(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සිත්ගන්නා සුළු පොලියක් ආයෝජනය කරන මුදල්වලට ලබාදෙන බව පවසා පුද්ගලයන් රැසකගෙන් රුපියල් කෝටි ගණනාවක් වංචා කළ බව කියන හොරණ රජයේ පාසලක ගුරුවරයකු සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇතැයි  අ හොරණ විශේෂ අපරාධ විමර්ශන අංශය කියයි

සැකකාර ගුරුවරයා ට එරෙහිව මේ වන විට වංචා විමර්ශන අංශයට පැමිණිලි 10 ක් මෙන්ම හොරණ පොලිසියට පැමිණිලි 25 කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇතැයි ද ලද පැමිණිලි අනුව වංචා කළ මුදල රුපියල් කෝටි තුනකට අධික බව උසස් පොලිස් නිලධාරියෙක් කීය

මෙම සැකකාර ගුරුවරයා ගේ වංචාවට බහුතරයක් ගුරුවරුන් සහ ගුරුවරියන් හසුවී ඇති බවත් ඊට අමතරව ඔවුන්ගේ ඥාතීන් ද මෙම කූට වංචාවට හසු වී ඇතැයි එම නිලධාරියා කීය

තමන් සිදුකරන ඇන්තුරියම් ව්‍යාපෘති සහ මැණික් ව්‍යාපාරයට මුදල් ආයෝජනය කළ හොත් රුපියල් ලක්ෂයක මුදලකට මාසිකව රුපියල් 20,000 ක ආකර්ෂණීය පොලියක් ලබා දෙන බවට පවසා අදාළ ගුරුවරයා මෙම මුදල් වංචාවේ යෙදී ඇතැයි විමර්ශන සිදු කර ඇතැයි පවසයි.