(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)
විදේශ රැකියාවල නියුතුව සිටියදී මරණයට පත්වූ, රෝගීවූ සහ අනතුරුවලට ලක්වූ රක්ෂණ වන්දි සඳහා හිමිකම් නොලබන විගමනික ශ්‍රමිකයින් සඳහා සේවක සුබසාධන අරමුදලෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් වන්දි ලෙස පසුගියදා පිරිනැමීය.
සේවක සුභසාධන අරමුදල් කමිටුව ප්‍රතිලාභීන් 84 ක් සඳහා රුපියල් මිලියන 9.95 ක මුදලක් ප්‍රදානය කිරීමට අනුමැතිය ලබාදුන් බවත් ඒ අනුව බස්නාහිර පළාතේ ප්‍රතිලාභීන් 47 ක් සඳහා රුපියල් මිලියන 5.25 ක රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා අතින් ප්‍රදාන කළ බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි.
සහන ප්‍රතිලාභ පිරිනැමීම විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපල විවිධාංගීකරන රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා සඳහා විදේශ ගතවන සියලුම ශ්‍රී ලාංකිකයන්ට නොමිලයේ රක්ෂණාවරණයක් හිමි වන බවත් එම රක්ෂණාවරණයේ ලියාපදිංචි වලංගු කාලසීමාව තුළ මරණ වෙනුවෙන් සහ බරපතල රෝගී තත්ත්වයන්, අනතුරු සහ හිරිහැර සඳහා වන්දි හිමිවන බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
එම රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ආවරණය නොවන අවස්ථාවලදී ඉතාමත් සාධාරණ හේතූන් සඳහා මානුෂීය පදනම මත සලකා බැලීම සඳහා සේවක සුබසාධන අරමුදලෙහි විශේෂ කමිටුවට යොමුකරනු කරන බවත් එම කමිටුව ගන්නා තීරණයන් මත සහන සළසන බවත් එම කාර්යාංශය කියයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
විගමනික ශ්‍රමිකයිට රුපියල් කෝටියක රක්‍ෂණ වන්දි
සුමනා Friday, 11 February 2022 01:38 PM
ඕවා ඡන්දේ ළංකරලා කරන බොරු වැඩ කියලා දන්නවා ආයුබෝවන්... අර කොරෝනා කාලේ රට ඉඳන් ආපු අපිව බොරුවට හිර කරලා, සල්ලි ගරාගත්තුවා අමතක වෙන්නේ නැහැ...
අතුල සෞදි Friday, 11 February 2022 06:47 PM
ලංකාවේ රක්ෂණ වන්දි ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඊට වඩා ලේසියි ඉබ්බාගෙන් පිහාටු ගන්නවා. කොටින්ම කිව්වොත් මැරුණු කෙනාගේ කට උත්තරයක් විතරයි ඉල්ලන්නේ නැත්තේ...!
අතුල සෞදි Friday, 11 February 2022 07:00 PM
කරුණාකරලා මේ මාධ්‍ය සංදර්ශන ගැන ලියන්න එපා. සැබෑ ලෙසම වන්දි ලැබියයුතු එහෙත් ඒ සඳහා හිමිකමක් නොලැබුණු අය පිළිබඳව ගවේෂණාත්මක අධ්‍යයනයක් කර වාර්තා කරන්න. අපි ජනමාධ්‍යයෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ සමාජ ශෝධනයක්... අපි දන්න සත්‍ය තොරතුරුත් දෙන්න පුළුවන්...