කොරෝනා රෝගීන් අරන් ගිය වෑන් රථය පානදුරදී අනතුරක කොරෝනා රෝගීන් රැගෙන යමින් සිටි පෞද්ගලික රෝහලකට අයත් සුඛෝපභෝගී වෑන් රථයක් අද (27) සවස පානදුර අලුබෝමුල්ල ප්‍රදේශයේ දී , නවතා තිබූ ලොරි රථයක සහ යතුරුපැදියක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි අලුබෝමුල්ල පොලිසිය කියයි . 27 December 2021
පල්ලේකැලේ සිරගෙදරින් පැන්න සැකකරැවකුගේ මළ සිරුර මහවැලි ගගේ? පල්ලේකැලේ එළිමහන් සිරකඳවුරෙන් පැන ගොස් මහවැලි ගග හරහා පිහිනා යද්දී දියේ ගිලී මරණ පත්වූ බවට සැකකෙරෙන රැඳ වියකුගේ මළ සිරුරක් ගුරුදෙණිය ප්‍ර දේශයේදී මතුවී ඇතැයි තලාතුඔය පොලිසිය පවසයි. 27 December 2021
ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ බඩු මිල අහස උසට ගොස් තිබෙන අවස්ථාවක බස් ගාස්තු ද වැඩි කිරීමෙන් ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නාටත් එහා ගිය පීඩාවකට ජනතාව පත්ව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය. 27 December 2021
පිළියන්දල ව්‍යාපාරික ස්ථානයක ගින්නක් පිළියන්දල දොලේකනත්ත හංදිය ප්රදේහයේ පිහිටි වාහන අමතර කොටස් ආයතනයක ඇති වූ ගින්නකින් දෙමහල් ගොඩනැගිල්ල ඇතුළු වාහන කොටස් ගිනි ගෙන විනාශ වී ඇතැයි පිළියන්දල පොලිසිය කියයි. 27 December 2021
කොරෝනා මරණ තවත් 17ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 17 දෙනකු ඊයේ (26) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (27) තහවුරු කළේය. 27 December 2021
ගම්පහ දිසා ලේකම් පුටුව මාසයක් තිස්සේ හිස් ගම්පහ දිස්ත්‍රික් ලේකම් ධූරය මාසයක කාලයක් පුරා හිස්ව පවතීම නිසා රාජකාරි කටයුතුවලට බාධා සිදුවන බව ආයතන ප්‍රධානීහු පවසති. 27 December 2021
දුම්රිය ප්‍රවේශපත් නිකුත් කිරීම දුරකථනයෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනයට මුහුණදීම සඳහා දුරකථනය මගින් දුම්රිය ප්‍රවේශපත් වෙන්කර ගැනීමේ ක්‍රමයක් ආරම්භ කිරීමට සැලසුම් කරමින් සිටින බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා ’ලංකාදීප’යට පැවැසීය. 27 December 2021
පොහොර මෙට්‍රික්ටොන් 93000 ක් ආනයනය කරයි රසායනික පොහොර තහනම ඉවත් කිරීමෙන් පසුව පොටෑසියම් ක්ලෝරයිඩ් ඇතුළු රසායනික පොහොර මෙට්‍රික්ටොන් 93000 කට අධික ප්‍රමාණයක් මේ වන විට ආනයනය කර ඇතැයි පොහොර ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා පැවසීය. 27 December 2021
පී.බී.ගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනී ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර මහතාගේ ඉල්ලා අස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිළිගනු ලැබ ඇත. 27 December 2021
ඔමික්‍රෝන් සාම්පල 96 ක් ජ’පුර වෛද්‍ය පීඨයට මෙරටින් විශේෂයෙන් හඳුනාගනු ලැබූ ජෛව පටල සාම්පල 96 ක් ඔමික්‍රෝන් ඇතුළු සැර කොරෝනා වයිරස ප්‍රභේද ඇත්දැයි ස්ථිරයෙන්ම තහවුරු කරගැනීම සඳහා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානියා විසින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධයන අංශයට අද (27) බාරදෙනු ලැබීය. 27 December 2021
මධුසමයට ආ ලෙබනන් යුවළ ගිය යානය කිඹුලාපිටියට ගොඩ බස්වයි - වීඩියෝ මීගමුව කිඹුලාපිටිය ප්‍රදේශයට හදිසියේම සැහැල්ලු ගුවන් යානයක් යාන්ත්‍රික දෝෂයක් ගොඩ බස්වා ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පවසයි. 27 December 2021
පරිවාස හා ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් අවාසනාවන්ත ලෙස පියා සහ බාප්පාගේ පහර දීමෙන් ඝාතනයට ලක්වූ ගම්පොල දැරියගේ මව සහ අනෙකුත් සහෝදරියන් දෙදෙනාගේ ආරක්ෂාව කෙරෙහි අවධානය යොමු කරන ලෙස ඉල්ලමින් සමගි වනිතා බලවේගය පරිවාස හා ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව වෙත අද (27) පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය. 27 December 2021
ගෑස් කාන්දුවෙන් නිවෙස අළු වෙයි කල්පිටිය කුරක්කන්හේන ගම්මානයේ කුඩා නිවෙසක සිදු වූ ගෑස් කාන්දුවකින් එම නිවෙස ගිනි ගෙන සම්පුර්ණයෙන් විනාශ වූ පුත්තලම කොට්ඨාශ අපරාධ ස්ථානීය පරික්ෂණ නිළධාරින් විසින් පුර්ණ පරික්ෂාවකට ලක් කිරීම සිදුවු බව කල්පිටිය පොලිසිය පවසයි. 27 December 2021
ඕස්ට්‍රේලියාවෙන් පළමු ඔමික්‍රෝන් මරණය ඕස්ට්‍රේලියාවෙන් පළමු ‘ඔමික්‍රෝන්’ මරණය වාර්තා විය. ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීන් අනතුරු අගවමින් පවසා ඇත්තේ මේ වනවිට ‘ඔමික්‍රෝන්’ විකෘතිය ඉතාමත් වේගයෙන් ඕස්ට්‍රේලියානු සමාජයේ ව්‍යාප්ත වෙමින් පවතින බවය. 27 December 2021
ප්‍රංශයේ දෛනික ආසාදිතයන් ලක්ෂය පනී ප්‍රංශයේ දෛනික ’කොවිඩ් 19’ ආසාදිතයන් ගණන මේ වනවිට ලක්ෂය පසු කර ඇතැයි එරට සෞඛ්‍ය අංශ පවසයි. ගතවුණු පැය 24 ඇතුළත ප්‍රංශයෙන් වාර්තා වූ ආසාදිතයන් ගණන 104,611 කි. 27 December 2021
සාදයට කුඩු ඇද්ද පාසල් මිතුරියෝ හතරක් මාට්ටු දික්වැල්ල ප්‍රදේශයේ පැවැත්වෙන අලුත් අවුරුදු සාදයක් සදහා අධිවේගී මාර්ගය ඔස්සේ සුඛෝපභෝගී මෝටර් රථයකින් මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කළ බව කියන සුරූපී කතුන් සිවුදෙනකු අධිවේගී මාර්ග කොට්ටාව පිවිසුමේ දී (27) දා අත්අඩංගුවට ගත් බව අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාශය පවසයි. 27 December 2021
සියයට අටකින් බස් ගාස්තු ඉහළට බස් ගාස්තු සියයට 8කින් සහ අවම බස් ගාස්තුව රුපියල් 16 දක්වා ඉහළ දැමීමට ප්‍රවාහන අමාත්‍යාංශය කටයුතු කර ඇතැයි වාර්ථාවේ. 27 December 2021
ලොව කොරෝනා ව්‍යාප්තිය සියයට 16 කින් ඉහළට කොරෝනා වයිරස ව්‍යාප්තිය මීට සති දෙකකට පෙර සියයට තුනක්ව පැවැතිය ද පසුගිය සතිය වන විට එය සියයට 19 දක්වා ඉහළ ගොස් ඇතැයි කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා සකසා ඇති වාර්තාවකින් දැක්වෙයි. 27 December 2021
සාකච්ඡා අසාර්ථකයි දුම්රිය ස්ථානාධිපති වර්ජනය දිගටම දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අතර අද පැවැති සාකච්ඡා අසාර්ථකවීම නිසා දුම්රිය ස්ථානාධිපති වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන ස්ථානාධිපතිවරුන්ගේ සංගමය කියයි. 27 December 2021
’හොර නෝට්ටු ගැන සැළකිලිමත් වෙන්න’ රට පුරා ව්‍යාජ මුදල් නෝට්ටු විශාල වශයෙන් සැරිසරමින් පවතින හෙයින් ඒ සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් වන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 27 December 2021
ඉපැරණි දේව ප්‍රතිමා සොරා ගත් දෙදෙනකු අත්අඩංගුවට උතුරු පළාතේ හිංදු කෝවිල් තුළ පවතින ඉපැරණි දේව ප්‍රතිමා සහ භාණ්ඩ සොරාගෙන කොළඹ ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයින්ට අලෙවි කිරීමේ ජාවාරමක නිරතවූ පුද්ගලයින් දෙදෙනකු කොළඹ ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව තෙලිප්පලෙයි පොලිසිය කියයි. 27 December 2021
ඉන්ධන මිල වැඩියි සජබ තරුණයෝ කියති ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් සමගි තරුණ බලවේගයේ නියෝජිතයන් පිරිසක් ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවතේ පිහිටි බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිටදී අද(27) පෙරවරුවේ විරෝධතාවයක නිරත වූහ. 27 December 2021
අලිවැටට එරෙහි පෙත්සම විභාගයට අවසර වනජීවි දෙපාර්තමේන්තුව ගැසට් පත්‍රයේ සදහන් නිර්නායක උල්ලංඝනය කරමින් විදුලි වැටක් ඉදිකිරීමෙන් කුඔුරු වගාවන් රැසකට බරපතල හානි පමුනුවා ඇති බවට චෝදනා කරමින් අනුරාධපුර එක්සත් කෘෂිකර්ම සංසදයේ සභාපති විශ්‍රාමික සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ ආර් එම් නවරත්න බංඩා මහතා අධිකරණය හමුවේ පවරා ඇති පෙත්සම මාර්තු 3 වැනි දා විභාග කිරීමට අනුරාධපුර දිසා විනිසුරු සහ අතිරේක මහේස්ත්‍රාත් නදීකා ඩි.පියරතන මහත්මිය නියෝග කළාය. 27 December 2021
පොලිස් වෙස් ගෙන පුද්ගලයින් බිය වැද්දවූ දෙදෙනකුට වැඩ වරදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් යැයි පවසමින් කැලෑ නිල ඇඳුමක් පැළඳ සිටින ඡායාරූපයක් ජංගම දුරකතනයේ තබාගෙන හා පොලිස් කොස්තාපල්වරයකු ලෙස ව්‍යාජ ඡායා පිටපතක් සන්තකේ තබාගෙන පුද්ගලයන් බිය වද්දමින් මුදල් සහ මත්පැන් බලහත්කාරයෙන් ලබා ගත්පුද්ගලයන් දෙදෙනකු පෑලියගොඩ ධර්මමඩු වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථාන කවුර කියයි. 27 December 2021
රිය අනතුරින් අයෙක් මරුට තඹලගමුව පොලිස් වසමට අයත් මොල්ලිපොතන 96 ප්‍රදේශයේදි අද (27) සිදු වු ටිපර් රථ හා ලොරිරථ අනතුරකින් ලොරිරථයේ රියදුරු මියගොස් ටිපර් රථයේ රියදුරු තුවාල ලැබු බව පොලිසිය කියයි. 27 December 2021
‘‘රැකියාවේ පීඩන තිබුණත් මිනී මරන්න බෑ‘‘ රැකියාවේ මොනතරම් පීඩනය ආවත් හිතුමනාපේ මිනිමරන්න කිසිවකුටත් අයිතියක් නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික ) සරත් වීරසේකර මහතා පැවසීය . 27 December 2021
ගෑස් ප්‍රමිතිය බැලීමේ බලය ප්‍රමිති ආයතනයට ගෑස්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට ආනයන, අපනයන පාලකවරයා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට ලිඛිත අවසර දුන් බවත් එය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කළ යුතුව ඇති බවත් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය. 27 December 2021
රටපුරා වැසි රහිත කාලගුණයක් රට පුරා අදත් (27) වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 27 December 2021
නත්තල් සාදය මරණයෙන් කෙළවර වෙයි මට්ටක්කුලිය පොකුණුවත්ත ප්‍රදේශයේ දී පැවැත්වූ නත්තල් සාදය කින් අනතුරුව තරුණයකුට පිහි ඇනුමකට ලක්ව මියගොස් ඇතැයි පොලිසිය කියයි. 27 December 2021
ආණ්ඩුව සියල්ල අවුල් කරගෙන ආණ්ඩුව ආර්ථික, දේශපාලනික, ජාත්‍යන්තර ආදි සියලු ගැටලු අවුල්කරගෙන ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 27 December 2021
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026