
(නිමල් ලන්දගේ)
දික්වැල්ල - බෙලිඅත්ත ප‍්‍රධාන මාර්ගයේදි වැවුරුකන්නල දුම්රිය ස්ථනය ආසන්නයේ මැල්පුර වංගුවේදී පුද්ගලික මගී ප‍්‍රවාහන බස් දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් බස් රථයක රියදුරු මරුමුවට පත්ව අනෙක් බස් රථයේ රියදුරු ඇතුළු මගීන් 15 ක් පමණ තුවාල ලබා රෝහල්වලට ඇතුලත් කළ බවත් දික්වැල්ල පොලිසිය පවසයි .
මාතර සිට කතරගම බලා ගමන්කරමින් සිටි බසු රථයේ රියදුරු වන අචල විජේසිංහ නැමති දෙදරු පියකු මරණයට පත්ව ඇති බව පොලිසිය කියයි .
තංගල්ල සිට කොළඔ බලා ගමන් කරමින් තිබූ බස් රථයේ රියදුරා හා තුවාල ලැබූ සෙසු මගීන් දික්වැල්ල තංගල්ල හා මාතර රෝහල්වලට ඇතුලත් කර ඇත


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞදි අරාබියේ ඉන්න මිනිසුන්ට පාඩමක් ඉගෙන දන්නා ගැටුණු වාහන පාරේ ප්‍රදර්ශනය කරනවා. ඒ වාහන දැක්කාම ඇතුලේ හිටිය මිනිසුන්ට මොකද වුනේ කියලා අපිට හිතාගන්න පුළුවන්... බස් ඩ්‍රයිවරයින්ට පාඩම ඉගෙන ගන්න මැරිච්ච ඩ්‍රයිවර් ප්‍රසිද්ධ හන්දියක ප්‍රදර්ශනය කරන්න... බෝඩ් එකක ප්‍රදර්ශන කරන්න පාරේ වෙට්ටු දාලා හම්බ කරන්න ගියේ බස් මුදලාලිට... මම මැරුණා කියලා ඒ මිනිහාට පාඩුවක් නැහැ. දැන් මිනිහා වෙන බස් එකක් ගනී, ඩ්‍රයිවරයෙක් ගනියි... මගේ ළමයින්ට තාත්තා කෙනෙක් බිරිඳට සැමියෙක් පවුලට සහෝදරයෙක් නැති වුණා. අනේ අපොයි මං කරගත්තු දේ කියලා...!!!
මේ අය පාරේ බස් අරන් යන විදියට ඔහොම කුඩුවෙලා නතර වුණොත් ඇති...!
බොහෝ පුද්ගලික බස්රථ රියදුරන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලයි දැන් බස්රථ පදවන්නේ.. මේවා තමයි ප්‍රතිඵල...
මේවාට පොලිසියත් වගකිව යුතුයි. පොලිසිය කරන්නේ හැංගි මුත්තන් කරමින් වැරැදි කරුවන් අල්ලාගෙන දඩ ගහන එක විතරයි. ඉන් එහාට දඬුවම් නැහැ. වැරැදි කරන එකෙන් වළක්වා ගන්න බලන්නේ නැහැ. පාරේ නිතරම පේන්න ඉන්නවා නම් අඩු ගානේ අනතුරු වළක්වා ගන්න පුළුවන්... දඩවලට එහාට ගිහිල්ලා උසාවි දැම්මොත් තවත් හොඳයි. දඬුවම් තවත් දැඩි කළ යුතුයි.