IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


කොවිඩ් සෙල්ලමට ගත් මැතිසභේ සේවකයකුට දැඩි අවවාද

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

උණ ඇතුළු කොවිඩ්  ලක්ෂණ ඇති බව  දැන දැනත් පාර්ලිමේන්තුවට පැමිණ එහි අංශ ගණනාවකට ගොස් අල්ලාප සල්ලාපයේ යෙදෙමින්  වගකීම් විරහිතව කටයුතු කර ඇතැයි පැවසෙන කොවිඩ් ආසාදිත  සේවකයකුට වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා දැඩි ලෙස අවවාද කර ඇතැයි  වාර්තාවේ.

පාර්ලිමේන්තුවේ පිරික්සුම්  අංශයක සේවය කරන මේ සේවකයා පසුගිය දිනෙක  මුහුණ රතුවී තවත් විවිධ ලක්ෂණද  සහිතව ඉතා අපහසුවෙන් සිටිනු දැක ඇති සහෝදර සේවකයන් ඒ ගැන ඔහුට පවසා කොවිඩ්  පරීක්ෂණයකට වහාම යොමු වන ලෙස දැනුම්දී  ඇත. මේ අවස්ථාවේදී ඔහු "මට ඇති ලෙඩක් නැහැ. ලෙඩ තියෙන්නෙ උඹලටයි." යනුවෙන් පවසමින් බැන වැදී ඒ සේවකයන් වරින් වර බලහත්කාරයෙන්  වැළඳ ගෙන ඇතැයි දැනගන්නට ඇත.

පාර්ලිමේන්තු ප්‍රධානීන්ගේ දැනුම් දීම අනුව ඔහු කොවිඩ්  පරීක්ෂණයකට යොමු කිරීමට පසුව  පියවර ගෙන ඇත. ඔහුට කොවිඩ්  ආසාදනයවී ඇතැයි එම පරීක්ෂණයේදී  තහවුරු වූ  බව  පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ සේවකයා වැළඳගත් සේවකයා ඇතුළු එම අංශයේ තවත් සේවකයන් පස් දෙනෙකුටද කොවිඩ්  වැළඳී ඇති බව පසුව අනාවරණයවී ඇත.

සේවකයාගේ වගකීම් විරහිත  ක්‍රියාකලාපය නිසා එම අංශයේ  සේවකයන් අතරේ කොවිඩ්  පැතිර යන්නට ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු  විශ්වාස කරති.

පාර්ලිමේන්තුවේ කොවිඩ්  පාලනයට වේත්‍රධාරිවරයා දැඩි පරිශ්‍රමයක් දරන අවස්ථාවක   ඇතැම් සේවකයන් මෙලෙස වගකීම් විරහිතව කටයුතු කිරීම ගැටළු සහගත බව ඒ නිලධාරීහු ප්‍රකාශ කරති.

මේ සේවකයා පාර්ලිමේන්තුවට පැමිණ ඇත්තේ සිය පවුලේ සාමාජිකයන්ද උණ වැළඳී නිවෙසේ සිටියදී බව දැනගන්නට ඇත.

කොවිඩ්  වැළදී ඇතැයි  තහවුරු වීමෙන් පසු සේවකයා නිවෙසට පිටත්කර යවා ඇති අතර  ඔහු නිවෙසට ගිය පසුවද  එළවළු මිලදී  ගැනීම සඳහා  පොදු වෙළෙඳ පොළට ගොස් සිටියදී ගම්වාසීන් දැක පැමිණිලි කිරීමෙන් පසු  සෞඛ්‍ය අංශ නිලධාරීන් විසින් ඔහු නිරෝධායනයට නැවත යොමු කරනු ලැබ ඇතැයි වාර්තා වෙයි.



අදහස් (9)

කොවිඩ් සෙල්ලමට ගත් මැතිසභේ සේවකයකුට දැඩි අවවාද

de silva Tuesday, 08 February 2022 10:50 PM

අනිවාර්යයෙන් විනය පරීක්ෂණයක් තබා වැරැදිකරු නම් සේවයෙන් පහකරන්න. කාලෙකට ඉස්සර පාරේ මාස්ක් නොදා හිටපු මිනිස්සුත් උස්සගෙන ගොස් සති 2න් නිරෝධායනය කළා.. හැමෝටම ආදර්ශයක් වෙන්න මොහුට උපරිම දඬුවමක් දෙන්න. නැතිනම් මේ රට හදන්න බෑ. මිනිස්සු සර්ට ඡන්දෙ දුන්න ප්‍රධානම හේතුවක් තමයි රජයේ සේවකයින්ගේ විනය සෑදීම... සර් ක්‍රියාත්මක වෙන්න...

:       1       1

chandanaWednesday, 09 February 2022 04:38 PM

සිල්වා ඔයාට පිස්සුද? මෙයා ජාතික වීරයෙක් විදිහට සලකන්න ඕනෑ පුද්ගලයෙක්.. රට වෙනුවෙන් තම වගකීම නොපිරිහෙලා ඉටුකරලා තියෙනවා.

:       0       3

අගුපිලගේ Wednesday, 09 February 2022 06:31 AM

අපිට එන්නත් කාඩ්පත ගෙනයාමට කියන ගමන් රටේ රාජ්‍ය සභාවට පැමිණීමෙදි අවශ්‍ය නැහැ එහෙම වෙන්නෙ ඇයි

:       0       5

Asela Wednesday, 09 February 2022 08:08 AM

දඩයක් ගහලා වැඩ තහනම් කරන්න අනිත් අයටත් ආදර්ශයක් වෙන්න..

:       0       5

Pradeep Kumara Wednesday, 09 February 2022 08:19 AM

ඇයි පාර්ලිමේන්තුවේ සේවකයන් නැතුව දේශපාලකයින්ව බදාගත්තේ නැත්තේ..? එහෙම කළා නම් අද ජාතික වීරයෙක් වෙන්න තිබුණා...

:       0       9

සුබෝද Wednesday, 09 February 2022 09:14 AM

ඔන්න ඔහොම තමයි රජයේ සේවකයින් හැසිරෙන්නේ. ඕක රජයේ සේවකයින්ට පොදු ලක්ෂණයක්...!

:       2       13

uk ran Wednesday, 09 February 2022 09:25 AM

බලන්න මෙයා මොන දේශපාලන පක්ෂයක කෙනෙක්ද කියලා..? සමහරවිට කඩාකප්පල් කාරයෙක් වෙන්න ඇති..

:       5       4

sharm warn Wednesday, 09 February 2022 09:28 AM

අනේ මල්ලි.. ඔයා වැරැදි අයවනේ වැළඳගෙන තියෙන්නේ... යන්න තිබුණේ සභා ගැබට.. එතැන තමයි උණුසුම් වැළඳ ගැනීමට සුදුසු අය ඉන්නේ...

:       0       13

upali Wednesday, 09 February 2022 09:54 AM

පාර්ලිමේන්තුවේ නිසා දැඩි අවවාද ..! අපි කරා නම් හිරේ..!

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 276 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 802 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1217 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site