
(යොහාන් භාසුර සහ බී.ජී.චතුරංග)
අවුරුදු පහක් රට පාලන කර කෘෂිකර්මාන්තට කිසිම දෙයක් නොකළ විපක්ෂය අද ගොවි ජනතාව රවටා රට අරාජික කිරීමට උත්සහ කරනවා.වර්තමාන රජය ලබාගත් ජයග්‍රහණ බොරු ප්‍රචාරවලට රැවවී පාවාදීමට සූදානම් නොවිය යුතුයැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
විපක්ෂය එදා බොරු ප්‍රචාර කර මහින්ද රාජපක්ෂ මහතාට ජනතාව නැතිකර ආණ්ඩුව පෙරළල එදා තහවුරු කළ ජාතික ආරක්ෂා විනාශ කර දැමීම්මා. ඒ නිසා පාස්කු ප්‍රහාරය වැනි විනාශයන්ට මුහුණ දීමට ජනතාවට සිදුවූණා. යහපාලන ආණ්ඩුව බුද්ධ ශාසනය, රටේ සංස්කෘතිය සහ රටේ ස්වෛරීත්වය විනාශ කළා.
වර්තමාන ආණ්ඩුව නැවතත් ජාතික ආරක්ෂාව තහවුරු කර ආගමට සහ සංස්කෘතියට නැතිවී ගිය කූරගල සහ දීගවාපිය වගේ සංස්කෘතික උරුමයන් එකතු කළා. දේශීය සහ විදේශීය බලවේග මේ රජය පෙරළන්නට උත්සාහ කරනව.
රජය නොසිතු විරු අන්දමට ‘කොවිඞ්’ වසංගත අභියෝගය පැමිණිය ද නායකයෙක් හැටියට අභියෝගයට මුහුණ දුන්නා.
වැඩවර්ජන කරන අය මේ අවස්ථාවකදී ජනතාව දිහා බලා කටයුතු කළ යුතුයි. වැඩවර්ජන කරන අයගේ වගකීම ජනතාව වෙනුවෙන් තිබෙනවා. ඒ හේතුවෙන් ජනතාවට සේවය කරන ලෙස රාජ්‍ය සේවකයින්ගනේ ඉල්ලා සිටිනවා. ඉදිරි වසර තුන තුළ වගකීමෙන් කටයුතු කරන්න ලෙස ඉල්ලා සිටින බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේය.
රජයේ දේශපාලන සහ සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳව දැනුවත් කිරීම සඳහා අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී අද (9) පස්වරුවේ පැවැති රැළියේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවැසීය.
(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ වර්ජන කරන අයට ජනතාව ගැන හිතන්න කියනවා නං, වැඩ වර්ජන කරන මිනිස්සු ගැන හිතන්නේ අඟහරු ලෝකයේ ඉන්න මිනිස්සුද? දන්නේ නැති නිසයි අහන්නේ..? ඒ මිනිස්සු ඉර හඳ ඉල්ලන්නේ නැහැනේ...
වහල්ලු ගොඩ දැක්කාම ඇඬෙනවා තනි ඇහැට.. ලංකාව මේ තත්වේ නොතිබුණොත් තමයි පුදුමේ.., මෙහෙම වහල්ලු ඉන්නකොට...
කොච්චර යටිගිරියෙන් කෑ ගැහුවත් බැරිකම සහ මෝඩ කම වහගන්න බෑ.එතෙක් මෙතෙක් දැකපු පීචන්ම පොර . තාක් කල් ලංකාවට අබ සරණයි
ඕගොල්ලෝ කවද්ද ජනතාව ගැන හිතුවේ .හැමදාම රැවට්ටුවා මිසක්.ඒකනේ ගූ නැව් වලට නිකන් ඩොලර් මිලියන ගණන් ගෙවුවේ
මෙම පිතුරයෙන් පෙනී යනෙන් පන්දහසේ කොළ සෑහෙන්න අච්චු ගහලා ඇති බවයි .කොහොමත් ඔය පළාත් වල මිනිස්සු බොරු පුචානම් අහන්න හරි කැමති. ඇත්ත තත්වය දොට්ට පැනලා කුල්ල කුජීත වුනත් චෞර වන්දනා ගාථාව නම් වරද්දන්නේ නෑ
ඊළඟ ඡන්දෙදි තොපි ගෙදර යන්න ලෑස්ති වෙයල්ලා.පිටින් සෙනග ගෙනල්ලා පිට්ටනි පුරෝගෙන.ලැජ්ජයි.හුහුහු
කෙටියෙන්ම කියන්න තියෙන්නේ වල හාරගන්න
මෙදා පාර ජේ වී පී එකට දීලා මේ හොරු රල රටෙන්ම පන්නමු .තවත් මොවුන්ට රැවටෙන වහල්ලුන් වෙන්න එපා
රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී මුන් සංදර්ශන දානවා .නෙදකින්
එතෙක් මෙතෙක් පත්වූ අසාර්ථකම ජනපති .ඒ තනතුරටත් නිග්‍රා කරපු පුද්ගලයෙක් තමයි නන්දසේන කියන්නේ..බොරු කයිවාරු පමණයි ,ජනතාව හා රට මෙතරම් අසීරුතාවයකට මුහුණ දෙන අවස්තාවක චන්ද රැස්වීම් .69 ලක්ෂයකගේ බලාපොරොත්තු ක්ෂණයෙන් විනාශ කර දැමු ඒ අදුර දර්ශී පුද්ගලයාමොහු .මොහු ශ්‍රීලංකා ඉතිහාසයේ දුර්වලම පාලකයා වශයෙන් ඉතිහාස ගත වෙයි
තමන්ගේ තාත්තා ශල්‍ය කර්මයකට රෝහලට ඇතුල් උනාම පුතා කියනවා තාත්තා රෝහලට ගියේ වෙන ලෙඩෙක් බලන්නලු .ඉතින් ඔබතුමාලාගේ බොරුව ඉතිහාසයේම හොඳට ලියවිලා තියනවා
මෝඩයින්ටයි පිස්සන්ටයි හොඳටම කරන්න පුලුවන් දේ තමයි තේරුමක් නැතුව කෑගහන එක...මේ එයින් එකෙක්..
69 ලක්ෂයක් ජනතාවට සෞභාග්‍යයේ දැක්ම පෙන්නලා,රටේ ආරක්ෂාවට වගකියන නායකයෙක් කියලා පට්ටපල් බොරු බේගල් ගහලා බලයට ආපු තමුන්නේ ජනතාව ගැන හිතලා කටයුතු කරන්ඩ ඕනේ. දීපු පොරොන්දුවත් හරියට ඉෂ්ට කරගන්ඩ බැරි උනාට පවුල් පාලනේ බලලෝබියෝ කිට්ටු කරගෙන කරන හරිය රටම දන්නවා .