
(ඩයනා උදයංගනී)
සේවක අර්ථසාධක අරමුදල (ඊ.පී.එෆ්) සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල (ඊ.ටී.එෆ්) මගින් අයකිරීමට යෝජිත සියයට 25 අධිභාර බද්ද වහා අහෝසි කරන ලෙස ඉල්ලමින් අන්තර් සමාගම් සේවක සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් නාරාහේන්පිට පිහිටි කම්කරු දෙපාර්තමේන්තුව ඉදිරිපිට දී අද (10) දහවල් පැවැත්විණි.
එම උද්ඝෝෂණය පැවති ස්ථානයට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ද පැමිණ විරෝධතාකරුවන් සමඟ කතාබහක නිරතවිය.
එම අවස්ථාවේදී අන්තර් සමාගම් සේවක සංගමයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා සමඟ සාකච්ඡා කරමින් අදහස් හුවමාරු කරගන්නා අයුරු ද දක්නට ලැබිණි.
2020 අප්‍රේල් 01 වැනිදා ආරම්භ වන තක්සේරු වර්ෂයට අදාළව මෙම බදු මුදල අයකිරීමට නියමිතය.
(ඡායාරුප ශාන්ත රත්නායක)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනටමත් සෑම අවුරුද්දකම සේ අ අ ලාභයෙන් කොටසක් රජය ගන්නවා. ඒකටත් අමතරවයි මේ 25% අධිභාරය. මොල හතෙන් කල්පනාකරල කරන වැඩ නියමයි.
බයියන්ට මේවා තේරෙන්නේ නැහැ
එම අරමුදල් ඉපැයීම් නොව ඉතුරුම් ය; ඔවුන් බදු අය කිරීම සදාචාරාත්මක නොවේ!
මරිසිපාල ඇමතිතුමා ඔතන ඇවිත් නිදාගත්තේ නැද්ද?
ආදර්ශමත් ක්‍රියාවක්!
ඕකට ඇත ගැසීම එටහ්රම් හොඳ වැඩක් නෙමෙයි .වැඩ කරන ජනතාවට කරන ලොකුම අසාදාරණයක්
උඩ පැනගෙන ඡන්දෙ දුන්නු රාජ්‍ය සේවකයෝ කාටත් දැන්වත් මොලයක් පහළවෙලා නම්.... රට හොරුන්ගෙන් බේරාගන්න පොඩි චාන්ස් එකක් තියෙයි...