
සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ
දුලාන් සමීර සම්පත් නොහොත් ‘‘අබ්බා‘‘ නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බළකාය සමග ඇතිවූ වෙඩි හුවමාරුවකදී මරුමුවට පත්ව ඇතැයි එගොඩඋයන පොලිසිය පවසයි .
වෙඩි ප්‍රහාරයේ දී විශේෂ කාර්ය බලකා සෙබළකුද සුළු තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුලත් කර තිබේ.
මියගොස් ඇති තැනැත්තා විදේශ රටක සැඟව සිටිමින් මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බව කියන ‘‘පානදුර සළිදු‘‘ නැමැත්තාගේ ප්‍රධාන ගෝලයකු බවද පොලිසිය කියයි.
විශේෂ කාර්ය බළකාය එගොඩඋයන ,මෝදර, ජාතික නිවාස ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් අතරතුර , නිවසක කාමරයක් තුලදී රාත්‍රි 11 ට පමණ වෙඩිතැබීම සිදුව ඇතැයි පැවසේ.
වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා සිටී අබ්බා නැමැත්තා සහ සුළු තුවාල ලැබූ සෙබළා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර , සුලු වේලාවකදී අබ්බා නැමැත්තා මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
වෙඩි ප්‍රහාරය එල්ලවූ කාමරය තුල විශාල ලේ ප්‍රමාණයක් ගලාගොස් තිබූ අයුරුද දැකගත හැකිවිය .
ගල්කිස්ස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් පරීක්ෂණ සිදුකල අතර , වෙඩිතැබීමට යොදාගත් ගිනි අවිය සහ සගවා ඇති බව කියන ආයුධ සොයා සෝදිසි මෙහෙයුමක් සිදුකරන බවද උසස් පොලිස් නිලධාරියෙක් කීය .
එගොඩඋයන , මෝදර ප්‍රදේශයේ සහ පානදුර මූලික රෝහලේ විශේෂ කාර්ය බළකා නිලධාරීන් ගෙන් සමන්විත විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් මේකටත් සම හරක් උම්බෑ කියයි
හැමදාම වෙන්නේ එකම දේ. කුඩු කාරයා වෙඩි හුවමාරුවෙන් මැරෙනවා. විශේෂ කාර්ය බලකා සෙබලා සුළු තුවාල ලබනවා.
මරණ දඩුවම නැත්නම් විකල්පය කුමක්ද? ඔහොම යං…!
ඔහොම මැරුවා කියලා කුඩුජාවාරම නතරවෙලා තියෙනවද? ජාවාරම් කාරයෙක් මැරුණාම මෝඩ චූන් ගන්න එපා...
සමාජයට ලොකු විෂබීජයක් වෙන්න තිබුණු කෙනෙක්.. නියපොත්තෙන් කපන්න තියෙන දේ පොරොවෙන් කපන්න ඉඩ නොතියපු එක හොඳයි..!
මේ අය මේ රටේ එක දරුවෙක් ඉතිරි කරන්නේ නැතිවෙයි, පාසල්වල දරුවන් හෙමිහිට මතට ඇබ්බැහි වෙමින් පවතිනවා. කොළඹ නගරයේ විතරක් නෙවෙයි, ඈත පිටිසර ගම්වල පාසල්වල පවා මතට ඇබ්බැහි වුණු මත් කුඩුවලට ඇබ්බැහි කරවන, විකුණන සිසුන්, සිසුවියන් පොකුරු විශාල ප්‍රමාණයක් බිහිවෙලා තියෙනවා. මේ ලොකු ව්‍යවසනයක පෙර නිමිති...
මේ වගේ අය අපායට යවනකොට සමහර අයට රිදෙන බව පේනවා. ඇමරිකාව විෂ එන්නත දීලා විනාඩි 15ක් විතර මැරෙන විදියටයි මරණ දඬුවම් දෙන්නේ... ඇයි අපිට බැරි?