අධිවේගී මාර්ගයේ කෙරවලපිටිය අන්තර් හුවමාරුවේ සේවකයන් කිහිප දෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනා ගැනීම හේතුවෙන් එම හුවමාරුවේ මුදල් ලබාගැනීමේ කවුළු තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව අධිවේගී මාර්ග කාර්යාලයේ නිලධාරියෙක් පැවැසීය.
කටුනායක හරහා අධිවේගී මාර්ගය පාවිච්චි කරන වාහන රියදුරන්ට ඇතුල්වීමේ පතක් ලබා ගැනීමෙන් තොරව මාර්ගයේ ධාවනය කර ගමනාන්ත අන්තර් හුවමාරුවේදී මුදල් ගෙවා පිටවිය හැකි බව එම නිලධාරියා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd