(සුමිත් පොතුපිටිය)
සැර විදුලි ධාරා එල්ල කරමින් මසුන් මැරීමේ නිරතවූ ධීවරයින් 9 දෙනෙකු අද(10) අලුයම අත්අඩංගුවට ගැනීමට වෙරළ ආරක්ෂක බළකාය සමත්ව ඇත.
මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ බේරුවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් පිරිසකි.
මේ සදහා යොදාගත් බලපත්‍ර නොමැති ධීවර බෝට්ටු හයක්ද භාරයට ගෙන ඇත.
නීතියෙන් තහනම් කර ඇති සැර විදුලි ධාරා එල්ලකර මසුන් මැරීමේදී වදවෙමින් පවතින මත්ස්‍ය විශේෂ සහ දුර්ලභ මසුන් විනාශ වීමේ අවධානමක් පවතින බවද සදහන් වේ.
සැකකරුවන් බේරුවල ධීවර පරීක්ෂක කාර්යාලයට භාරදීමට නියමිතයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඬුවම හැටියට මුන්ටත් කරන්ට් එක අල්ලන්න තියෙන්නෙ