IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


වරායේ සිරව තිබූ කන්ටේනර් එළියට

(රංජන් කස්තුරි)

වරායේ මාස ගණනාවක් හිරවී තිබූ අත්‍යවශ්‍ය ආහාර සහිත කන්ටේනර් විශාල ප්‍රමාණයක් අද මුදාහැරියේය.

ඩොලර් හිඟය හේතුවෙන් නිදහස් කර ගැනීමට නොහැකි වූ  එම කන්ටේනර් මුදාහැරිමත් සමග වරායේ සිට ඔරුගොඩවත්ත රේගු අංගනය වෙත රැගෙනවිත් නිදහස් කළ බව ද වරාය අධිකාරිය කියයි.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගත් එම කන්ටේනර් පැමිණිමත්  සමග කිලෝමීටර් එකහමාරක්ට අධික දුරක් යනතුරු  පෝලිමට නතර කර තිබෙනු දැකගත හැකි විය.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොට වරායෙන් නිදහස් කරන්නැයි ජනපතිවරයා ඉකුත් දා  අදාළ අංශවලට උපදෙස් දුන්නේය. 

 



අදහස් (5)

වරායේ සිරව තිබූ කන්ටේනර් එළියට

ravin Wednesday, 09 February 2022 06:45 PM

දැන් එහෙනම් අත්‍යාවශ්‍ය කෑම මිල අඩුවෙයිද?

:       0       27

මහසෙන් Wednesday, 09 February 2022 07:21 PM

අනේ වාසනාවන්.. මාස ගාණක් කන්ටේනර් වල තිබිලා හොඳම තත්වේ ඇති. අත්‍යාවශ්‍ය අහාර නිසා. මෙච්චර කල් ගිහිල්ලා හරි මොලේ පෑදිලා ජනතාවට කවන්න මතක් වුණු එකට රෙස්පෙක්ට් "සර්"

:       9       38

විපරමා Wednesday, 09 February 2022 08:51 PM

කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය වෙනස් කරලා ජනතාවට කවන්ඩත් බැරි නැහැ.

:       6       27

kabara rala Thursday, 10 February 2022 12:05 PM

ලංකාවට ඩොලර් ප්‍රශ්නයක් නැහැ .තිබෙන්නේ වරාය සේවකයන්ගේ සහ ලොරි රියදුරන්ගේ අඩුපාඩුවක්

:       2       5

sharm warn Thursday, 10 February 2022 12:52 PM

මාස ගණනක් තියනකොට භාවිතයට සුදුසු තත්වයෙන් තියෙයිද ?මෙවාට ගෙවන මුදල් අපරාධ වියදමක් වෙයිද ?

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 654 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site