බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරුන් දෙවැනි වරටත් ‘කොවිඩ් 19’ ආසාදිතයකු වී ඇතැයි ක්ලැරනස් හවුද් මන්දියට නිවේදනය කළේය.
වෛද්‍ය උපදෙස් අනුව කුමරුන් හුදෙකලා වී සිටින බවත් එම නිවේදනයේ සඳහන් වෙයි..
චාල්ස් කුමරු පළමු වරට ‘කොවිඩ් 19’ ආසිදිතයකු ලෙස හඳුනා ගැණුනේ පසුගිය 2020 මාර්තු මාසයේදීය. එම අවස්ථාවේදී ද කුමරු ස්වයං නිරෝධායනයට ලක්වුණු අතර, රෝහල්ගතවීමකින් තොරව වයිරසය පරාජය කළේය.
දෙවැනි වරටත් ‘කොවිඩ් 19’ ආසාදිතයකු ලෙස හඳුනා ගැනෙද්දී චාල්ස් කුමරු පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රා පමණක් නොව බූස්ටර් එන්නත ද ලබා ගෙන ඇතැයි ‘ක්ලැරන්ස් හවුස්’ මන්දිරය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
චාල්ස් කුමරු දෙවැනි වරට ආසාදිතයකු යැයි හඳුනා ගැනීම සිදුවූයේ අහඹු ලෙස කළ පී.සී.ආර්. පරීක්ෂණයකිනි. ස්වයං නිරෝධායනයට ලක්වුණු කුමරුන් සෞඛ්‍ය තත්ත්වය යහපත් බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මනින් සුව වේවා .නැතිනම් අර කැමේලාට දීපු ඔටුන්න ආපසු දෙන්න වෙනවා