
(ඩයනා උදයංගනී)
සේවක අර්ථසාධක අරමුදලෙන් (ඊ.පී.එෆ්) සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලෙන් (ඊ.ටී.එෆ්) සියයට 25 අධිභාර බද්දක් අයකිරීමේ යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සම්පූර්ණයෙන්ම විරුද්ධ බව එහි ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.
මේ වන විට විදෙස්ගතව සිටින පක්‍ෂ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළි මෙරටට පැමිණි පසු පක්‍ෂ දේශපාලන මණ්ඩලය, මධ්‍යම කාරක සභාව සහ පරිපාලන කමිටුව එක්ව මේ ගැන සාකච්ඡා කර ඉදිරියේදී කටයුතු කළ යුතු ආකාරය ගැන තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මෙම අරමුදල්වලින් අධිභාර බද්දක් අයකරගැනීමේ යෝජනාවට විෂය භාර ඇමතිවරයා ද විරුද්ධත්වය පළ කර ඇතැයි කී ශාන්ත බණ්ඩාර මහතා සාර්ථක වනු ඇතැයි තමන් නොසිතන බව ද කීවේය.
ශාන්ත බණ්ඩාර මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි එම පක්‍ෂ මූලස්ථානයේ දී අද (11) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඊ.ටී.එෆ් සහ ඊ.පී.එෆ් අරමුදල්වලින් එම බද්ද අයකිරීම වැඩකරන ජනතාවට විශාල වශයෙන් බලපාන ප්‍රශ්නයක් බැවින් ජනාධිපතිවරයා හා මුදල් අමාත්‍යවරයා සමඟත් ඒ ගැන සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව මන්ත්‍රීවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හලෝ, නිකන් ගොබ්බයින් වගේ අපි අකැමැතියි කියන්න එපා.. විස්තර සහිතව අකැමැති වීමට හේතු දක්වන්න. අපිට නොපෙනෙන පැත්තක් තිබෙනවා නම් බලාගන්න.
මේ ටැක්ස් වලට සියලු දෙනාටම විරුද්ධව නීති සකස් කළ යුතුයි.
එළියේ බොරුවට බයිලා කිව්වට ඇතුළෙදි අත උස්සනවනේ..!
ලංකාවේ අපි බදු ගෙවන්නේ ලබා ගන්න වතුරවලට. කැනඩාවේ පාවිච්චිකර ඉවතලන වතුරටත් බදු ගෙවනවා. අපි ගාස්තු ගෙවන්නේ පාවිච්චි කරන විදුලියට... කැනඩාවේ විදුලිය කම්බි දිගේ ගෙදරට එනවාටත් ගෙවනවා. අපි ඉඩමක් අවසාන මොහොතේ දරුවන්ට ලිව්වාම රජයට ගෙවන්නේ වටිනාකමින් 1.5% මුද්දර ගාස්තු කැනඩාවේ ඉඩම ලබන දරුවා වටිනාකමින් 50%ක් රජයට ගෙවිය යුතුයි. ඔහු ඒ ඉඩම ඔහුගේ දරුවෙකුට දුන්නාම ඔහුත් ඉඩමේ වටිනාකමින් 50%ක් රජයට ගෙවිය යුතුයි. ඔන්න ඔහොමයි දියුණු රටවල බදු ගහන්නේ. ඔය බදුවලින් තමයි රටේ අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය, පොලිස් සේවය ඇතුළු අනිකුත් රාජ්‍ය සේවා පවත්වාගෙන යන්නේ. අර්ථ සාධක මුදල ආයෝජන කර ලාභ උපයනවා නම් ඒ ලාභයට බදු ගැසුවාට ඇති වැරැද්ද මොකක්ද? අපි මේ බද්දට විරුද්ධයි කියන ගොබ්බයෙක් පැහැදිලි කළොත් හොඳයි... අපිට දැනගන්න...