(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

කොවිඩ් ආසාදනයවීම නිසා නිරෝධායනයට යොමු කෙරුණු කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දින දහයක පමණ නිරෝධායන කාලය අවසන් කිරීමෙන් පසු පාර්ලිමේන්තුවට ඊයේ (10) නැවතත් පැමිණියේය.

ඔහු සභාවේ කටයුතු ආරම්භයේදී මූලාසනාරූඪ වනු දැකගත හැකිවිය.

කොවිඩ් ආසාදනයවීම නිසා කතානායකවරයා කොළඹ බෝවන රෝග මධ්‍යස්ථානයට( අයි ඩී එච් රෝහල) පසුගියදා ඇතුළත් කරනු ලැබීය.

පසුව සුවය ලබා එම රෝහලෙන් පිටව ගිය අබේවර්ධන මහතා දෙහිවල පිහිටි සිය නිවෙසේ නිරෝධායනට යොමුවී සිටියේය.

කොවිඩ් වැළඳීමෙන් සුවය ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තවත් පිරිසක්ද පාර්ලිමේන්තු රැස්වීමට ඊයේ පැමිණියහ.

මේ දක්වා කොවිඩ් වැළඳුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 49කි. කොවිඩ් වැළඳුණු මන්ත්‍රීවරුන්ගෙන් තිදෙනකු තවදුරටත් නිරෝධායනයවෙමින් සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.