IMG-LOGO

දින පහේ මන්ත්‍රීට කෝටි 6ක වාහන බලපත්‍රයක්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

පසුගිය රජය සමයේදී එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පත්වී මේ සභාවේ දින පහක් පමණක් සිටි මන්ත්‍රීවරයකු ගෙදර ගොස් ඇත්තේ ඔහුට රජයෙන් ලැබුණු වාහන බලපත්‍රය කෝටි හයකට විකුණා බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී  පැවැසීය.

පිරිමි හෙදියක ලෙස කටයුතු කරන මේ හිටපු මන්ත්‍රීවරයා දැන් ජනතාවගේ දුක ගැන කතා කිරීමට පටන් ගෙන ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසූවේ අපරාධ නඩු විධාන සංග්‍රහය පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියැවීමේ විවාදයේදීය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ සහ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ කරට අතදාගෙන සිටි මේ පුද්ගලයා එසේ ඔඩොක්කුවේ සිටියදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැටුප් විෂමතා ගැන කතා නොකළේ මන්දැයි තමා ප්‍රශ්න කරන බව අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ‍ය.

වසංගතයක් පවතින අවස්ථාවක ජනතාව බිල්ලට දෙමින් වැඩ වර්ජන පැවැත්වීම සාධාරණ නැතැයි පැවසූ අමාත්‍යවරයා විරුද්ධ පක්ෂයට අදහසවී ඇත්තේ ආණ්ඩු විරෝධී රැල්ලක් හැදීමට යැයිද ප්‍රකාශ කළේය.

මේ වැඩ වර්ජන කරන අයට හෙන ගහන්න ඕන කියලා කාන්තාවක් රූපවාහිනියේ පවසනු තමා ඊයේ දුටු බවද ඔහු කීවේය.

 



අදහස් (13)

දින පහේ මන්ත්‍රීට කෝටි 6ක වාහන බලපත්‍රයක්

වසන්ත කුමාර Thursday, 10 February 2022 11:58 PM

එහෙම දෙයක් කරලා තියෙනවානම් ඒක වරදක් නම් ඇයි මං අහන්නේ නීතියට අනුව ඔහුට විරුද්ධව කටයුතු නොකර නිකම් මේ පම්පෝරි ගගහ ඉන්නේ? බැලුවහම තමුසෙලා කොයි එකත් එක වගේ වංචාවෙන් හරි හම්බ කරගෙන රට විනාස කරන එවුන්.

:       5       80

Sam Friday, 11 February 2022 06:12 AM

රනිල්ට කඩේ යන වහල්ලු තාම ඉන්නවනේ...

:       4       6

පැරකුම් Friday, 11 February 2022 06:46 AM

අද අපේ රටේ මන්ත්‍රීකම තරම් වටිනා තවත් දෙයක් නැතිබව පැහැදිලියි නේද?

:       0       9

රත්‍රන්හාමි Friday, 11 February 2022 06:59 AM

ඔයාට මොංගල්ද ඩාලිං.ඔය කියන ඒවා ඉතින් තම තමන්ගෙ වාසිය වෙනුවෙන් දියවන්නා පට්ටියේ එවුන් හදපු නීති නේද. අනුන්ට ඇගිල්ල දික්කරන විට හතරක් තමා දෙසට ඇති බව සිතන්න හැකිවේවා .තමුන්ගෙ එකෙක් ගියානම් ඔහොම නොවෙයි .කියන්න පුළුවන්ද නිකම් ජනතාව රවටන්න එපා

:       2       54

Sam Friday, 11 February 2022 07:37 AM

හම්බ කරලා ඩොලර් යවන්න ලංකාවට. වහල්ලුන්ට සහ ස්වාමියන්ට මංකොල්ල කන්න

:       1       45

සමිත සේනක අලුත්ගමගේ. Friday, 11 February 2022 08:18 AM

මේ කතාව මේ වෙලාවෙම ඇමතිවරයා කියන්නේ මේ දිනවල රජයට එරෙහිව කිසියම් කටයුත්තක නිරතවී සිටිනා අයෙකුට බව පැහැදිලියි.ඒත්,වරද පේන්නේ තමන්ගේ පැත්තට එරෙහි උනාම පමණයි.මේ රටේ ඇති බොහෝ පාට පක්ෂ දේශපාලනයේ පිළිකුල් බව ගැන ජනතාව හොඳින් සිහි බුද්ධියෙන් විමසා බලා කටයුතු කළ යුතුයි.මේ රටේ දේශපාලන අංශ බලයට ඒමට පෙර කියනා ඒවා බලය ලබාගත් පසු සිදුකරන්නේ නැහැ.මෙතෙක් පැවැති ආණ්ඩු මේ සඳහා හොඳ සාක්ෂි දී තියෙනවා.දැන් පාරවල් ගානේ උද්ඝෝෂණ කරනා අය ගැන වුවද,සිහිබුද්ධියෙන් සිතා බැලීම වැදගත්.මන්ද යත්,අප හැමදාම දේශපාලකයන්හට රැවටුණු අය.

:       5       42

Pradeep Kumara Friday, 11 February 2022 09:27 AM

සමන් රත්නප්‍රියගේ නිරුවත ලෝකෙටම හෙලිවෙලා ඉවරයි. මෙයාලා දේශප්‍රේමීන් කියලා කියා ගත්තට දේශපාලන අතකොළු විතරයි.

:       35       28

Sunil Friday, 11 February 2022 10:30 AM

මේ පරපෝෂිතයා දැන් වැඩවර්ජනයක් මෙහෙයවන අතර එයට නායකත්වයක් දෙනවා. මේ කාලකණ්ණි දේශපාලනයට එන්නේ තමන්ගේ මඩිය තරකරගන්න පමණයි.

:       39       24

Bunny Preena Friday, 11 February 2022 10:43 AM

පව්, දියවන්නාවේ ඉතිරි 224 දෙනා වාහන පර්මිට් ප්‍රතික්ෂේප කරපු අයද දන්නේ නැහැ..?

:       1       71

Yalu Maluwo Friday, 11 February 2022 11:29 AM

"මෙ ඔක්කොම යාලුවො මල්ලි! මෙ අය කව්රුවත් හොරැ අල්ලන්නෑ මල්ලි." ආයේ රැවටිලා වැඩක් නෑ. සිතන්න!

:       1       149

පැරකුම් Friday, 11 February 2022 11:53 AM

දේශපාලුවෝ අතර කිසි භේදයක් නැත. කවුරු කවුරුත් එකතුවෙලා රටේ රීරි මාංශය උරා බොනවා.

:       0       12

Shan Friday, 11 February 2022 12:43 PM

තනිකරම වැරදි වැඩක්.ඔන්න මාලයක් දෙකක් කඩලා ජීවත් උනානම් කිසි ප්‍රශ්නයක් නැහැ

:       0       13

අසෝකා Friday, 11 February 2022 05:14 PM

රාජ්‍ය ධනය දේශපාලඥයින් විසින් නීතී සකසා සූරාගනු ලබන ඵක්තරා ආකාරයක උපායයන්ගෙන් ඵකක්. ජනතාවට සේවය කරන්න මේ තරම් සුඛෝපභෝගි වාහනයක් අවශ්‍යද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 67 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 747 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 362 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site