(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
හැම මාසයකම පළමු සතියේ දී රාජ්‍ය ණය සහ ණය සේවා පිළිබඳව වාර්තාවක් පාර්ලිමේන්තුවට ලබා දෙන ලෙස හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (10) පැවසීය.
ලංකාවේ විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියනයකට වඩා අඩු බවට තොරතුරු ලැබී තිබෙන බව කී වික්‍රමසිංහ මහතා රජයේ විදේශ විනිමය සංචිතය පිළිබඳව පැහැදිලි තොරතුරු රජයට ලබාදිය යුතුව තිබෙන බවද සඳහන් කළේය.
"ව්‍යවස්ථාව 148 වන වගන්තියේ රාජ්‍ය මුදල් පාලනය ලැබී ඇත්තේ මේ පාර්ලිමේන්තුවටයි.අප විටින් විට ඉල්ලා තිබුනත් ඒ සමහර තොරතුරු ලැබී නැහැ.මා රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවෙන් ඉල්ලීමක් කරන්න කැමතියි.
හැම මාසයකම පළමු සතියේ දී අපට රාජ්‍ය ණය සහ ණය සේවා පිළිබඳව වාර්තාවක් මේ සභාවට ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.එවිට අපට ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට හැකියාව තිබෙනවා.
අද තිබෙන සමහර කරුණු වල චීනයෙන් සහ ඉන්දියාවෙන් එන currency swap (මුදල් හුවමාරු)සහ credit line ඇතුළත් කර තිබෙනවා.ඒ ගණන් හිලව් අපට වෙනම ලබාදෙන්න . මෙි තොරතුරු ලබා දෙනවා නම් අඩු ගණනේ මූල්‍ය ස්ථාවර බවක් ඇතිවෙනවා"යනුවෙන් ද රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊට ඉස්සෙල්ලා ඔයා හම්බන්තොට වරාය විකුනලා ගත්ත සල්ලි වලට කරපු දේ පෙන්නන්න .එදා ඉඳන් රට කාලා දැන් බොරු ශොව් දාන්න එපා
ඒ තොරතුරු දුන්නොත් අර හොරකම් කරපු සල්ලි ආපහු ගේනවද ?
නීත්‍යානුකූල ප්‍රඥප්තියක්!
ඒ කාලේ මහ බැංකුව සුද්ද කරපුවා මහහරියටම හරිද කියලා බලන්න වෙන්න ඇති..