(අජිත්ලාල් ශාන්තඋදය)

රත්නපුර ශීක්‍ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකක තුනෙන් එකක් වසා එහි ප‍්‍රතිකාර ලැබූ රෝගීන්  ඔවුන් දැඩි සත්කාර ඒකක දෙකකට යොමු කළ බව රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය අනෝජ් රොඞ්රිගෝ මහතා පවසයි.

රටපුරා ක‍්‍රියාත්මක අතුරු වෛද්‍ය සේවා වැඩවර්ජනය හේතුවෙන් එම සේවාවල කාර්ය මණ්ඩල වැඩ වර්ජනයට එක්ව සිටීම නිසා රත්නපුර ශීක්‍ෂණ මහ රෝහලේ හදිසි ප‍්‍රතිකාර සේවා පවත්වාගෙන යාමට වෛද්‍යවරුන්ට තනිව සිදුවූ බව වෛද්‍යවරු පැවසූහ.

රෝහල අධ්‍යක්‍ෂ වෛද්‍ය අනෝජ් රොඞ්රිගෝ මහතාග කියා සිටියේ රත්නපුර මහ ශික්‍ෂණ මහ රෝහලේ දැඩි සත්කාර ඒකක තුනක් තියනවා.ඉන් එකක හිටියේ රෝගීන් දෙන්නයි. තවත් එකක රෝගීන් තුන්දෙනෙක් හිටියා. රෝගීන්ට ප‍්‍රතිකාර ලබාදීමේ පහසුව පිණිස අපි මේ රෝගීන් පස් දෙනාම එක දැඩි සත්කාර ඒකකයකට යොමු කළා. එතකොට ඉතිං එකක් ප‍්‍රතිකාර කටයුතු කරන්න රොගින් නොමැති බවයි