හරින් ගැන රනිල්ගෙන් මැතිසබයට ප්‍රකාශයක් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුයුදීන් මහතා අත්අඩංගුවට ගැනීම සහ හරීන් ප්‍රනාන්දු මහතා පාස්කු ප්‍රහාරය ගැන කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පොලිසිය ප්‍රශ්න කිරීම සමස්ත පාර්ලිමේන්තුවේම වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් බව හිටපු අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (19) ප්‍රකාශ කළේය. 19 July 2021
පළමු වසරට සිසුන් ගැනීමේ අයදුම්පත් භාර ගැනීම දීර්ඝ කෙරේ 2022 වසර සඳහා රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීමේ අයදුම්පත් භාරගන්නා කාලය අගෝස්තු මස 7 වැනිදා තෙක් දීර්ඝ කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (19) පැවසීය. 19 July 2021
’’අද විශ්වාසභංග ගේන්නේ රටට සහගහන විනාශය කැඳවූ පිරිසක්’’ වැඩ කරන ආණ්ඩුවකට විරුද්ධව බොරු විශ්වාසභංග ගෙන එමින් අද ලොකු ඝෝෂාවක් නගන්නේ පාස්කු ප්‍රහාරය කැඳවා මේ රටට සහ ගහන විනාශයක් ගෙන ආ පිරිසක් යැයි වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (19) පැවැසීය. 19 July 2021
අපරාධ නඩු විධිවිධාන පනතට කතානායක අත්සන තබයි අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) සහ වධදීමට සහ අනිකුත් කෘෘර අමානුෂික හෝ නින්දිත සැළකීමට හෝ දඬුවම්වලට එරෙහිව වූ සම්මුතිය (සංශෝධන) නමැති පනත් කෙටුම්පත්වලට සිය සහතිකය සටහන් කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවටඅද (19) දැනුම් දුන්නේය . 19 July 2021
කල්පිටිය දූපතේ සංචාරක ගම්මානයක් කල්පිටියේ පිහිටි දූපත් ආශ්‍රිතව ජල සංචාරක නිවාස සහ ජල බංගලා සඳහා අනුමැතිය ලබා ගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. 19 July 2021
මැතිසබය උණුසුම් වෙයි උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමේදී මතුවූ ගැටළුවක් හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ඇතිවූ සංවාදයක් නිසා මැතිසබයේ උණුසුම් තත්වයක් අද (19) පෙරවරුවේ ඇතිවිය . 19 July 2021
කැබ්රියේ ආ මාරයා සය හැවිරිදි දැරිය රැගෙන යයි පුත්තලම පරණ මන්නාරම මාර්ගයේ ගමන්ගත් කැබ් රථයක් වනාතවිල්ලුව මංගලපුර ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන අනතුරට ලක් වීමෙන් නිවෙසක මිදුලේ සෙල්ලම් කරමින් සිටි හය හැවිරිදි දැරියක මරණයට පත්ව තවත් දෙදෙනකු බරපතල ලෙස තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව වනාතවිල්ලුව පොලිසිය කියයි. 19 July 2021
මුලතිව් නිවෙසකට තියුණු ආයුදවලින් පහර දෙයි මුලතිව් මාන්තෙයි නැගෙනහිර පාණ්ඩියන්කුලම් ප්‍රදේශයේ නිවෙසකට තියුනු ආයුද රැගෙන ඇතුලු වූ පිරිසක් සිදුකරන ලද පහරදීමකදී එක් අයකුට බරපතල තුවාල සිදු කර දේපල රැසක් විනාශ කර පළාගොස් ඇතැයි මල්ලාවි පොලීසිය පවසයි. 19 July 2021
උසස් පෙළ- ශිෂ්‍යත්ව විභාග නොවැම්බරයේ මෙවර අ.පො.ස උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගයන් ලබන නොවැම්බර් මාසයේ පැවැත්වීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය. 19 July 2021
සත්වෝද්‍යාන ලබන සදුදා සිට විවෘතයි දෙහිවල සත්වෝද්‍යානය ඇතුළු දිවයිනේ සියලුම සත්වෝද්‍යාන සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ලබන 26 වැනිදා සඳුදා විවෘත කරන බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවැසීය 19 July 2021
කතක්, මගියකුගේ පහත් ක්‍රියාව විඩියෝ කර පොලිසියට දෙයි කැස්බෑව - පිටකොටුව බස් රථයක ගමන් ගත් සුරූපි කාන්තාවකට ඇය අසල ගමන් ගත් පුද්ගලයකු ඔහුගේ රහස් පෙදෙස පෙන්වද්දී එය ජංගම දුරකථනයෙන් හොර රහසේ පටිගත කර පොලිසියට අල්ලාදීමට සුරූපී කාන්තාවක් කටයුතු කළ බව කොහුවල පොලිසිය කියයි. 19 July 2021
ඇසළ පෙරහරට ගිය නැටුම් කණ්ඩායම්වල 15 කට කොරෝනා කතරගම මහා දේවාලයේ ඇසල පෙරහරට සහභාගිවු නැටුම් කණ්ඩායම්වල 15 දෙනකුට කොරෝනා ආසාදනයවි ඇති බවට තහවුරුවි ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. 19 July 2021
දැරිය මිය යාමේ සිද්ධියට රිෂාඩ්ගේ නිවැසියන්ගෙන් ප්‍රකාශ ගනිති හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ කොළඹ 7 නිවසේ සිටි 16 හැවිරිදි දැරියක් පිළිස්සී මිය යාමේ සිද්ධියට අදාළව දැරියගේ මව ගෙන් සහ මන්ත්‍රීවරයාගේ බිරිදගේ පියා හා මවගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 19 July 2021
නිරෝධායන නීති කැඩු 245 ක් පැය 24 කදී අල්ලයි නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 245 දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 19 July 2021
නෙල්කාට ඔලිම්පික් විනිශ්චයට වරම් ජපානයේ තෝකියෝ නුවරදී ලබන ජුලි 23 වැනිදා පැවැත්වීමට නියමිත “2020 ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියේ” බොක්සිං තරඟ තීරක හා විනිසුරුවරියක් වශයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂිකා ටී. නෙල්කා ශිරෝමාලා සුදුසුකම් ලබා ඇතැයි පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. 19 July 2021
අද දවසේ කාලගුණය සබරගමුව සහ මධ්‍යම පළාත්වල අද (19) විටින් විට වැසි ඇතිවන අතර බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 19 July 2021
කැබැලිත්ත දේවාලයට මහා පිරිස් ඇදෙති කතරගම පෙරහර බලන්න අවසර නොමැති නිසා බැතිමතුන් කැබැලිත්ත දේවාලයට වෙත ගමන් කරමින් සිටින බව වාර්තා වෙයි. 19 July 2021
’’අද හෙට කොළඹ ඉන්න ඕන’’:ජනපති අගමැති ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට දන්වයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා අද සහ හෙට ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් කොළඹ රැඳී සිටිය යුතු බවට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දැනුම් දී ඇතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත . 19 July 2021
වැරදි වැඩක් කළ චීන ජාතිකයෙක් මාට්ටු වරාය නගරය අධිවේගී මාර්ගයේ ඉදිකිරීමට කටයුතු සඳහා අනවසරයෙන් පුද්ගලයන් සිවුදෙනකු රැගෙන යාමට උත්සාහ කළ චීන ජාතිකයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 19 July 2021
ෆයිසර් එන්නත් හැටදහසක් කටුනායකට ශ්‍රී ලංකාව මිළදී ගත්, ’’ ෆයිසර් ’’ එන්නත් 60,000 ක තොගයක් අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආ බව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. 19 July 2021
විවිධ වැරැදිවලට සම්බන්ධ 3009ක් පොලිස් දැලේ දිවයින ම ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් 14000 යොදවා සිදුකළ විශේෂ මෙහෙයුමකින් විවිධ වැරදිවලට සම්බන්ධ සැකකරුවන් 3909 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 19 July 2021
කොල්ලුපිටියේ පාරවල් දෙකක ගමන අද එක දිසාවට කොල්ලුපිටිය, උත්තරානන්ද සහ රොටුන්ඩා මාවත්වල අද (19) පෙරවරු 6.00 සිට වාහන ධාවනය එක දෙසකට පමණක් සීමා කළ බව පොලිස් මූලස්ථානය පවසයි. 19 July 2021
උදයගේ විශ්වාසභංගය පරද්දන්න තීරණය කරයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය දීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කළේය 19 July 2021
රට රටවල කොරෝනා වාර්තා ජුලි 18 වැනි දා අවසන් වූ නව සතියෙන් ලොවපුරා රට රටවලින් වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත. 18 July 2021
අවුරුදු 12 ට වැඩි පාසල් සිසුන්ටත් කොරෝනා එන්නත වයස අවුරුදු 12ට වැඩි පාසල් දරුවන්ටද කොවිඩ් මර්දන එන්නත ලබාදීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි ඖෂධ නිශ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. 18 July 2021
කොරෝනා අවදානමක් නිසා පාර්ලිමේන්තුවේ කුස්සිය වහයි පාර්ලිමේන්තු මුළුතැන්ගෙයි සේවකයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීම නිසා එහි සියලුම සේවකයන් කොරෝනා පරීක්ෂණවලට යොමු කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පවසයි. 18 July 2021
‘‘කෝවිඩි අවදානමෙන් අප තවමත් මිදි නෑ‘‘ ශ්‍රී ලංකාවෙන් දෛනිකව වාර්තාවන මරණ සංඛ්‍යාව ශ්‍රී ලංකාව ‘කොවිඩ්’ අවදානමෙන් ගැලවී නොමැති බවට හොඳම සාක්ෂිය යැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. 18 July 2021
කොරෝනා ආසාදිතයන් 1022ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1022 ක් අද හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 18 July 2021
අන්තර් ප්‍රවාහන සේවා නතර කිරීමට හේතුව ඇමැති කියයි පළාත් සංචරණ සීමා තිබියදී සීමිතව යොදවා තිබූ බස් රථ හා දුම්රිය ධාවනය අගෝස්තු මස 01 දක්වා අත්හිටවීමට සිදුවූයේ එම බස් රථවල වැඩිපුරම ගමන් කොට තිබුණේ අත්‍යවශ්‍ය සේවාවලට ඇතුලත් නොවන පිරිස් වීම හේතුවෙන් බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. 18 July 2021
කොරෝනා ආසාදිත ගැබිනි මව්වරුන් 2250ක් ගර්භණි මව්වරුන් 2250 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 18 July 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026