(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුවේ කටයුතු තීරණය කෙරෙන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමට කතානායකවරයාද අගමැති මහින්ද රාජපක්ෂ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුද  සහභාගී නොවූහ.

කතානායකවරයා එම රැස්වීමට සහභාගි නොවූයේ කොවිඩ්  වැළඳී නිරෝධායනයට යොමුවී සිටින නිසාය.

හදිසි රැස්වීම් කිහිපයකට සහභාගී වීම නිසා අගමැතිවරයා සහ විපක්ෂනායකවරයා  එම රැස්වීමට සහභාගී නොවූ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.