(නිමන්ති රණසිංහ)
පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවේ ඝාතකයන් සමඟ ‘ඉස්ලාම් රාජ්‍යයක් උදෙසා’ දිවුරුම් දුන් “සාරා ජෙස්මින්’ නැමැත්තිය ඇතුළු කාන්තාවන් 16 දෙනකුට රැකවරණය සහ ආධාර අනුබල දෙමින් අයි එස් මතවාදයන්ට අදාළ දේශනවලට සහභාගී වී අවි පුහුණුව ලැබූ බව කියන මොහොමඩ් සහ්රාන්ගේ මස්සිනා, නිතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා අද (11) නියෝග කළේය.
පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවේ මහ මොළකරු වූ මොහොමඩ් සහ්රාන් යන අය සමග කාන්තාවන් 16 දෙනකු ඇතු`ථ පිරිමි 09 දෙනකු “ඉස්ලාමීය රාජ්‍යයක් උදෙසා” දිවුරුම් දී ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති අතර, එම සැකකරුවන්ට ආධාර අනුබල දෙමින් මෙම සැකකරු ක්‍රියාකර ඇතැයි ද ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළව මෙම සැකකරු කාත්තන්කුඩි පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කර පොළොන්නරුව බන්ධනාගාරයේ රදවා සිටියදී, ඉකුත් 2021 වසරේ ජුනි මස 26 වැනිදින තම කොට්ඨාසය භාරයට ගත් බව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හම්බයින්ගේ යටි අරමුණු බමුණුආරච්චි මෙතැන පලකළාම බමුණුආරච්චි ජාතිවාදියෙක් කියලා සිංහල ගොබ්බයින් කියනවා. ඒ ගොබ්බයින් දන්නේ නැහැ මුස්ලිම් කියා ජාතියක් නැතිබවත්, තිබෙන්නේ ආගම් වාදය බවත්...!
හිනා කාලා මැරෙනවා... අවුරුදු 2ක් ගියා මෙයාලාට මේක කරගන්න.. එහෙම වුණේ ඇයි? ඇත්තටම බෝම්බේ ගැහැව්වේ isisලාමද? මෙච්චර මේක යට ගහන්න දඟලන්නේ ඇයි...?