
(අජන්ත කුමාර අගලකඩ)
මාලඹේ පිහිටි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (ස්ලිට්)මහපොළ භාරකාර අරමුදල යටතට නැවත පවරා ගැනීමට රජය තීරණය කර ඇත.
ඒ සඳහා වෙළඳ ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට ඊයේ(07) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
මහපොළ භාරකාර අරමුදල යටතේ පැවති ස්ලිට් ආයතනය පසුගිය ආණ්ඩුව සමයේ ඉදිරිපත් කළ විවිධ අණ පනත් හරහා මහපොල භාරකාර අරමුදලින් බැහැර කර ඇතැයි ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම්දී තිබිණි.
ඒ අනුව එම අණපනත් අහෝසි කර ,ස්ලිට් ආයතනය මහපොළ භාරකාර අරමුදලට නැවත පැවරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
SLIIT එකක් තවත් අකාර්යක්ෂම ාජ්‍ය ආයතනයක් බවට පත්වෙනු ඇත. රටේ අධ්‍යාපනයට දෙයියන්ගෙම පිහිටයි. වර්තමාන පාලකයන් උගතුන්ට බුද්ධිමතුන්ට කැමැත්තක් නෑ. විශේෂයෙන්ම නව ප්‍රායෝගික වාදීන්ට. බන්දුලගේ ලංකා සතොස සේ ීීීීීී වීර වික්‍රමාන්විත අපි දැක්කා සුදුළූණු කේස් එකේ.
ඒත් එක්කම මෙය හොරට අල්ලාගත් තක්කඩින්ට දැඩි දඬුවම් දෙන්න. හොරා කාපු මුදල් නැවත අය කර ගන්න
දන්න කෙනෙක් කියනවද මේකෙන් වාසි සහ අවාසි......එතකොෙ දැන් මෙක රජයේ කැම්පස් එකක්ද නැතිනම් මොකද වෙන්නේ...
හොඳ වැඩක්
ස්ලිට් එකට රජයේ නියාමනයක් තිබුනොත් හොඳයි. ඒක දැනට යාවජීව සාමාජිකයන් කීප දෙනෙකුගේ පුද්ගලික දේපලක් වගේ තියෙන්නෙ. පටන් ගත්ත දවසෙ ඉඳල අවුරුදු විසි ගානක් තිස්සෙ එකම පුද්ගලයන් පාලනය කරන්නෙ. හැබැයි ඉතින් රජයේ පාලනය යටතට ගත්තොත් නම් රජයට තවත් බරක් වෙනවා.
රජයට පවරාගත තේ වතු ඇතුළු අනෙකුත් සියලුම ව්‍යාපාර වගේම මේකත් දියුණු කරලාම තමයි පස්ස බලන්නේ