අජන්ත කුමාර අගලකඩ

රත්නපුර දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානයකට අලුතින් ස්ථානාධිපතිවරයකු පත්කිරීම සම්බන්ධයෙන් අද (07) පැවැති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ඇමැතිවරුන් දෙදෙනකු අතර මත ගැටුමක් හටගෙන ඇතැයි වාර්තා වේ.

තමා අදාළ ප්‍රදේශයේ සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා බැවින් තමාගෙන් නොවිමසා ස්ථානාධිපතිවරයකු පත්කර ඇතැයි ද එක් ඇමතිවරයකු චෝදනා කර ඇත.

ඊට පිළිතුරු දී ඇති තවත් ඇමතිවරයකු ප්‍රකාශ කර ඇත්තේ තමා ප්‍රදේශයේ ආසන සංවිධායකවරයා බවය.

ඔවුන් දෙදෙනාටම පිළිතුරු දී ඇති මහජන ආරක්ෂක ඇමති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රකාශ කර ඇත්තේ දේශපාලකයන්ගේ ලිපිවලට තමා පොලිස් ස්ථානාධිපතිවරුන් පත් නොකරන බවය.

පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කරන්නේ ඔවුන්ගේ සුදුසුකම් මත සහ සේවා අවශ්‍යතා මත පමණක් බව ද ඔහු එහිදි සඳහන් කර ඇත.