(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ(කෝප් කමිටුව) සභාපතිවරයා ලෙස මහාචාර්ය චරිත හේරත් මහතාද රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ( කෝපා කමිටුව) සභාපතිවරයා ලෙස මහාචාර්ය තිස්ස විතාරණමහතාද නැවතත් පත්වූහ.
එම කාරක සභාවන්හි රැස්වීම් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ පැවැත්විණ.
කමිටු සාමාජිකයන් බහුතරයකගේ කැමැත්තෙන් එම දෙදෙනා මෙසේ තෝරා ගැනුණු බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
නව වැනි පාර්ලිමේන්තුවේ පළමු වැනි සැසිවාරයේ මෙම කමිටු දෙකේ සභාපති ධූර හොබවනු ලැබුවේද මේ දෙදෙනා විසින්මය.
පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් වාර අවසාන කරනු ලැබීමත් සමග කෝප් සහ කෝපා කමිටු ඇතුළු කමිටු 50ක් පමණ අක්‍රීයව ගියේය.
කෝප් සහ කෝපා කමිටු තේරීම් කාරක සභාව විසින් පසුගියදා පත් කරනු ලැබීය.
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව වාර අවසාන කරනු ලැබුවේ කෝප් සහ කෝපා කමිටුවල සභාපති ධූර වෙනස් කිරීම සඳහා යැයි විපක්ෂයේ දේශපාලන නියෝජිතයෝ රැසක් පසුගිය කාලයේදි ප්‍රකාශ කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චරිත හේරත් මහතා විශ්ව විද්‍යාලයෙන් අස්වෙලා ඉන්නේ... එයාට මහාචාර්ය කියන්න බෑ දැන්... ආචාර්ය කියන්න...
මේ කෝප් - කෝපා සත පහක වැඩක් තියෙනවද? මේවයේ සභාපතිවරු පත්කරලා, කමිටු මාස ගනම් රැස් වෙලා හොරකම් වලට දෙන කමිටු නිර්දේස ආණ්ඩුව සත පහකට ගනම් ගන්නවද??? මේ කමිටු වලට වියදම් කරන කෝටි ගනම් මහජන මුදල් අපරාදේ.අපි වල පල්ලට යන රටක්.