
(විමුක්ති එස් රුද්‍රිගු)
තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් සිටින ශ‍්‍රී ලංකා විදේශ අමාත්‍ය ජී.එල් පීරිස් මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ‍්‍රමනියම් ජයිශංකර් මහතා නවදිල්ලියේ පිහිටි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේදී අද හමු විය.
ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති ධීවර ගැටළු, ශ‍්‍රී ලංකාව මුහුණ දී සිටින බලශක්ති අර්බුදයට විසදුම්, ශ‍්‍රීලංකාව ශක්තිමත් කිරීමට සිදුකළ හැකි ආයෝජන සම්බන්ධයෙන් මෙහිදී පුළුල් ලෙස සාකච්ඡවට බඳුන් වූ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
ඉන්දියාව වෙනුවෙන් ඉන්දීය විදේශ ලේකම් ශ‍්‍රී හර්ෂ් වර්ධන් ශ‍්‍රින්ග්ලා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද ශ‍්‍රීලංකාව වෙනුවෙන් ඉන්දියාවේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරොගොඩ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද සාකච්ඡවට සහභාගී වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටයි කෝට් දාගෙන හිඟාකන්න යන ලස්සන...!